‘'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’’ යන කියමන අපගේ කතානායිකාව දුටු වහාම සිහිවිය. සැබැවින්ම ඇය සෞන්දර්යය කලා නිර්මාණ සිතුවම් කිරීමට උපන් හපනියක්ම වූවාය. ඇයගේ නිර්මාණ දුටුවිට ඒ සඳහා වෙනත් අටුවාටිකා අවශ්‍ය වන්නේ නැත. අපගේ කතානායිකාව පදිංචිව සිටින්නේ ඇල්පිටියේය. දෙපා වාරැ නැතත් ඇයගේ සිතේ සවිය තිබෙන බව ඇය දුටුවිට හැඟී යයි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹුවේ මෙරට සිටින උපාධිධාරීන්ගේ විරුකියාවට පිළියමක් ලබාදීමටය. උපාධිය හිමි සෑම අයකුටම එමගින් රුකියා සඳහා අවස්ථා හිමිවිය. සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම සිටින උපාධිධාරීන්ට රුකියා ලැබෙන විට වසර හතක් මුළුල්ලේ උපාධිය අතැතිව සිටි අපේ කතානායිකාවටද වර්තමාන රජය යටතේ මේ වන විට රැකියා පුහුණුවක් හිමිවී තිබේ.
වසර හතක් මුළුල්ලේ දෙපා වාරැ නොමැතිව රුකියාවක් නොමැතිව නිවෙසට වී කාලය ගත කළ අපගේ කතානායිකාව සොයා අපි ඇල්පිටිය නාගහතැන්න ප්‍රදේශයට පියනැගුවෙමු. ඇය නමින් ට්‍රිෂිලා මධූ ගුණවර්ධනය. අප එහි යන විට ඇය රුකියා පුහුණුවට ගොස් සිටියාය. ඇයගේ මව වන දමයන්ති පතිරගේ මහත්මිය අප සමඟ කතාවට මුලපිරුවාය.
‘’දුව උපාධිය අරගෙන වසර 7ක් පමණ නිවෙසට වී තමයි කාලය ගත කළේ. ඇය 2013 වසරේ තමයි රැහුණු විශ්වවිද්‍යාලයේ කලා උපාධිය නිම කළේ. දරුවාට පොඩි කාලේ ඉඳන් කිසි ලෙඩක් තිබුණේ නැහැ. 1998 අවුරැද්දේ ඇය පහ වසරේ ඉගෙනුම ලබන විට ඇයට උණ රෝගයක් වැළඳුණා. ඒකෙන් පස්සේ තමයි දරුවාගේ දෙපා පණ නැති වුණේ, ඒ වුණත් ඇය මහන්සිවෙලා ඉගෙනගත්තා. කවදාවත් ඒ ඉගෙනීම අපතේ ගියේ නැහැ. ශිෂ්‍යත්වය පාස්වෙලා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයට ගියා. ඊටපස්සේ 2007 අවුරුද්දේ තමයි එයා කැම්පස් ගියේ. අපේ දරුවා හරිම සමාජශීලී දරැවෙක්. ඇය මේ තත්ත්වයේ ඉන්න ගමන්ම පසුගිය කාලයේ තාප්පවල චිත්‍ර ඇඳීමේ කටයුතු කරද්දි සිය කැමැත්තෙන්ම ගිහින් ඇල්පිටිය රෝහලේ තාප්පයේ චිත්‍ර ඇන්දා, උපාධිධාරීන්ට රුකියා ලබාදීමේ අවස්ථාවේදී බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායිකා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇයට එම රැකියා පුහුණු පත්වීම ලබා දුන්නා. අපිට හරි සතුටුයි දරැවාට මෙහෙම දෙයක් හම්බවුණු එකට.’’
ඇයගේ මව පවසන පරිදි රෝගය වැළඳීමෙන් අනතුරුව ට්‍රිෂිලාව සිය පාසල වෙත දිනපතා රුගෙන ගොස් ඇත්තේ මව විසිනි. අදටද ඇයගේ සෑම කටයුත්තකටම ඇයගේ පියා, සහෝදරයා සහ සහෝදරිය උදව් කරන බවට ඇය පවසන්නීය.
පසුගිය කාලයේ රට පුරා නගරවල පිහිටි අපවිත්‍ර වී තිබෙන තාප්පවල, බස් නැවතුම්වල චිත්‍ර ඇඳීමේ රුල්ලක් දක්නට ලැබිණි. ඇල්පිටිය මහ රෝහලෙහි තාප්පයද ඒ වන විට පොස්ටර් මාරයාගේ ගොදුරක් වී පැවති අතර එම ප්‍රදේශයේ තරැණ කණ්ඩායම එම තාප්පය පිරිසුදු කර සිතුවම් කිරීමට උත්සුක වූහ. මේ සඳහා අපගේ කතානායිකාවද පැමිණ සිය කැමැත්තෙන්ම ඇල්පිටිය රෝහලේ තාප්පය බිතු සිතුවම් කරන්නට සහාය වූවාය. දෙපා වාරු නැතත් සිතේ සවිය හිමි ඇයගේ මෙම ක්‍රියාව එදා ඇල්පිටියට පැමිණෙන සියලු දෙනා අගය කළහ.
උපාධිධාරීන්ට ලැබුණු රැකියා පුහුණුව අවසන් කළ ට්‍රිෂිලා මේ වන විට නිවෙසට පැමිණ සිටි අතර ඇය මෙලෙස දේශයට අදහස් දැක්වීය.
‘’මම පහ වසර ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා ඇල්පිටිය ආනන්ද විදුහලට ගියා. ඊටපස්සේ 2007 මගේ උපාධිය සම්පූර්ණ කළා. අවුරුදු 7ක් විතර ගෙදර තමයි හිටියේ. ඒ වගේම මට මේ අවස්ථාව ලබාදුන් ගීතා කුමාරසිංහ මහත්මියට මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා. මගේ කටයුතු සියල්ලම මේ වනතෙක්ම සිදු කරන්නේ මගේ අම්මා. ඒ වගේම මගේ තාත්තා, සහෝදරිය සහ සහෝදරයා මට මගේ අනෙකුත් වැඩ කටයුතුවලට උදව් කරනවා. මම යම් යම් නිර්මාණ කරනවා. ඒ වගේම සමාජයේ මොනවා හරි වැඩක් තිබුණොත් මම ඒවාට සහභාගි වෙනවා. පසුගිය කාලයේ ඇල්පිටිය රෝහලේ චිත්‍ර අඳින වෙලාවේ මට ඒ අය ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. දැනට මම ඇල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පුහුණුව ලබනවා. ඇත්තටම රටට වැඩදායක දෙයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව.’’
සිය දෙපා වාරු නැතත් සිතේ සවිය තිබෙන ඇයගේ අදහස වී ඇත්තේ තමා ඉගෙනගත් දෙයින් රටට වැඩක් කිරීමය. ට්‍රිෂිලාගේ මේ බලාපොරොත්තුව සඵල වේවා යැයි දේශයේ අපි ඇයට සුබ පැතුම් පිරිනමමු.
හසිත් අංජන