බන්ධනාගාරවලට හා ඒවායේ ලොකු ලොක්කන්ට පාටිකාරයන් හෙවත් දඩ කණ්ඩායම් නැතිවම බැරිය. පාටිකාරයන් නැති හිරගෙයක් නැත්තේද එබැවිනි. ඉකුත් 7 වැනිදා වැලිකඩ අයි 1 වාට්ටුවෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයකු හමුවූයේ මේ අතරය. ඒ කන්දකාඩුවේ සිට නඩුවකට වැලිකඩට ගෙනා රැඳවියකුගේ සෙම පටල පරික්ෂාවේදීය.
ඒ බැව් තහවුරු වනවිට එම රුඳවියා ජුනි මස 27 දා සිට ජූලි 7 දක්වා දින 14ක් පුරා වැලිකඩ රැඳවියන් හා නිලධාරීන් රැසක්ම ඇසුරු කොට අවසන්ය. අයි 1 වාට්ටුවේ සිටි රැඳවියන් 174 දෙනකු ඒ සමඟම කන්දකාඩු කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයට යැවුණේ අනෙකුත් රැඳවියන්ගේ ආරක්ෂාවටය.
ඒ අතර වෙනත් බන්ධනාගාරවලට ආගිය හා මාරු කළ රැඳවියන් ගණනද විශාලය. ඒ නිසාම මහරට මාරු කළ රැඳවියන් 125ක් පමණ නිරෝධායනය සඳහා මාදුරු ඔය කඳවුරට යැවීමට සිදුවී තිබුණි. අනෙකුත් බන්ධනාගාරවලටද මෙම තත්ත්වය උදා වී තිබුණු බවට වාර්තා විය. වැලිකඩ ඒ 1 වාට්ටුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරැ කර යැවූ අයවලුන් අතර බාබර් පාටියේ රැඳවියකු වූ බවටද කතා පැතිර ගියේ ඇසිල්ලකිනි.
ඔහු නවක රුඳවියකු වූ නිසාම එහි සිරමැදිරියක රඳවා තැබුවේ තවත් රුඳවියන් දෙදෙනකුද සමඟිනි. එහිදී කිසියම් රෝගී ලක්ෂණයක් මත පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකළ එම රුඳවියා කෝවිඩ් ආසාදිතයකු බවට හඳුනා ගනු ලැබුවේ ඉකුත් 11 දාය. ඒ වනවිට මුළු බන්ධනාගාර රෝහලම ගිනි ගෙන තිබුණේ තවත් කොරෝනා රුඳවියකු හමුවීමේ පුවතද සමගිනි.
ඔහු හා සිරමැදිරියේ සිටි රැඳවියන් දෙදෙනා පිළිබඳව ඊළඟට මතු වූ සැකයද අඩු නොවීය. ඒ වනවිටත් ආසාදිත රුඳවියා දින ගණනාවක්ම රෝහලේ බාබර් පාටියේ කටයුතු කරමින් වාට්ටු ගානේ ඇවිද ගොස් රෝහලේ රුඳවියන් හා නිලධාරීන් හමුවූ බවද හෙළිවූයේ මේ අතරය. එහිදී වාට්ටු අංක 1,2,3,4,5,6 කෙරෙහිද විශේෂ අවධානය යොමුවී තිබුණි.
ඒ වනවිටත් එම වාට්ටුවල රැඳවියන් ගණනාවකගේම කොණ්ඩය හා රැවුල කැපීමද ඔහු විසින් සිදුකර ඇති බවද කියැවිණි.සාමාන්‍යයෙන් මසකට වතාවක් වැලිකඩ බන්ධනාගාරයෙන් බාබර් පාටියේ රැඳවියකු රෝහලට එවනුයේ එහි රුඳවියන්ගේ කොණ්ඩා, රුවුල් කපන්නටය. මෙම රැඳවියා එම කාර්යයේ යොදවා තිබුණේද ඒ නිසාය. මොහු බන්ධනාගාර රෝහලේ පාටි රාජකාරිවලට යොමු වී තිබුණේ ඉකුත් 7 හෝ 8 දා බවටද ඒ සමඟම තොරතුරු වාර්තා වී තිබුණි. කෝවිඩ් ආසාදිතයකු බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් හෙළිවන විට ඔහු වාට්ටු ගණනාවකම රැඳවියන්ගේ කොණ්ඩා රැවුල් කපා අවසන්ය. ඒ අතර වෛද්‍යවරයකු හා ජේලර්වරයකුද සිටි බව කීවේ එම රෝහලේම නිලධාරීන් පිරිසකි.
සාමාන්‍යයෙන් බන්ධනාගාරයක පිටත සැලුන් එකින් හැර බන්ධනාගාර තුළ බාබර් පාටිවලින් කොණ්ඩය හා රැවුල බෑම කිසිදු නිලධාරියකුට තහනම්ය. ඒ නිසාම වෛද්‍යවරැන් බන්ධනාගාර සැලුන්වලට යන්නේද නැත. මෙම වාට්ටු අතර 3 වාට්ටුව ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ සුපිරි බලවතුන් රැසකගේ සොඳුරැ නිවහන එතැන නිසාය. මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, රිමාන්ඩ් භාරයේ පසුවන නීතීඥ අජිත් ප්‍රසන්න ඇතුළු බලවතුන් ගණනාවක්ම සිටිනුයේ මෙම වාට්ටුවේ බවට තොරතුරැ හෙළි වී තිබේ.
මෙම සුපිරි වාට්ටුවේ කොණ්ඩා රැවුල් කපන රාජකාරිය බාබර් පාටියේ රැඳවියගෙන් ඉටු වන බවටද ආරංචි ඇතත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරක් කිසිවකුත් හෙළිකරන්නේ නැත. රෝහල් ගතවූ සෑම සුපිරි රැඳවියකුටම මොහුගෙන් කොණ්ජය රුවුල කැපීමට අයිතියක් ඇත. ඒ නිසාම බාබර් පාටියේ සේවය ලබාගන්නට ඔවුන්ද පෙළඹුණා විය හැකිය. එහෙත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට හා එහි ජේලර්වරයකුට එවැනි අයිතියක් තිබේද යන්න ගැටලුවකි
මෙහි වඩාත්ම අරැම පුදුම කරැණ වන්නේ කෝවිඩ් වසංගත රෝගියකු බව නොදැන රෝහල් කාර්ය මණ්ඩලය පවා මොහුගේ සේවය ලබාගත්තේද යන්නය. මෙම රුඳවියා කෝවිඩ් ආසාදිතයකු බව හෙළිවීමත් සමඟම ඔහුගේ සේවය නීති විරෝධී ලෙස ලබාගත් බව කියන වෛද්‍යවරයා හා ජේලර්ට පමණක් නොව අනෙකුත් රුඳවියන්ට ද දෙවියන් සිහිවීම පුදුමයක් නොවේ. කතුරක්, පනාවක් හා දැලි පිහියක්ද රුගෙන වාට්ටු ගානේ කරක් ගැසූ මෙම රැඳවියා දැන් සිටිනුවේ අංගොඩ බෝවන රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයේය. එතැනින් රෝග තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු දැඩිසත්කාර ඒකකයට මාරැකර ඇති බවටද ඒ වනවිට තොරතුරැ වාර්තා වූයේ බන්ධනාගාර රෝහලේ සියල්ලන්ගේම ඉහමොළ රත්කරමිනි.
ඇතැමුන් මෙම බාබර් පාටිකාරයාගෙන් ඇඟ පත මසාජ් කරගෙන ඇති බවටද ආරංචි ගලා එන්නට පටන් ගෙන ඇත. ඒ බැව් අදටත් කිසිවකු හෝ හෙළි නොකරන්නේ ඔවුන්ගේම ආරක්ෂාවට විය හැකිය.
සාමාන්‍යයෙන් ලෝකල් බීඩියකට (දුම් කොළ දමා පත්තරවලින් ඔතා හදන බීඩි වර්ගයක්) සබන් කෑල්ලකට වෙනත් ගතමනාවකට මෙවැනි දෑ බන්ධනාගාරවල සිදුවීම සාමාන්‍ය සිද්ධියකි.
බන්ධනාගාරයක බාබර් පාටි සිරකරැවාට සාමාන්‍යයෙන් ලැබෙනුයේ ඉහළ වරප්‍රසාදයකි. ඉහළ නිලධාරි යකුගේ කාර්යාලය තුළටම ගොස් ඔහුගේ කොණ්ඩය හෝ රැවුල කැපීමට එම බාබර් පාටිකාරයෝ මහත් කැමැත්තක් දක්වති. ඒ කිසියම් වාසියක් සඳහා නොව ඉහළ නිලධාරියාගේ හිතවත්කම තරම් හිරකාරයකුට තවත් දෙයක් නැති නිසාය.
මෙම රෝහල් බාබර් පාටිකරුවාද ආසාදිත තත්ත්වය නොදැන දින ගණනාවක්ම ගතකර ඇත්තේ රෝහල තුළය. එහිදී සුපිරි බලවතුන්ගේ අංක 3 වාට්ටුව පැත්තට ගොස් ඇත්තේ ඇඟපත මසාජ් කරන්නට බවට සැක නැත.
ඇතැම් නිලධාරීන් මෙන්ම සුපිරි රැඳවියන්ද මසාජ් කිරීම් සිදු කරගන්නේද හිරකාරයන්ගෙනි. ඒ අතර බාබර් පාටිකරැවන් විශේෂය. මෙය බන්ධනාගාරවලට අමුත්තක් නොවන්නේ ඕනෑම දේකට හිරකාරයන් සූදානම් නිසාය. මෙහිදී ලෝකල්වලට වැඩි ඉල්ලුමක් ඇති බවද රහසක් නොවේ.
වැලිකඩ කොරෝනා ආසාදිතයකු ඒ වනවිට දින 14ක් පුරා නිලධාරීන් 170කගේ පමණ හිස මසාජ් කර ඇති බවටද තොරතුරු බන්ධනාගාරය පුරා පැතිර ගොස් තිබුණේ ජූලි 7 වැනිදා ඔහුගේ ආසාදිත බව හෙළිවන අතුරතුරය. හිරගෙවල්වල බාබර් පාටිකරැවන් පමණක් නොව අනෙකුත් සිරකරැවන්ද නිලධාරීන්ගේ ඇඟපත මසාජ් කිරීම අරැමයක් නොවන්නේ අදටත් ඒ දේ නොනිල අයුරින් සිදුවන බැවිනි.
රිමාන්ඩ් හෝ සිරගත රුඳවියන්ට පසුදින පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් වන්නේ නම් තම පෙනුම වෙනස් කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ බාබර් පාටිකරැවන්වය. කොණ්ඩය වවාගත් එකා මෙහිදී ලෝකල් එකක්දී කොණ්ඩය බූගා ගනී. අනෙක් අයද විවිධ ලෙස වෙස් ගැන්වීමට බාබර් පාටිකරැවන් දස්සයෝය. සිර දඬුවම් ලබා එන බාබර්වරුන් (කරණවෑමියන්) බාබර් පාටියට දැමීමෙන් පසු අච්චුව ඉවර වෙනතෙක්ම බාබර් පාටියේය.සාමාන්‍යයෙන් සෑම බන්ධනාගාරයකම පාහේ ඇතුළත හා පිටත සැලුන් දෙකක් පවතී. ඇතුළේ සැලුන් එක රුඳවියන්ටය. පිටත සැලුන් එක නිලධාරීන්ට හා ඔවුන්ගේ දරැවන්ටය. සුළු මුදලක් ගෙවා ඔවුන්ට එහි සේවය ලබාගත හැකිය.
මුදල් ගෙවා සේවය ලබාගන්නවා වෙනුවට රාජකාරි වේලාවේදී හොර රහසේම කොණ්ඩය හා රැවුල නොමිලයේම කපාගැනීමට ඔවුන් හපන්නුය. කෙසේවෙතත් රැඳවියන් දෙදෙනකුම අද වනවිට අංගොඩ අයි.ඩී.එච්. රෝහලේය. ඔවුන් දෙදෙනාගෙන් හිස මසාජ් කරගත් හා කොණ්ඩය රැවුල කපාගත්, ඇඟපත මසාජ් කරගත් සියල්ලෝම අද සිටින්නේ බියෙනි.
කොරෝනා බිය වැලිකඩ හා රෝහලට කොතරම් දැනෙන්නට පටන්ගෙන ඇද්ද යන්නට හොඳම උදාහරණය නම් අද වනවිට සියලුම වැඩ කණ්ඩායම් නතර වී ඇත. සැලුන්වලට ඉබි යතුරැ වැටිලාය. පාටිකාරයන් නැතිව බන්ධනාගාර නිල නිවාස වතු පිටි ශුද්ධ පවිත්‍ර කිරීම ඇනහිටලාය. නිලධාරීන්ගේත්, රැඳවියන්ගේත් කොණ්ඩා රැවුල් බෑම නතර වෙලාය. ලොකු ලොක්කන්ගේ නිල නිවාසවල ආවතේව කරන්නට දැන් හිරකාරයන් නැත.
වැලිකඩ වැඩි දෙනෙක් දැන් නිරෝධායනයේය. ඒ නිසා බන්ධනාගාරයේ පිරිසිදු කිරීම්වලට පිටතින් රැඳවියන් ගෙනෙන්නට සිදුවී ඇත. කෝවිඩ් ආසාදිත රුඳවියාගෙන් පසු බන්ධනාගාර රෝහලේ 335 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළ බව කීවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අතපත්තු මහතාය.
ඉන් රැඳවියන් 4ක් හා තවත් 54 දෙනකුගේ පරීක්ෂණ වාර්තා අපැහැදිලි නිසා නැවත පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති බවද ඔහු කීවේය.
ජයන්ත සමරකෝන්