නොදන්නා තැනක හැංඟෙන්නම මිස අහස අත්හැර යන්න, ඉරට හඳට බැරි වුණාට නෑවිදින් ඉන්න පුළුවන් ඒ අයට අපට අහස ඇස ගැහෙන ඉහත්තාවකට... සඳ නෑවිදින් පිටගම් ගිය දවසක ඔහේ තැනින් තැන මලානික තරු එළි ළාවට දිලිසෙද්දී, සීතල දැවටී වෙලීගෙන සුළඟ එහෙ මෙහෙ යද්දී, කළුවර හාත්පස වැතිරෙද්දි, ගඟක් දිගේ ඇළක් දිගේ නැත්නම් මහ මුහුදක මධුවිත විඳිමින් සංගීත සංනාද සංධ්වනියක් එක්ක හුදෙකලා වෙන්න ඇත්නම් මට හිතෙන්නෙම...
අපි ජීවිතය ඉල්ලන එක තැනක් තමයි ඒ...
අපි හිටියේ TOPDECK RESTAURANT BOAT එකේ. කොළඹ දියත උයනේ. දියවන්නාවේ...
දියවන්නා TOPDECK RESTAURANT BOAT කියන්නෙ SEVEN SAILS SHIPPING AND MARITIME (PVT) LTD කියන ලොකු පවුලේ එක සාමාජිකයෙක් විතරයි.
SEVEN SAILS SHIPPING AND MARITIME (PVT) LTD. අයිතිකාරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දීර්ඝ කාලීන සේවයකින් පසු නාවික හමුදා ජීවිතයට සමුදුන් රියර් අද්මිරාල් ඩී.කේ. දසනායක. ඔස්ට්‍රේලියාවේ ඉඳන් ඉගෙනගෙන ලංකාවට ආව ඉසුරු දසනායක, පුතයි තාත්තයි දෙන්නම මේ SEVEN SAILS අයිතිකාරයෝ කීවොත් හරියටම හරි.
කීවනේ මුලින්ම දියත උයනේ TOPDECK RESTAURANT BOAT කියන්නේ SEVEN SAILS FAMILY එකේ එක සාමාජිකයෙක් විතරයි කියලා. ඇත්තටම SEVEN SAILS මහ මුහුද හා බැඳිච්චි ක්ෂේත්‍ර ගණනාවක අතු පතර විහිදවූ ව්‍යාපාරයක්. ඒ වගේම මහ මුහුද හා නැවුම් සංචාරක අත්දැකීම් බොහෝමයක් සංචාරකයන් වෙත නොමසුරුව ලබාදෙන ව්‍යාපාරයක්.
ආසා හිතෙන්නෙ නැද්ද ඉන්දියාවේ ධනුෂ් කොඩි පැත්තෙ බෝට්ටුවක ගිහින් එන්න... මොකෝ ආසා නැත්තේ නේද? ඔන්න ළඟදිම SEVEN SAILS එක්ක ඔයාට ඒ ගමනත් ගිහින් එන්න පුළුවන්... රසට කන බොන ගමන්... මධුවිතක් එක්ක කතා කරන ගමන්... දියවන්නා සවාරිය ගැන කියන ගමන් ඒ රහසත් ඔයාට කියන්න මට හිතුණා...
තිස් පහකට තිස් හයකට යන්න ඉඩ තියෙන දියවන්නාවේ TOPDECK BOAT එකේ එදා හිටියේ අපි කීපදෙනයි... බ්‍රහස්පතින්දා ඉඳන් ඉරිදා වෙනකම් දවස් හතරේ හවස 5.00 ඉඳන් රූ 11.00 වෙනකම් පැය එකහමාරේ බෝට්ටු සවාරි තුනක් විතර යන්න ලෑස්තිවෙලා ඉන්න දියවන්නාවේ TOPDECK BOAT එකේ අපි යන්න තෝරාගත්තේ බ්‍රහස්පතින්දා හවස පහේ සවාරිය....
සී ප්ලේන් එකක් එහෙම යන දවසක් වෙලාවක් වුණානම් එයා බිමට එන හැටිත් හරි අපූරුවට මේ ගමනෙදි බලන්න පුළුවන්... සොබාදහම කියන්නේම අවසන් පදය කවදාවත් ලියන්න බැරි කවියක් කියලමයි මට හිතෙන්නේ... ගිම් නිවන්න උරහිස දන් දීගෙන කතා කරන්න ගහට වැලට පුළුවන්. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන්න පුළුවන් ගසකට තරම් ආදරයේ බෝසත්කම් ගැන උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් තවත් නෑ... කුරුල්ලන් කිරිල්ලියන් දහ අතේ ඉගිල්ලිලා ඇවිත් කූඩු වෙච්චි වෙලාව. දහවලේ කෑගැහිල්ල අඩු වුණාට මොකෝ එහේ මෙහේ කිචිබිචිය...
කිරිල්ලියන්ගේ ඉවරයක් නැති කියවිල්ල... දියවන්නාවේ TOPDECK BOAT සවාරිය යද්දි ගස් ගොම්මන අතරේ තාම කුරුලු කිචිබිචිය. කුරැලු කියවිල්‍්ලේ ඒ ඕපාදූප රසවිඳින්න හිතුණේ සොබාදහම එක්ක මුහුවෙන්න තියෙන ආසාවට පත්තරකාර සෙවිල්ලෙ බැලිල්ලෙ පුරුද්දත් එකතු වෙච්චි හින්දමද මන්දා...
BBQ චිකන්, උණු උණු හැඩකාර සොසේජස් කරලක්, හොඳ රස්නෙට බැදුණු අල තීරු, ලස්සන සැලඩ්, බටර් එක්ක රස බනිස්...
කන්න හිතෙනවා නේද? BBQ... ආසයිනේ ඔයා?
මම වගේම නිර්මාංශ කෙනෙක් නම් බැදපු අල තීරු, සැලඩ්, බටර්, බන් එක්ක වෙනමම විදිහෙ කෑම පිඟානක් ඔන්න ඔයාට පිළිගන්වනවා...
පාවි පාවී දියවන්නාවේ යන ගමන් ඔයාගේ Wedding Anniversary එක, Birthday party එක, කී නොකී පොඩි පොඩි සාද හිතට ළඟම ආදරණීයයන් එක්ක සමරන්න ආස නම් ඔන්න ඒකටත් TOPDECK BOAT ලෑස්තියි. ඔයාලට ඕනෑ විදිහේ කෑම බීම ඉසුරුලත් එක්ක කතා කරගෙන ලෑස්ති කර ගන්නත් පුළුවන්.
අපි හොයන්නෙම ජීවිතයට ලස්සනම මතකය අත්නොහැර යන අත්දැකීම් නම් නිසැකවම මේ සොඳුරු සවාරියත් එහෙම අත්දැකීමක් වේවි.
යන්න ගිහින්ම බලන්න...
තවත් විස්තර මම කියනවට වඩා www.topdeck.lk වෙබ්අඩවියට හරි Topdeck Colombo FaceBook Page එකට හරි ගිහින් බැලුවොත් මම හිතන්නෙ වැඩිය හොඳයි.
හරි පුදුමයි.. දියවන්නාවේ ගිහින් එද්දි නොහිතුණොත් ඔයාට SEVEN SAILS SHIPPING AND MARITIME දසනායකලත් එක්ක කතා කරලා ඉන්දියාවේ ධනුෂ් කොඩිත් ගිහින් එන්න ඕනෑමයි කියලා...
හරි එහෙනම්.. ආයෙත් මුණගැහෙමු.
/ ස
සේයාරූ - සුමුදු හේවාපතිරණ