මාධ්‍යයේ හිටපු ඔබ එකපාරට දේශපාලනයට එන්නේ කොහොමද?
මාධ්‍යකරුවෙක් විදියට මම දේශපාලන වැඩසටහන් තමයි ඉදිරිපත් කළේ. සාමාන්‍යයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් කිසියම් දේශපාලන භූමිකාවක නියැලෙනවා. සමහරු එය ප්‍රසිද්ධව කළා. සමහරු එය ප්‍රකාශිතව කළා. මම එය සිදු කළේ ප්‍රකාශිත ලෙස. මේ රට බේරාගැනීමේ කාර්යභාරයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාව ගැන කතාබහක් මතු වුණා. ඒ තුළත් මම විශාල ලෙස ඉදිරිපත් වෙලා කටයුතු කළා.
දේශපාලනය මාධ්‍යයට වඩා බොහොම අභියෝගාත්මක භූමිකාවක්. ඔබ මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වුවහොත් ජනතාවට වග කියන අයකු ලෙස එම වගකීම බාරගන්න සූදානම්ද?
නියත වශයෙන්ම අගෝස්තු මස 6 වැනිදා ඉඳලා කළුතර ජනතාව වෙනුවෙන් මම වග කියනවා. මේ මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය මම තේරැම් ගත්තා. මේ ආසන අට පුරා ඉන්න ජනතාව ගැන මම මේ වන විට හැදෑරීමක් කරලා තියෙනවා. ඒ ජනතාවට ආර්ථික ප්‍රශ්න ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවාට උත්තරයක් හොයන්න තමයි මම දේශපාලනය කරන්නේ. අද කළුතර දිස්ත්‍රික්කයේ තියෙන සෑම ගැටලුවක් ගැනම මට අවබෝධයක් තියෙනවා. කළුතර නගාසිටුවීම තමයි මගේ එකම අරමුණ.
ඔබ ඇයි දේශපාලනයේ දී පොදුජන පෙරමුණ තෝරාගත්තේ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මම තෝරාගත්තා කියනවට වඩා කියන්න පුළුවන් වෙන්නේ මේක ආරම්භයේ සිටම මම සිටියා කියන එක. 2015 ජනාධිපතිවරණය පැරදුණාට පස්සේ මේ රටේ නව දේශපාලන පක්ෂයකට ඉඩක් නිර්මාණය වුණා.
එම අවස්ථාවේදී මේ දේශපාලන පක්ෂය බිහි වුණා. පක්ෂය බිහිවන අවස්ථාවේ ඉස්සරහම පේළියේ හිටිය මිනිහෙක් තමයි මම. ඉතින් මේක අපි හදපු පක්ෂය. රටට ගැලපෙන ජනතාව වෙනුවෙන් ඉන්න පක්ෂයක් තමයි පොදුජන පෙරමුණ ලෙස අපි නිර්මාණය කළේ. ඒ නිසා අපි මේ හදපු පක්ෂය එක්ක දේශපාලනය කරමින් ඉන්නවා. ඒ නිසා ඒක තෝරාගැනීමක් කියලා කියන්න බෑ.
ඔබ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලෙන විට ජනතාව එක්ක කතාබහ කරනවා. මොනවද ඔබ හඳුනගත්ත ප්‍රශ්න? මොනවද ඒ ප්‍රශ්න වෙනුවෙන් ඔබට දෙන්න තියෙන විසඳුම්?
දැන් ගමකට ගියාම සමහරැ හිතනවා ගමේ සමිතියට පුටු ටික ගන්න ඕන කියලා. නමුත් ඒවා නෙවෙයි තියෙන ප්‍රශ්න. කළුතර බොහෝ ජනතාවට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒකට උත්තරයක් ලෙස කළුතරට අලුත් ආර්ථිකයක් හදනවා. ඒ වගේම පානීය ජලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක හැකි ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා. කළුතර කිතුල් කර්මාන්තකරැවන් දැඩිව ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. රබර් කර්මාන්තය දැනට කඩා වැටිලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු දේවල් නැවත නගාසිටුවලා මෙරට ආර්ථිකය අතින් ප්‍රමුඛ දිස්ත්‍රික්කය කළුතර කරන්න මම කැපවෙනවා.
මේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තියෙනවා. එය කොවිඩ් එක්ක තවත් පහතට වැටිලා තියෙන්නේ. ඉතින් කොහොමද ඔය දෙන පොරොන්දු ඉෂ්ට කරන්නේ?
අපේ සම්පත් රාශියක් තියෙනවා. රට පුරාවටම ඒ නිෂ්පාදන කටයුතු අපි නැවත ආරම්භ කරන්න ඕන. මේ ලෝකයේ බොහොමයක් රටවල් ගොඩ ගියේ එක්කෝ මොනව හරි වවලා. නැත්තම් මොනවා හරි හදලා. මේ කොවිඩ් එක්ක අපිට අපේ වගා සංග්‍රාමයන් ගැන නැවත මතක් කිරීමක් වුණා. ඒ නිසා අපිට මේ රටේ ආර්ථිකය ජය ගන්න පුළුවන් වැඩිකල් නොගිහින්.
දේශපාලන වේදිකාවල කතා වෙනවා වගේ ඔබලාට 2/3ක් ගන්න පුළුවන්ද?
අනිවාර් යෙන්ම මෙවර මහ මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා. 2/3ක බලයක් ගන්නවා. මේ වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා තියෙන්නේ. එජාපය ගැන කලකිරුණු බොහෝ පිරිස් අපිට මෙවර මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය ලබා දෙන බවට විශ්වාසයි. මේ රජය කොවිඩ් සමයේ ගත්ත තීන්දු තීරණ ගැන ජනතාවට මතකයි. මේ රජය ගැන බොහෝ දෙනාට විශ්වාසය තියෙනවා.
කොහොමද දැන් සමගි ජනබලවේගයේ බලාපොරොත්තු?
මැතිවරණය ජයග්‍රහණය කරලා ආණ්ඩුව පිහිටුවලා ශක්තිමත් ආර්ථිකයක් හදලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීලා ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කරන එක තමයි සමගි ජනජන බලවේගයේ මූලිකම පරමාර්ථය.
ඔබත් කියනවා ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. නමුත් වර්තමාන රජයත් පවසනවා ඔවුන් 2/3ක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවනවා කියලා?
2/3ක් තියා දැන් ඒ අයට 113 වත් ගන්න බැරි බව තේරිලා තිබෙනවා. මාස 9ක් තිස්සේ මේ රට ආර්ථිකයමය වශයෙන් පහළට වැටිලා තිබෙනවා. දැන් ඒ අයට ජනාධිපතිවරණයේදී ඡන්දය දීපු අයට අද ලංකාවට එන්න විදියක් නැති කරලා තිබෙනවා. රජයේ සේවකයන් ගැන ඒ අය බැලුවේ නැහැ. ජනතාව ගැන ඔවුන් සැලකිල්ලක් දැක්වූවේ නැහැ. එහෙම තියෙද්දී කොහොමද ආණ්ඩුව 2/3ක් ගන්නවා කියලා කියන්නේ?
කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ විවිධ ජනතාව ජීවත්වන ප්‍රදේශයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බලකොටුවක් කියලා කොළඹ ප්‍රසිද්ධයි. එහෙම තියෙන කොළඹ ඔබ කොහොමද ජයගන්නේ?
එජාපයේ හිටපු ආසන සංවිධායකවරැ 13ක් ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන්. දැන් අපේ ජන පදනම මොකක්ද කියලා හැමෝම දන්නවා. ඒ වගේම එජාපයේ ඉන්න 99ක් දැන් සමගි ජන බලවේගයට ඇවිත් ඉන්නවා. 2015 එජාපය කොළඹ දිනුවේ ලක්ෂ දෙකකින්. නමුත් එජාපය ජනතාවට සේවය කළේ නැහැ. මේ තත්ත්වය තුළ තමයි මෙය නිර්මාණය වුණේ. ඒක නිසා තමයි 2019 අපි ලක්ෂ දෙකකින් පරදින්නේ. ජනතාව ඒ පීඩනය තමයි පිට කළේ. ඒ පීඩිත ජනතාව තමයි දැන් සමගි ජනබලවේගය වටා එක්වී තියෙන්නේ. මැද කොළඹ, කොළොන්නාව ඔක්කොම දිනන්නේ අපේ සමගි ජන බලවේගය. ඒ වගේම ගෝඨාහය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න විශාල ප්‍රමාණයක් මෙවර සමගි ජන බලවේගයට තමයි ඡන්දය දෙන්නේ. ඒ නිසා ඡන්ද දායකයාට අලුත් රටක් හදන්න ෆේල් නොවුණු නායකයෙක් ඕනෑ වෙලා තිබෙනවා. ඒ නිසා ගෝඨාභය මහත්තයාගේ දර්ශනය ක්‍රියාත්මක වෙන්නේ සජිත් ප්‍රේමදාස කියන ෆේල් නොවුණ නායකයා ආවොත් විතරයි.
ඔබ දකින විදියට ආණ්ඩුව පරාජය කරන්න ඔබලා පත් කරන්න ඕන කියන කාරණා මොනවාද? ඇයි රටේ ජනතාව ඔබලාට ඡන්දය දෙන්න ඕන?
මේ රටේ පාර්ලිමේන්තුව තමයි ජනතාවට වග කියන ආයතනය. එතකොට මේ රටේ වග කියන ආයතනයට යා යුත්තේ නිර්මාණශීලී කණ්ඩායමක්. ක්‍රියාශීලී කණ්ඩායමක්. අද බලන්න මහින්ද මහත්තයා එක්ක ඉන්නේ එතනෝල්කාරයෝ, බුකිකාරයෝ වගේම වංචා දූෂණවලට සම්බන්ධ අය ඔක්කොම ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නේ මහ බැංකු වංචාවට සම්බන්ධ අයයි, ඩීල්කාරයොයි. වැඩිම නිර්මාණශීලි ක්‍රියාශිලී කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය වටා. මේ අනිත් පක්ෂ දෙකේම නායකයන් අවුරුදු 70ට වැඩියි. සජිත් ප්‍රේමදාස විතරයි අවුරුදු 60 අඩු නායකයා. ඒ නිසා එතුමාට දීලා බලන්න අලුත් රටක් නිර්මාණය කරන්න. එහෙම හැදුවෙ නැත්තම් අවුරැදු පහෙන් ආයේම යවන්න පුළුවන්.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විශාල ලෙස ඡන්ද පොරොන්දු ලබා දෙනවා. නමුත් දැන් ජනතාවට මේ පොරොන්දු දේශපාලනය තිත්තවෙලා තියෙන්නේ. ඔබ හිතනවද මේ පොරොන්දු දේශපාලනයෙන් වැඩක් වෙයි කියලා?
පොරොන්දු දේශපාලනය අදාළ වෙනවා. මේ රටේ දුප්පත්ම ජනතාවට ප්‍රේමදාස මහත්තයා එද්දීත් මේ වගේ මඩ ගැහුවා. නමුත් එතුමා විශාල ලෙස ජනතාවට සේවය කළා. අපේ බේස් එකත් මේ රටේ දුප්පත් ජනතාව. ඒ අයට ඒ අයගේ ජීවිත ඊළඟ අදියරට ගේන වැඩපිළිවෙළ දැනගන්න අවශ්‍යයි. ඒ වගේම මධ්‍යම පාන්තිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය අවශ්‍යයි. ඒ දෙක තමයි අපි මේ ගෙනියන්නේ.
► හසිත් අංජන