ආන්දෝලනාත්මක ළමා අපචාර සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය සමයේ අසන්නට ලැබිණි. එසේ වාර්තා නොවුණු හා සැඟවූ සිදුවීම් රාශියක්ද තිබෙන්නට හැකිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තා කරන පරිදි දරුවන්ට හිංසනය හා කෘරත්වය සම්බන්ධ සිදුවීම්හි වර්ධනයක් පවතී. කොවිඩ් වසංගත සමය ආශ්‍රිත කාලයේදී නිවැසියන් හා කල් ගෙවන දරුවන්ට මෙසේ අපයෝජන කිරීම බරපතළ ගැටලුවකි. මෙම ළමා අපයෝජන ජාත්‍යන්තර දත්ත හා සැසඳීමේදී මහා බ්‍රිතාන්‍යයේ National society for prevention of cruelty of children නම් ආයතනය පවසන්නේ කොවිඩ් 19 හමුවේ බොහෝ රටවල් හුදෙකලා ක්‍රියාවලියට පත්වීමෙන් පසු කාලයේ ළමා හිංසන වැඩි වී ඇති බවය.
ළමා අපයෝජන සම්බන්ධයෙන් ලෝක තත්ත්වය එසේ වෙද්දී ශ්‍රී ලංකාවේ ළමා අපචාර වැඩි වී ඇති බව වාර්තා වන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි ආශ්‍රයෙනි. එහෙත් රටේ සිදුවන සෑම අපයෝජනයක් හෝ හිංසනයක් සම්බන්ධයෙන් වාර්තාවක් හෝ පැමිණිල්ලක් සිදු නොවන බවද කිව යුතුය. කෙසේ වෙතත් වර්තමාන ලංකාවේ දරුවන් තනි තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන් අපයෝජනයට ලක්කළ අවස්ථා ගැනද වාර්තා වී තිබේ. මේ සම්බන්ධ විමර්ශනයන්ගෙන් අනතුරැව පිරිමි දරැවන් අපයෝජනයට ලක්කිරීමේ නව ප්‍රවණතාවයක් දකින්නට ලැබෙන බව පොලිස් වාර්තා පෙන්නුම් කරයි.
පොලීසියට වාර්තා වූ ළමා අපයෝජන අතරින් ආසන්නතම සිදුවීම අසන්නට ලැබුණේ ගාල්ල බටදූව ප්‍රදේශයෙනි. වාර්තා වන ආකාරයට ගාල්ලට නුදුරැ පාසලක ඉගෙනුම ලබන පිරිමි දරැවෙකි. පන්ති බාර ගුරැතුමිය හා ඉතාමත් කුළුපග දරැවාගේ හැසිරීම පිළිබඳ යම් වෙනසක් පවතින බව පන්ති බාර ගුරැතුමියට නිරීක්ෂණය වී ඇත. ඇය සුපුරුදු ලෙන්ගතුකමින්ම දරුවා වෙත ළංවී කරුණු විමසුවාය. ගුරැතුමිය විශ්වාස නොකළ පරිද්දෙන් ඇය පුදුමයට පත්කරමින් යම් කරුණක් අනාවරණය කරන්නට දරැවා ඉදිරිපත් වූයේ ඉන්පසුවය.
ගොඩක් වෙලාවට මට එහෙම කරදර කරනවා යැයි දරුවා ගුරුතුමිය හමුවේ ප්‍රකාශ කර තිබිණි. දරුවාගේ කතාව ඇසූ ගුරුතුමිය දරුවාගේ සිත සනසා ගොස් විදුහල්පතිවරයා මුණගැසී දරුවා මුහුණ පා සිටින ගැටලුව කීවාය. අනතුරුව විදුහල්පතිවරයා තීරණය කොට තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමටය. ඒ අනුව ලිඛිතව කරුණු සටහන්කොට පැමිණිල්ල ගාල්ල පොලිස්ථානය වෙත යොමු කර ඇත.
එහිදී අදාළ ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ගාල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය වෙත බාර කෙරිණි. එම කොට්ඨාසයේ ස්ථානාධිපති වශයෙන් පත්වී පැමිණ දෙසතියක් ගතවන්නට මත්තෙන් ලැබුණු මෙකී ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් ඇය කඩිනම් පරීක්ෂණයක් ඇරඹුවාය.
අදාළ පාසලේ විදුහල්පතිවරයා මුණගැසී අවශ්‍ය කරුණු සාකච්ඡා කොට පන්ති බාර ගුරුවරිය හරහා අපයෝජනයට ලක්ව ඇතැයි කියන දරුවා හඳුනාගෙන සුහදව කතාබහ කළේය.
කාටවත් කියන්න එපා කීවා. එහෙම වුණොත් ළමා නිවාසෙට යන්න වෙයිලු. මටනම් එහෙම ගිහින් ඉන්න බෑ. මුදලාලි මාමා තමයි කීවේ. මටනම් ඒවා කියන්න බෑ
අපයෝජනයට ලක්ව සිටි දරුවා ප්‍රථමයෙන් වරුණි බෝගහවත්ත මහත්මිය හමුවේ එසේ කීවේය. දරුවාගේ මානසිකත්වය අවබෝධ කොටගත් ඒ මහත්මිය දරුවාගේ හිත සැනසුවාය. සිය ගුරැවරිය තරමට ඇය කෙරේ විශ්වාසයෙන් දරුවා ටිකෙන් ටික කරුණු හෙළි කළේ ඉන් පසුවය.
අපේ ගමේ කඩේ අයිති මාමා තමයි එහෙම කරන්නේ. ඉස්සරෝම කඩේට යද්දි මාළු පාන්, බනිස් එහෙම මාරුවෙන් මාරුවට දුන්නා. ඒවා නිකන් දෙන නිසා අපිත් ගියා. පස්සේ අයිස් චොක් දුන්නා. ඒවා හරිම රසයි. ඊළඟ දවසේ ගියාම අයිස් චොක් දෙන්නද අහලා ඒවා ඕනෙනම් මෙහාට එන්නකො කියනවා
මේ ආකාරයට කරුණු හෙළිකළ දරුවා පවසා ඇත්තේ තවත් ළමයින් ගණනාවක් ඔහු හා එසේ හැසිරෙන බවය. එක් අයකු පමණක් හඳුනන බවද අනෙක් පිරිස් නාඳුනන නමුත් දුටුවොත් හඳුනාගත හැකි බවද ප්‍රකාශ කොට ඇත. ඒ අනුව සෙසු දරුවා හඳුනාගෙන විමසීමේදී එම දරැවාද කියා තිබුණේ පෙර කී දරුවාගේ කතාවට සමාන අදහසකි.
එම දරුවා කියා ඇත්තේ තමා කඩේ මාමා සමඟ පළමුව ගියේ පහ වසරේදි බවය. තවමත් වරින් වර එසේ යන බවත් දැන් ඔහු හත වසරේ ඉගෙන ගන්නා බවද කියා ඇත. මේ ආකාරයට වසර දෙකක් තිස්සේ වරින්වර අපයෝජනයට ලක්කර ඇති මේ දරුවා කියා ඇත්තේ කඩේ මාමා සමඟ තවත් ළමයි එසේ හැසිරෙන බවය. එම ක්‍රියාවෙන් පසුව රු. 20ක මුදලක්ද ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. මුදලාලි මාමාගේ කඩේ කාමරයකත් නිවසේ කාමරයක මෙන්ම ඉහළ මහලේ කොන්ක්‍රීට් තට්ටුව මතත් ළිඳ ළඟ සහ කඩය පසුපස කෙසෙල් පඳුර යට සහ පුරන් කුඹුරේ නියර ආශ්‍රිතව මේ සිදුවීම් සිදුවන බව එම දරුවා ප්‍රකාශ කර ඇත.
කොරෝනා නිවාඩුවට අපි සරුංගල් යැව්වා. වෙන අයගේ සරැංගල් කඩාගෙන ඇවිත් කඩේ මාමාගේ කෙසෙල් කොරටුවට වැටෙනවා. අපි ගිහින් ඒවා අහුලනවා. සමහරදාට අපිට කලින් කඩේ මාමා ඒවා අහුලලා තියනවා. අපි යද්දි සරුංගලේ ඕනනම් මෙහෙට එන්න කියලා කෙසෙල් පඳුරට එක්කගෙන යනවා යැයි එම දරුවා කියා ඇත. එම දරැවා මෙන්ම එසේ පැමිණි තවත් අයකු අඳුරන බවත් ඒ ආකාරයට ළමයින් 20 – 30 අතර ප්‍රමාණයක් මුදලාලි මාමා ඇසුරු කරන බවද එම දරුවා කියා ඇත.
මෙම සැකකාර පුද්ගලයා විවාහකයෙකි. අවුරුදු 70ක පමණ වයසේ පසුවන ඔහුට දරු තිදෙනකු සිටින අතර ඔවුන්ගෙන් අයකු ව්‍යාපාරිකයකු වේ. සෙසු දෙදෙනා රජයේ උසස් රැකියාවල නිරතව සිටිති. බිරිඳට හා දරුවන්ට රහසේ සිදුකරන මේ අකටයුත්ත වරෙක ඔහුගේ දරුවකු විසින් දැක පියාට හා ඔහු සමඟ සිටි දරැවකුට බැණ එලවා ඇතැයිද වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 70 හැවිරිදි සැකකාර ළමා අපයෝජකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
වර්තමානයේ වාර්තා වී තිබෙන ළමා අපචාර සම්බන්ධ විමර්ශනයේදී පිරිමි දරුවන් අපචාර සඳහා යොදාගැනීමේ ප්‍රවණතාවක් පවතින බවට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. එබැවින් පිරිමි දරුවන් වෙළෙඳපොළට, අමතර පන්තියට ඥාති නිවෙස්වලට හෝ හදිසි අවස්ථාවකදී පිටස්තර තැනකට යවනවානම් ඒ පිළිබඳ මවුපියන් හා වැඩිහිටියන් දැඩි අවධානයකින් පසුවීම වැදගත් බව ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අවධාරණය කරයි.
ගාල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරැණි බෝගහවත්ත මහත්මිය සමඟ පොලිස් කොස්තාපල් 5721 සහ 58829 විදානපතිරණ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර