ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයෙහි නූතන බලාත්මක ව්‍යවස්ථාව 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව නමින් හැඳින්වේ. මෙය ක‍්‍රි. ව. 1978 ක් වූ අගෝස්තු මස 31 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් නීතිගත ලාංකීය ව්‍යවස්ථාව බවට පත්විය. මෙය නිර්මාණය වීම සඳහා ලාංකීය ජනරජයක් බවට පත්වූ 1972 කරළියට පැමිණ ලාංකීය පළමු ජනරජ ව්‍යවස්ථාවෙහිද ස්වෛරීභාවය බොහෝ ලෙස හේතු විය. කෙසේ වෙතත් මේ මොහොත වනවිටත් එකී දේශයෙහි ප‍්‍රගමණයෙහිලා නිර්මාණය වූ ව්‍යවස්ථාව 19 වතාවක් වෙනස්කම්වලට භාජන වී අවසන්ය. මෙකී වෙනස්කම් අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ලෙස හඳුනාගෙන ඇත්තෙමු.
මෙම ගෙන එන ලද ව්‍යවස්ථා සංශෝධන අතුරින් එක් සංශෝධනයක් පමණක් පාර්ලිමේන්තුවට පවා ගෙන ඒමට නොහැකි වූ අතර එය දොළොස් වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. රටෙහි මූලික නීතිය (Fundamental law) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාපතිව ඇති නීතිය ලෙස අර්ථ දැක්වුවද අන්තර්ගතයෙහි ඇති ප‍්‍රබල විෂමතා හේතුවෙන් එය එළිදැක්වූ 1978 වර්ෂයේ සිටම විවිධ සංශෝධනයන් ගෙන ඒමට සිදුවිය. එය කෙතරම් සුවිශාල වූ ඛේදවාචකවක්ද යන්න පැහැදිලි වන්නේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව එළිදක්වා දශකයක් යන්නටත් පෙර එනම්, 1988 වනවිටත් මෙය සංශෝධනයන් 12 කට භාජන වීමයි. ඒ තුළින්ම 78 ව්‍යවස්ථාපිත අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සඵලත්වය පිළිබඳ උගත හැකිය. මෙසේ පැමිණි සංශෝධන ගලායෑම වර්තමානය වන විට 19 දක්වාම පැමිණ ඇත.
77 ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළ යම් ප්‍රමාණයකට ලංකාවේ ආණ්ඩුව ස්ථාවර විය. එසේ වුවද පසුගිය කාලයේ පාර්ලිමේන්තුව අස්ථාවර වීම තුළ අප ලැබූ අත්දැකීම නම් ආණ්ඩුවේ අස්ථාවරත්වය මත සියල්ල බිඳවැටී යාමය. ඇතැමුන්ගේ මතය වන්නේ බහුතර බලයක් සහිත බලවත් ආණ්ඩුවකට ඇතැම්විට ඒකාධිපති ගමනක් යෑමට මඟ පෑදෙනු ඇති බවය. එසේ වුවද ආණ්ඩුව අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නේ නම් එය පාලනය කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට දේශපාලන පක්ෂවලට පැවරෙන්නේ සුවිශාල කාර්යභාර්යකි. කෙසේ වෙතත් ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් සමස්ත සමාජයම යහපතකි. දේශපාලනයේ යහපත් භාවයට, ආර්ථිකයේ උන්නතියට, සමාජ ප්‍රගමනයට ඉන් ලැබෙනුයේ සුවිශාල පිටුබලයකි. විශේෂයෙන්ම අප වැනි පාවෙන ආර්ථිකයක්, අස්ථාවර ආර්ථිකයක් ඇති රටක ආර්ථික දියුණුව වෙනුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය අතිශයෙන්ම වැදගත්ය. විදේශීය අනුක්‍රමනයක් හෝ අනුකරණයක් නොවූ දේශීය අංගෝපාංගයන් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අපට බොහෝ කලක සිට පැවැතිණි.
කඩිමුඩියේ කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩුකම් මේ වනවිට හොඳින් පෙනෙන්නට ඇති අතර අප එය පාඩමක් කොටගත යුතුය. පුද්ගල අවශ්‍යතාවන් නොව ජාතික අවශ්‍යතාවන් ඉටුකළ හැකි අන්දමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇත්තේ එබැවින්ය. පසුගිය 2 වැනිදා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රී මහතා විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අතර එහිදී 20 සංශෝධනය පාර්ලිමේන්තුවට යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පනත් කෙටුම්පත ගැසට් කර සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමත් සමග 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලරහිත වේ. එහෙත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5කට සිමා වීම, ජනාධිපතිවරයාට ධුරය දැරිය හැකි කාලය වාර දෙකකට සිමා වීම, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5කට සීමාවීම ඒ ආකාරයෙන් තවදුරටත් සිමා වනු ඇත.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි වනු ඇතැයි වාර්තා වේ. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණ කොමිෂන් සභාව තවදුරටත් ක්‍රියාත්මක වන අතර විගණන කොමිෂන් සභාව අහෝසි වනු ඇතැයි වාර්තා වේ.
අගවිනිසුරැවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරැවරැන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරැන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සමාජිකයන්, නිතිපතිවරයා, විගණකාධිපතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔබ්බුස්මන්ඩ්) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා පත් කිරීම් බලයද ජනාධිපතිවරයා සතුවනු ඇත. අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබන අමාත්‍යවරැන් සංඛ්‍යාව සඳහා පනවා තිබූ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැකි බවට පනවා තිබූ සීමාද මින් ඉවත්කර ඇතැයි සඳහන්ය.
වර්තමාන රජය විසින් ගෙන එනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශයේ අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු.
හිතුමතේ ගේන 20ට අපි විරුද්ධයි
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්:
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරලා 20 වැනි සංශෝධනය කිරීමට අපි කිසිවිටෙකත් එකඟ වන්නේ නැහැ. ඒ වගේම අපි ඒකට විරුද්ධයි. අලුත් ආණ්ඩුව මැතිවරණයට පෙර සිටම 2/3 බලයක් ඉල්ලා සිටියේ මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. පහුගිය යහපාලන රජය විසින් ගෙනාපු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවට හිතැති ව්‍යවස්ථාවක් කොමිෂන් සභා ස්ථාපනය කරලා ජනතාවට තොරතුරැ දැන ගැනීමේ අයිතිය තහවුරු කරලා තිබෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනය අපි අනුමත කරන්නේ නැහැ. මේක ආණ්ඩුව සම්පූරණයෙන්ම තමන්ගේ හිතුමතයට කරන එකක් උතුරු නැගෙනහිර ජාතික ප්‍රශ්නය ගැන කථාවෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධයි.
තමන්ට වැඩ කරගන්න ගේන සංශෝධනයක්
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක:
වර්තමාන ආණ්ඩුව මුලසිටම ජනතාවගෙන් 3/2 බලයක් ඉල්ලා සිටියේ මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න විශේෂයෙන්ම ද්විත්ව පුරවැසියන්ට මෙහිදී මැතිවරණවලට ඉදිරිපත් වීමේ හැකියාව නැවත ලබාදීලා තිබෙනවා. ඒ මගින්ම අපිට පේනවා මොකක්ද මේ ආණ්ඩුව කරන්න හදන්නේ කියලා ජනතාවට සෙතක් වෙනවා කිව්වට ජනතා හිතවාදී ව්‍යවස්ථාවක් නෙවෙයි මොවුන් මේ ගෙන එන්නේ. තමන්ට අවශ‍්‍ය කටයුතු කරගන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මොවුන් මේ ගෙන එන්නේ.
20 ගෙන ඒමෙන් රට ස්ථාවර කරගන්න පුළුවන්
ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය:
19 වැනි සංශෝධනය කියල කියන්නෙ අන්තර්කාලීන යෝජනාවලියක්. 19 සම්මත වනවාත් සමග ඉතාම කෙටි කාලයක් ඇතුළත නව ව්‍යවස්‌ථාවක් සම්මත කර ගැනීම කළ යුතුව තිබුණා. නමුත් එය සිදු නොවීම නිසා යම් අස්‌ථාවර බවක් රටතුළ මතු වී තිබෙනවා. මේ නිසා අඩුම තරමේ රට තුළ යම් ස්‌ථාවර භාවයක් ඇති කරන්න 20 වැනි සංශෝධනය යොදාගත හැකියි. ඒ නිසා ඇත්තටම සිදුවන්නේ අස්‌ථාවර වෙලා තිබෙන රට 20 වැනි සංශෝධනය මගින් ස්‌ථාවර වීමයි. වත්මන් රජය මෙය මොන විදියට ක්‍රියාත්මක කරනවද කියන එක පිළිබඳව අපි විමසිල්ලෙන් ඉන්නවා. තවමත් අපිට එය ලැබිලා නැහැ. ඒක ලැබුණම තමයි එහි තිබෙන අඩුපාඩු අපිට පෙන්වා දිය හැක්කේ කොහොමත් ජනතා හිතවාදී ප්‍රජාත්‍රන්තවාදී ව්‍යවස්ථාවක් තමයි අපිට අවශ්‍ය වන්නේ.
19න් රටම පඹගාලක පැටලුණා
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල:
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවෙලා තියනවා. ඒ වගේම තව සති දෙකක් පමණ යනවිට මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා පසුගිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා අපි පඹගාලක පැටලී හිටිය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම හැමවිටම විපක්ෂය කියා සිටියා අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ අපිට ඕනෑ විදියට කටයුතු කරන්න කියලා. නමුත් අපි කියන්න කැමතියි ඒ 19 වැනි සංශෝධනයේ තිබෙන ඇතැම් කරැණු අපි අරගෙන තියෙනවා 20 සංශෝධනය කරන්න කොහොමත් රටට අහිතකර කිසි දෙයක් අපි සිදුකරන්නේ නැහැ. රටට හිතකර විදියේ ව්‍යවස්ථා සංශෝධනයක් තමයි අපි ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ.
සටහන: හසිත් අංජන