ජාත්‍යන්තරව පිළිගත් ආර්ථික සමීක්ෂණ ආයතනයක් වන මූඩිස් ජාත්‍යන්තර ආයෝජන සේවාව (Mody’s Investor Services) පසුගිය සැප්තැම්බර් 28 දින නිකුත් කළ ස්වකීය නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2වල සිට Caal දක්වා පහළ හෙළා ඇත. මෙම පහළ හෙලීමත් සමඟ ශ්‍රී ලංකාව ඇංගෝලියාව, කොංගෝව, ගැබෝන්, ඉරාකය, මාලි, බාබඩෝස් වැනි රටවල් අයිති කාණ්ඩයට අවතීර්ණ වී ඇත. මෙම රටවල් විශාල ලෙස ණය මත දුවන පහළ ආර්ථික තත්ත්වයක් ඇති බිඳ වැටුණු රාජ්‍ය බවට පත්ව ඇති ඒවාය.
අපේ රට ඉතාමත් ඉහළ ණය අවදානමකට ලක්ව ඇති රටක් බවට පත්ව තිබීම මෙලෙස පහළ ශ්‍රේණියකට දැමීමට ප්‍රධාන හේතුව බව අනාවරණය වී තිබේ. 2020 – 2025 කාලය තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 4ක විදේශ ණය ගෙවීමට ඇත. එසේ තිබියදී තවත් ණය ගැනීමට ක්‍රියා කරන අතර පසුගිය සමයේ අමෙරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකමෙන් යුතු ස්වෛරි බැඳුම්කර නිදහස් කිරීමට ක්‍රියාකර තිබේ. මෙයද ණය ගන්නා ක්‍රමයක් වෙයි. මේ හැර අයවැය හිඟය, මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, දුර්වල ආයතනික ක්‍රියාකාරීත්වය සහ රුපියල අවප්‍රමාණ වීම ආදී හේතුද මෙම තත්ත්වයට බලපා තිබේ.
මෙහිදී ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් තර්ක කරනුයේ මූඩිස් ආයතනය අධිරාජ්‍ය ගැති එකක් වන අතර එය ශ්‍රී ලංකාව අවතක්සේරු කිරීම සඳහා උවමනාවෙන්ම මෙලෙස පහළ ශ්‍රේණියකට දමා ඇති බවය. ඒ නිසා ඔවුන් කියන්නේ මූඩිස් ආයතනයේ වාර්තාව ප්‍රතික්ෂේප කරන වගය. මෙය හුදෙක් දේශපාලන ඕනෑ එපාකම් මත රටට එරෙහිව සකස් කරන ලද්දකැයි ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ පවසා තිබේ.
එසේ වුවද මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙම වාර්තාව වැරදියැයි පවසනවා නම් එයට හේතු ඉදිරිපත් කළ යුතු බවය. එසේ නැතුව වාර්තා පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට දේශපාලනඥයන්ට අයිතියක් නැති අතර එසේ මතයක් ප්‍රකාශ කළ හැක්කේ ඒ පිළිබඳ කරුණු විශ්ලේෂණය කළ හැකි ප්‍රවීණ ආර්ථික විශේෂඥයන්ට පමණක් බව ඔවුහු කියති. එසේ නැතිව ජනතාව සතුටු කිරීම සඳහා සරල ප්‍රකාශ නිකුත් කිරීම වැරදි බව අදහස් කෙරේ.
මෙහිදී ගතහැකි සුදුසුම පියවර වන්නේ මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇති අඩුපාඩු පිළිගෙන ඒවා නිවැරදි කර යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීම බව ඔවුන්ගේ අදහසය. එසේ නැතුව එම වාර්තාව පිළිගත නොහැකි බව ප්‍රකාශ කිරීම විසඳුමක් නොවන බව ඔවුහු කියති.
එසේ වුවද ශ්‍රී ලංකාව අද කටයුතු කරන අන්දමට පෙනී යන්නේ වාර්තාව පෙන්වා දී ඇති වැරදි තීව්‍ර කිරීමට පියවර ගනිමින් සිටින බවය. මෙලෙස කටයුතු කිරීමෙන් සිදුවන්නේ ගැටලුව තවත් උග්‍රවීමක් මිස විසඳුමක් ලැබීම නොවේ. කෙසේ වුවද මුදල් අමාත්‍යංශය මෙම වාර්තාවේ සඳහන් ඇතැම් හේතු පිළිගත නොහැකි බවට දැනටමත් නිවේදනයක් නිකුත් කර ඇත. එයින් සිදුකර ඇත්තේ ප්‍රශ්නය යටපත් කර සුදු හුණු ගෑමක්ද යන ගැටලුවක් පැන නැගී ඇති අතර මෙය මේ අවස්ථාවේ නිකුත් කළ යුතු නොවන නිවේදනයක් බවද ඇතැම්හු පවසති.
මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ B2 ශ්‍රේණියේ සිට Caal දක්වා පහත හෙලීමට ගත් තීරණය වැරදි අතර එය අසාධාරණ වන අතර සාවද්‍ය විශ්ලේෂණ මත පදනම්ව ගත් තීරණයක් බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
එම ශ්‍රේණිගත කිරීම පහත හෙලීම පිළිබඳ කනස්සල්ල පළකර ඇති මුදල් අමාත්‍යංශය වසර පහකට පසු දේශපාලන හා ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සමඟ පැන නගින ව්‍යාපාරික විශ්වාසය විශාල වශයෙන් වැඩිදියුණු වී ඇති වේගවත් ආර්ථික ප්‍රකෘතියේ යථාර්ථයට සාධාරණත්වය ඉටු කිරීමට මෙම පහත හෙලීම අසමත් වී ඇති බවද කියයි.
කෝවිඩ් 19 වසංගතයේ ප්‍රතිඵලවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවද නැගීගෙන එන වෙළෙඳපොළ සමූහයේ සෙසු රටවල් මෙන්ම ප්‍රාග්ධන පිටතට ගලා ඒම, විනිමය අනුපාත අවප්‍රමාණය, මූල්‍ය ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම සහ රාජ්‍ය මූල්‍ය මත පීඩනය අත්විඳ ඇත. කෙසේ වුවද වසංගතයේ දේශීය ව්‍යාප්තිය සමඟ තීරණාත්මකව කටයුතු කිරීමට සමත් රටවල් අතලොස්සෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්ව තිබේ. රජයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව ගත් කඩිනම් තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව වර්ධනය හා ස්ථාවරත්වය කරා පැමිණෙමින් සිටින බවද මුදල් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ය. එහිදී වෙළෙඳ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියනය දක්වා යළි පැමිණීම ද අත්‍යවශ්‍ය නොවන ආනයන කප්පාදු කිරීම සමඟ වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩුව ඇති බවද පෙන්වා දේ.
සංචාරකයන්ට තවමත් රට තුළට පැමිණීමට අවසර දී නැතත් තොරතුරු තාක්ෂණ සේවා සහ නැව්ගත කිරීම් ඇතුළු අනෙකුත් සේවා අපනයන ශක්තිමත් වී ඇති අතර මන්දගාමී වෙතැයි අපේක්ෂා කළද මේ වනවිට විදේශ ප්‍රේෂණවල තියුණු වර්ධනයක් වාර්තා වී ඇති බවද කියයි.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මේ පිළිබඳ මෙලෙස අදහස් ප්‍රකාශ කරයි.
මෝඩි රේටින් යනු ජාත්‍යන්තරව පිළිගත් විමර්ශන ආයතනයක්. ඒ වාර්තාව මත තමා ලොව සෑම රටක් පිළිබඳවම තීරණ ගන්නේ. එවැනි වාර්තා වැරදිය යන්න හෝ පිළිගන්න බැහැය කියන්න හෝ කිසිවකුට හැකියාවක් නැහැ. මුදල් අමාත්‍යංශය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත්තේ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලලා බවයි පේන්නේ. එම නිවේදනය ජාත්‍යන්තර ආයතන පමණක් නොවේ අපේ රටේ සිටින ආර්ථික විද්‍යාව පිළිබඳ බුද්ධිමතුන් පවා පිළිගන්නේ නැහැ. එහි දක්වා ඇති කරුණු තර්කානුකූල නැහැ. වාර්තාව වැරදි නම් එයට හේතු කාරණා කියන්න ඕනෑ. ඒ නිසා වැරදිය හෝ පිළිනොගන්නවායැයි පැවසීම වැදගත් නොවෙයි. එය පිළිබඳ අදහස් ප්‍රකාශ කළ හැක්කේ අදාළ ක්ෂේත්‍රයේ දැනුමක් තියෙන බුද්ධිමත් ආයතනයක් හෝ පුද්ගලයෙක් පමණයි. එහෙම නැතිව රාජ්‍ය ආයතනයක් නිවේදන නිකුත් කළාට එහි ඇති වැදගත්කමක් නැහැ. ඒවායේ ප්‍රධානීන්ද රජය පත්කළ අය බව කිව යුතුයි.
මූඩිලාගේ තර්කය වන්නේ අපේ මූල්‍ය සුරක්ෂිතතාවයේ ඇති අඩුපාඩු පිළිබඳවයි. වත්කම් හා වගකීම් අතර සෘණාත්මක වෙනසක් තිබෙනවා නම් එවැනි රටවල් හෝ ආයතන බංකොලොත් ඒවා ලෙසයි සලකන්නේ. බංකොලොත් වූ අයට බැංකුවකින් හෝ මූල්‍යායතනයකින් ණයක් දෙන්නේද නැහැ. දැනට අපට මුහුණපාන්නට සිදුව ඇත්තේද ඒ තත්ත්වයයි.
කවදත් අපේ රටේ වියදම ආදායමට වඩා වැඩියි. ඒවා පුරුද්දක් වශයෙන් විවිධාකාරයෙන් ගත් ණයවලින් පියවාගන්නේ. එම තත්ත්වය මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව වඩාත් පුළුල් වුණා. කිසිදු විමර්ශනයකින් තොරව විශාල වශයෙන් බදු කපා හැරීමෙන් ආදායම අඩුවුණා. ආනයන අපනයන සීමා කිරීමෙන්ද බදු ආදායම අඩු වුණා. කර්මාන්ත ශාලාවලින්, ඇඟළුම්වලින් හා ව්‍යාපාරවලින් ලැබූ ආදායම් බදු අහිමි වුණා. බිලියන 150ක් වූ වාර්ෂික ආදායම කෝවිඩ් රෝග කාලයේ බිලියන 70ට අඩුවුණා.
ආදායම අඩුව තිබියදී වියදම බැරූරුම් ලෙස ඉහළ නැංවූවා. කෝවිඩ් 19 අවදානම නිසා ජනතාවට සහන දෙන්න විශාල මුදලක් වැය කිරීමට සිදුවුණා. ඒ අතරම විශාල ලෙස අලුත් බඳවාගැනීම් සිදුකළ අතර රාජ්‍ය සේවකයන්ට විවිධ වරප්‍රසාද දීමට මුදල් වැයවුණා. අයවැය පරතරය වැඩි වනවිට නුබුන්වත්භාවය ද වැඩිවෙනවා.
මේ වනවිට විශාල ලෙස විදේශ ණය ගෙවන්නට තිබෙනවා. ණය සේවාකරණය පිළිබඳ කිසිම සැලසුමක් ආණ්ඩුවට නැහැ. රාජ්‍ය අමාත්‍ය අජිත් කබ්රාල් කියන්නේ ඉන්දියාව ආදී රටවලින් ණය අරගෙන මේ ණය ගෙවන බවයි. මේ කතාව අතිසාරයට අමුඩ ගැසීම වැනි ප්‍රතිඵලයක් ලැබෙන එකක්. ණයවල අවසානයක් නැහැ. එන්න එන්නම ණය ප්‍රමාණය වැඩිවෙනවා. ණය ගෙවිය යුත්තේ තවත් ණයට ගෙන නොව රජයේ ආදායම් ජනනය කරගෙනයි. එහෙත් රජයට එවැනි සැලසුමක් නැති අතර පවතින ආදායම් මාර්ග පවා මේ වනවිට වැසී ගොස් තමා තිබෙන්නේ.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ තම සමීක්ෂණ අනුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඇති හැකියාව පහළ මට්ටමක පවතින බවයි. ඒ නිසා තමා ශ්‍රේණිගත කිරීමෙන් පහත හෙලා ඇත්තේ. කිසිවකු හෝ එය වැරදි බව කියනවානම් එයින් බලාපොරොත්තු වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමටයි. මෙම තත්ත්වය රජය විවෘතව පිළිගෙන එයට පිළියම් යෙදිය යුතු වෙනවා. එහෙම නැතුව වාර්තාව විවේචනය කිරීම හුදු ප්‍රයෝගයක් පමණයි.
ඇත්තවශයෙන්ම මෙම තත්ත්වයට සියයට 90ක් පමණ හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වාතාවරණයයි. සියයට 10ක් පමණයි රජයේ වගකීම වන්නේ. බාහිර ලෝකයේ බලපෑම් නිසා සිදුවන දේවලට අපට වගකීමට බැහැ. රජය ඒ පිළිබඳවයි පැහැදිළි කළ යුත්තේ. එහෙම නැතුව ගෙඩිය පිටින්ම වැරදියි කියලා පදනමක් නැතිව කියන එක නෙමෙයි. දේශපාලණීකරණය නොකර මේ ගැන කතා කළ යුතුයි. තත්ත්වය අවබෝධ කරගත් විට ජනතාව වුවද ඕනෑම කැපවීමක් කරාවි. යම් හැඟීමක් ඔවුන් තුළ ඇති වූ විට රටේ තත්ත්වය ගැන සලකලා වැඩිපුර බදු හෝ ගෙවීමට සූදානම් වේවි.
තවම මේ රජයට කිසිදු ආර්ථික සැලසුමක් නැහැ. ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා නැහැ. ආයතනික ප්‍රතිසංස්කරණ දක්නට නැහැ. අයවැය ලේඛනයක් පවා නොමැතිව තියෙන දේ ඇදගෙන යාම තමා දැන් කරන්නේ. රුපියල ක්ෂය වීම රටට අහිතකර වන්නේ ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම නිසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන අපට යම් පමණකට හෝ ණය දෙනවා නම් ඉදිරියේදී එහෙම දෙන්නේ දැඩි කොන්දේසි අනුවයි. අපට වැඩියෙන් සිදුවන්නේ වෙළෙඳපොළ ණය ගැනීමයි. වෙළෙඳපොළ ණය යනු විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය ගැනීමයි. එවිට වැඩි පොලියක් ගෙවන්න වෙනවා. උදාහරණයක් ලෙස කිවහොත් අප චීනයෙන් ණය ගන්නේ exim බැංකුව හරහායි. එවිට වෙළෙඳපොළ පොලියටයි යන්න වෙන්නේ. එසේම ණයට හිලව් වෙන්න භාණ්ඩ තමා දෙන්නේ. ගල් අඟුරු බලාගාර දීම, කෝච්චි පෙට්ටි සහ එන්ජින් දීම ආදී තමන්ට එපා වූ දේවල් තමා ණයට හිලවු වෙන්න අපට දෙන්නේ. මේ නිසා ණය අර්බුදය තව උග්‍ර වේවි.
මෙම මොන ආණ්ඩුව තිබුණත් පාලනය කරන්න බැරි හිරවීමක්. ඒත් ආණ්ඩුව මේ වෙලාවේ අවධානය යොමුකර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය වැනි වෙනත් දේවලටයි. බලය තහවුරු කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති අතර රට වැටී ඇති අගාධය ගැන නොදන්නා ලෙසයි කටයුතු කරන්නේ. පසුගිය යහපාලන රජය කළෙත් ඒ දෙයයි. මේ රජය කරන්නෙත් එයමයි.
සංශෝධනය වැනි වෙනත් දේවලටයි. බලය තහවුරු කර ගැනීමට ප්‍රමුඛක්වය දී ඇති අතර රට වැටී ඇති ආගාධය ගැන නොදන්නා ලෙසයි කටයුතු කරන්නේ. පසුගිය යහපාලන රජය කළේත් ඒ දෙයයි. මේ රජය කරන්නෙත් එයමයි. එය ඉතාම කනගාටුදායකයි.
යසවර්ධන රුද්රිගු