රටකට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එසේ මෙසේ පහසු කාර්යයක් නොවේ. එය ගහෙන් ගෙඩි එන්නා සේ කළ හැකි දෙයක්ද නොවේ. එමෙන්ම සෑම දෙයකම දෝෂ දකින්නට ලක ලැහැස්ති වී සිටින දේශපාලනඥයන් සිටින අප වැනි රටක ව්‍යවස්ථාවට අතගැසීම මහත් අසීරු කාර්යයකි. දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ලෙස හඳුන්වන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ. එම ව්‍යවස්ථාවෙ සඳහන් යම් යම් කරැණු වරින්වර වෙනස්වීම් වලට ලක් කළ අතර ඒවා ව්‍යවස්ථා සංශෝධන ලෙසින් හැඳින්විය හැකිය. ඒ අනුව මේ වනවිට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 වතාවක් සංශෝධනය වී තිබේ.
විදේශීය අනුක්‍රමණයක් හෝ අනුකරණයක් නොවූ දේශීය අංගෝපාංගයන් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අපට බොහෝ කලක සිට පැවැතිණි. එවැන්නක් සම්පාදනය කිරීම පහසු සහ සරල කර්තව්‍යයක් නොවන මුත් සංවාද පවත්වමින්, මහජන අදහස්ද ලබාගනිමින් දැන් හෝ අප එවැන්නකට මුලපිරිය යුතුම ය. එහෙත් එය සිදුවිය යුත්තේ නිවැරදිව මිස කඩිමුඩියේ නම් නොවේ. කඩිමුඩියේ සිදුකළ 19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩුකම් මේ වනවිට හොඳින් පෙනෙන්නට ඇති අතර එය පාඩමක් කොට ගත යුතුය. එම සංශෝධනය ඉවත් කරමින් නව 20 වැනි සංශෝධනය ගෙන ඒම රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. ඒ සඳහා ජනතාව කැමැත්ත දී තිබේ.
පසුගිය යහපාලන රජය විසින් ගෙනා වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ද එදා අත ඉස්සූ 19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට වත්මන් රජයේ අය පසුගිය කාලයේ බරපතළ විවේචන එල්ල කළ බව දන්නා දෙයකි. එම 19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා පවා වෙනස් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ බවත් සියලු දෙනාම දන්නා කරැණකි. තුනෙන් දෙකක පෙර නොවූ විරෑ අති විශාල ජනවරමක් පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් වත්මන් රජයට ලැබී තිබුණත් මේ 19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය නිසා තමන්ට ශක්තිමත් ලෙස නිසි තීන්දු තීරණ ගනිමින් කටයුතු කිරීමේ බාධාවක් බව රජය ප්‍රකාශ කරයි. මේ නිසා 19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තිබෙන එම බාධා ඉවත් කිරීමට මේ 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය රජය විසින් ඉතා ඉක්මනින් ගෙනැවිත් තිබේ. පසුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් රජය කියයි. රජය පවසන්නේ එය තරමක කල් ගතවන ක‍්‍රියාවලියක් නිසා වහාම 20 ගෙන ඒමට කටයුතු කර ඇත්තේ 19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය පාලනයට ඇති වූ බාධක ඉවත්කර ගැනීමට බවයි.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වනවිටත් සමාජයේ කථිකාවත ඇති වී තිබෙන අතර මෙම 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශයේ අප එදිනෙදා මගතොට හමුවන මහජනතාවගෙන් විමසීමක් කළෙමු.
දිසානායක - වේයන්ගොඩ
පහුගිය අවුරුදු පහ තුළම මේ රටේ ජනතාවට කිසි සෙතක් වන දෙයක් සිදුවුණේ නැහැ. ඒ ආණ්ඩුව ඒ අයගේ හෙංචයියන් එක්ක ඔවුන්ගේ වැඩ කටයුතු විතරයි සිදු කරගනු ලැබුවේ. අන්තිමට අපිට යුද්ධයෙන් පස්සේ නැවත මර බය දැනුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක එවකට හිටිය කිසිවෙක් මේ පාස්කු ප්‍රහාරය ගැන වගකීමක් අරගෙන කටයුතු කළේ නැහැ. ඔවුන්ට දඬුවම් දෙන්න බැරිවුණා. මේ සියල්ල සිදුවුණේ ඔය පහුගිය කාලයේ යහපාලන රජය විසින් ගෙන ආපු ඔය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඒ නිසා ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එකේ වැරැද්දක් අපි දකින්නේ නැහැ. ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයට වඩා අලුත් ව්‍යවස්ථාවක්ම ගෙනාව නම් හොඳයි කියලා තමයි මම කියන්නේ. රටට වැඩක් වෙන දෙයක් තමයි අපිට ඕන.
නාලනී - ගම්පහ
ඔය අලුතින් ගේන්න හදනවා කියන ව්‍යවස්ථා ගැන අපි දන්නේ නැහැ. ඇත්තටම අපිට ඕන නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක්. ව්‍යවස්ථා කියලා මොනවා ගෙනාවත් ජනතාවට වෙන සෙතක් නැහැ. කොයි ආණ්ඩුව ආවත් අපිට තමයි බර පැටවෙන්නේ. අද පොල් ගෙඩියක් සීයයි, කහ හොයන්න නැහැ. ඕවා තමයි ජනතාවට තියෙන ප්‍රශ්න. එහෙම නැතුව මේ ව්‍යවස්ථා.... ඒවා මොනවාද කියලා ජනතාවට ප්‍රශ්න නැහැ. දැන් මේ ආණ්ඩුව වුණත් ජනතාවගේ ප්‍රශ්න දිහා බලනව නම් හොඳයි ඒක තමයි කියන්න තියෙන්නේ.
සන්ධ්‍යා - දිවුලපිටිය
ඇත්තටම අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එක හොඳයි කියලා මම හිතනවා. අපි කොහොමත් ඡන්දේ දුන්නේ රටට වෙනසක් කරන්න. ඒ නිසා රට බලාපොරොත්තු වන වෙනසක් තියනව නම් හොඳයි. දැන් අපි දැක්කා ගිය ආණ්ඩුව නිසා රටට වුණ විනාසය. ජනතාවට සෙතක් වුණේ නැහැ. අඩුම තරමින් ජනතාවගේ ජීවිත ගැන මරණ බයක් යුද්දෙන් පස්සේ ආවේ ගිය ආණ්ඩුවේ කාලයේ පල්ලිවල බෝම්බ පිපිරුණු දවසේ. වත්මන් ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. එතුමා දන්නවා ජනතාවගේ ප්‍රශ්න මොනවද කියලා. එතුමා රුස්වීම්වලට ගියාමත් ජනතාව එක්ක කථාබහ කරනවා. ඒ නිසා මේ රටට අහිතකර වැඩක් එතුමා කරයි කියලා හිතන්න බැහැ. ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ.
නන්දසිරි - වැලිඔය
ආණ්ඩුව ඡන්දය කාලේ ඔය තුනෙන් දෙකක් ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් එයාලට ඕන දේ කරන්න කියලා හැමෝම දන්නවා. දැන් මේ අය පහුගිය රජයෙන් ගෙනාව තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිෂන් සභා සියල්ල අයින්කරලා තියෙනවා. එහෙම කරන්නේ අධිකරණයත් තමන් යටතට ගන්න. මොකද ආණ්ඩුවේ ඉන්න ඔක්කොම වංචා දූෂණවලට සම්බන්ධ අය. දැන් අපි දැක්කා පහුගිය සතියෙ මිනී මැරීමකට වැරදිකාරයා වුණ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට යනවා. දැන් ඒක සාමාන්‍ය මිනිහෙක්ට වුණා නම් මොකද වෙන්නේ? අද වෙනකම් හිරේ. එයාලට එක නීතියක් පොඩි මිනිස්සුන්ට එක නීතියක් තියෙන්නේ. දැන් අලුත් ව්‍යවස්ථා සංශෝධනයේ එයාලට ඕන දේ කරගන්න තමයි මොවුන් මේ තුනෙන් දෙක ඒ කාලේ ඉඳන්ම ඉල්ලුවේ දැන් ඕවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි ඉස්සරට ඕවා තේරෙයි. ඒ නිසා මේ 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට අපේ කැමැත්තක් නැහැ. 20 කියලා ඒ අය ගේන්නේ ඒ අයට කැමති දෙයක් කරන්න පුළුවන් වැඩපිළිවෙළක්.
පෙරේරා - කඳාන
ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්නේ රටේ ඊළඟ අගමැතිකමට එයාලාගේ පවුලේ කෙනෙක්ම පත්කරගන්න කියලා ජනතාව දන්නවා. නමුත් දැන් ජනතාවට මේවාට විරුද්ධ වෙන්න බැහැ. ඇයි ජනතාව දැන් ඒ අයට බලය දීලා ඉවරයි. දැන් මිනිස්සුන්ට වෙන්නේ කටඇරන් බලන් ඉන්න විතරයි. වෙන මොනවත් බැහැ ඒ අයට කරන්න. අනික ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න පුළුවන් කියන කාරණයෙන්ම ඕනෑම කෙනෙකුට පේනවා මේකෙන් මොකද වෙන්නේ කියලා. දැන් ඒ අය අධිකරණයත් ඒ අයට ඕන විදියට පවර ගන්නවා. රටේ ජනතාවට එක නීතියකුත් තවත් අයෙකුට තවත් නීතියකුත් තමයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. 19 තිබ්බ හොඳ ගන්නවා කියලා කිව්වත් 19 තියෙන හොඳ ඔක්කොම අයින් කරලා තමයි මොවුන් මේක කරන්නේ. ඒ නිසා දැන් මේ තිබෙන 19 ව්‍යවස්ථාව හොඳයි කියලා තමයි මම කියන්නේ.
පුෂ්පා - ගාල්ල
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මොකද වෙන්නේ කියලා රටේ සාමාන්‍ය ජනතාව දැනුවත් නැහැ. ඇත්තටම මුලින්ම කරන්න ඕන ජනතාව දැනුම්වත් කරන්න ඕන මොකක්ද මේ කරන්න යන්නේ කියන එක. මොකද දැන් ජනතාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේ ව්‍යවස්ථා සංශෝධනය නෙවෙයි. ජනතාවට තිබෙන්නේ ජීවන වියදම් ප්‍රශ්නය. බොහෝ උදවියට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ගෘහනියන් විදියට අපිට ඒක දැනෙනවා. ඒ නිසා රජය මුලින්ම කළ යුත්තේ මේ ජනතාවගේ ප්‍රශ්න මොනවද කියලා තේරුම් ගන්න එක ඊටපස්සේ තමයි. මේ ව්‍යවස්ථා සංශෝධනෙන් හරි අනෙත් මොනවා හරි කළ යුත්තේ ජනතාවට. ඇත්තටම දැන් තිබෙන ප්‍රශ්නය ව්‍යවස්ථාව නෙවෙයි. අනෙක සමහරු දන්නෙත් නැහැ මේ ව්‍යවස්ථා සංශෝධනේ කියන්නේ මොනවද කියලා.
පියසේන - කහතුඩුව
කොහොමත් නව ව්‍යවස්ථා සංශෝධනයක් රටට ඕනම මොහොත තමයි මේ මොහොත. මොකද පහුගිය කාලයේ ජනාධිපතිවරයාට බලය තිබුණට වැඩක් කරගන්න බලයක් තිබුණේ නැහැ මේ ව්‍යවස්ථා ප්‍රශ්නය නිසා. ඇත්තටම යහපාලන රජය මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් ජනතාව හිරකළා. මම දැන් අවුrqදු 40ක් විතර ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලෙනවා. ඒ නිසා මේ රටේ වෙන හැමදෙයක් ගැනම අපිට අත්දැකීමක් තියනවා. ඒ නිසා මේ ස්වාධීන කොමිෂන් සභා දැම්මා. ඒ වුණාට කෝ අන්තිමට සහරාන්ලා ඇවිත් බෝම්බ ගහලා යනකම් කවුrqත් දන්නේ නැහැ. ඒකේ වගකියන්න ඕන පොලිස්පතිවරයාට දඬුවම් ලබාදෙන්න තවම බැරිවෙලා තිබෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය විය යුතුයි. සමහrq ගේන තර්කය තමයි ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියන එක. නමුත් මේ රටේ පුරවැසියෝ ඉඳලත් බෝම්බ ගහලා යනකම් නවත්තන්න බැරි වුණානේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ 20 සංශෝධනය ගේන එක විතරක් නෙවෙයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ගේන්න ඕන කියන මතයේ මම ඉන්නවා.
විතානගේ - කළුතර
මොන වෙනස කළත් අපි කැමැතියි. හැබැයි අපිට වැඩක් වෙනවා නම්. මොකද පාලකයන්ට විතරක් වැඩක් වෙනව නම් ජනතාවට ඒකෙන් සේවයක් වෙන්නේ නැත්තම් අපි ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ජනතාවට වැඩක් වෙනවා කියලා දැන් බොහෝ අය කියනවා. අපි දකිනවා ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින් ගෙන ආ යුතුයි කියලා.
සටහන: හසිත් අංජන