කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන වැදගත්ම සාධකයක් තිබේ. එනම් තවත් වසර කිහිපයක් යනතුරැ කොවිඩ්-19 වයිරසය සමඟ ජීවත්වීමට ලෝකවාසීන්ට සිදුවන බවය. ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ වසංගත රෝග නිසා ලෝකය විනාශ වූයේ නැති බවය. සිදු වී ඇත්තේ මිනිසා වසංගත සමඟ ජීවත්වෙමින් ඊට එරෙහිව සටන් වැදීමය. මේ ගමන් මගෙහිදී වසංගත පරාජය වූවා මිස මිනිස් සමාජය පරාජයට පත්වූයේ නැත. ඉන් හැඟවෙන අර්ථය වන්නේ සටන් වැදිය යුතු කාලයක් පැමිණ ඇති බවය. කොවිඩ්-19 වයිරසයට එරෙහිව සටන් වැදිය හැක්කේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලින් සන්නද්ධවීමෙන් පමණි.
කොරෝනා දෙවැනි රැල්ලට බොහෝ රටවල් මුහුණ දෙමින් සිටී. චීනය ඊට මුහුණ දුන්නේය. දකුණු කොරියාවද ඊට මුහුණ දුන්නේය. අමෙරිකාව තුළ පවතින්නේ වසංගතයේ කුමන රැල්ලද යන්න කිසිවකුටත් කිව නොහැකිය. දකුණු අප්‍රිකාවද මේ වනවිට රට තුළ නැවත සීමා පනවා ඇත. ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රුල්ලක් මතු වන්නේ නම් එය නොසැලකිල්ල හා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ඇතිවිය හැක්කක් බව සෞඛ්‍ය අංශවල පිළිගැනීමය.
කන්දකාඩු කඳවුරේ සිද්ධිය නිසා කොරෝනා වසංගතයේ දේශීය තත්ත්වය යළිත් වෙනස් වී ගියේය. එක් දිනයක් තුළ රෝගීන් වැඩිම ගණනක් වාර්තා වී තිබුණේ පසුගිය අටවැනිදාය. කන්දකාඩු කඳවුර සුවිශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. එහි නිරෝධායනයට ලක්වන පිරිස මත්ද්‍රව්‍ය භාවිතය මත පුනරුත්ථාපනයට ලක්වන කණ්ඩායමකි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුත්තේ සුපරීක්ෂාකාරී ලෙසය. මේ කඳවුරට සේවය ලබාදෙන උපදේශකයකුටද වයිරසය ආසාදනය වී තිබේ. මෙය අවදානම් සහගත තත්ත්වයක් සේ සැලකිය හැකිය.
මහ මැතිවරණයට ඇත්තේ තවත් දින 17කි. එවැනි පසුබිමක් තුළ කොරෝනා වසංගතය රට තුළ විවිධ ප්‍රදේශවල හිස එසවීම බරපතළ තත්ත්වයකි. මේ වනවිටත් සියලුම පක්ෂවල අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම රට පුරාම විවිධ මැතිවරණ රුලි සංවිධානය කර තිබිණි. සෞඛ්‍ය අංශ කොතෙකුත් අනතුරු අඟවා තිබුණද එම මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා සහභාගී වන පිරිස්වල අඩුවක් දක්නට නැත. කොවිඩ්19 වසංගතය සම්පූර්ණයෙන් තුරන් නොකළ අවධියක ජනතාව එක පොදියට රැස්වීම සැබැවින්ම කොවිඩ 19 වසංගතයේ දෙවැනි රැල්ලට අත වැනීමකි.
කන්දකාඩුවෙන් කොරෝනා රෝගින් මතුවීමත් සමගම පොදුජන පෙරමුණ පසුගිය 13,14,15 යන තෙදින තුළ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සහභාගී වන ලෙසට සංවිධනය කර තිබූ ප්‍රධාන ජන රැලි කිහිපයක්ම අවලංගු කිරීමට කටයුතු කළේය. ඊට අමතරව පොදුජන පෙරමුණු අපේක්ෂකයන් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ලද සීමාකරන ලෙස පොදුජන පෙරමුණ ඉල්ලීමක් කර තිබූ අතර යම් හෙයකින් කුඩා රුස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙසද දන්වා ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුරැන් පවා එය අනුමත කර තිබිණි.
කෙසේ වෙතත් අනෙකුත් දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රචාරණ රැලි සම්පූර්ණයෙන් නතර කර නොමැති අතර ඔවුන් සෞඛ්‍ය නීතිරීතිවලට අදාළව මැතිවරණ ප්‍රචාරක රුලි පැවැත්වීමට තීරණය කර ඇත.
කොවිඩ් 19 වසංගතය නැවත වරක් රටපුරා ව්‍යාප්තවීම සහ දේශපාලන පක්ෂවල මැතිවරණ රැලි ඇතුළු වැඩකටයුතු පිළිබඳව දේශයේ අපි දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනකුගෙන් විමසීමක් කළෙමු.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සමන් රත්නප්‍රිය
කොවිඩ්-19ට අදාළව දෙවැනි රැල්ලක් ඇතිවිය හැකිද යන්න කියන කාරණා මත සැක සංකා මතුවෙමින් තිබෙනවා. අද වෙනකොට ලෝකයේ කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව එක්කෝටි දාහත් ලක්ෂයකට වඩා වැඩිවෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව ලක්ෂ පහකට අධික ප්‍රමාණයකට වාර්තා වෙනවා. ලංකාවෙත් දිගින් දිගටම රෝගීන් මතු වෙමින් සිටිනවා. ඔය මැතිවරණයට නිරෝධායන පනත කෑලි කෑලිවලට කීතු කීතුවලට කඩලා තමයි ආණ්ඩුවේ ලොක්කෝ වැඩ කරන්නේ. ජනාධිපති අගමැති යන රැස්වීම් පොළොන්නරැවේ දහස් ගණනින් රැස්වෙලා පොර කනවා. අඩි තුනක් තියා අඩියක්වත් නැහැ. පොර කකා තමයි අතට අත දෙන්නේ. ඒ වගේම ලිපි භාර දෙන්නේ. රුස් වෙන්නේ පොරකකා. කොවිඩ්-19 නීතියක් තියෙනවාද එතැන. නිරෝධායන පනත ක්‍රියාත්මකද? නැහැ. මේ මහ මැතිවරණයේදී කොවිඩ් - 19 දෙවැනි රැල්ලක් මතුවිය හැකි වීමේ අවදානමක් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයක් පවතිනවා. ආණ්ඩුව මේ ගැන මීට වඩා පරිස්සම් වෙන්න ඕනෑ. කොහොමත් අපි තවමත් මැතිවරණ ප්‍රචාරක රුලි නැවැත්වීමට කටයුතු කරලා නැහැ. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි තමයි අපගේ රැස්වීම් මාලාව ක්‍රියාත්මක කරන්නේ.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක
කොරෝනා වසංගතය දැන් නැවත වරක් රටපුරා ව්‍යාප්ත වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. මේ ආණ්ඩුව තමයි සම්පූර්ණයෙන් මේකට වග කියන්න ඕන. මොවුන් කොරෝනා වසංගතය ඉවර වෙන්න කලින්ම රටම ලොක්ඩවුන් සීමාවලින් ඉවත් කළා. නැවත මේ වසංගතය පැතිරෙන්න ප්‍රධාන හේතුව වුණේ ඒක. ඒ වගේම දැන් කොරෝනා වසංගතය ව්‍යාප්ත වුණාම ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක රැලි නවතා දමා තිබෙනවා. අපි පහුගිය කාලයේ දැක්කා ආණ්ඩු පක්ෂය විසින් සංවිධානය කළ මහජන රැලිවලට කිසිම කොවිඩ් නීතියක් වලංගුව තිබුණේ නැහැ. නමුත් දැන් තමයි ඔවුන් මැතිවරණ රැලි අවලංගු කරලා තියෙන්නේ. කොහොම වුණත් අපි රට ඇඳිරිනීතිය ඉවත් කළ දවසේ ඉඳන් ජනහමු පැවැත්වූවේ සෞඛ්‍ය නීති රීති වලට අදාළව. ඒ නිසා අපි ඉදිරියටත් සෞඛ්‍ය නිති රීති වලට අදාළව තමයි රුස්වීම කටයුතු පවත්වන්නේ.
ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
අද වනවිට කොරෝනා දෙවැනි රැල්ලක් මතුවෙලා තියෙනවා. ආණ්ඩුවට නිසි වුවමනාවක් තිබුණේ නැහැ සම්පූර්ණයෙන්ම මේ කොවිඩ් 19 පාලනය කරන්න. ඒ වගේම මේ කොරෝනා රැල්ල දෙවැනි වතාවට හිස එසවීමත් සමඟ ආණ්ඩුව ජනාධිපති සහ අගමැතිවරයා පැමිණෙන රුස්වීම සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. අපි දැක්කා පසුගිය දින කිහිපයේ අගමැතිවරයාත් ජනාධිපතිවරයත් ගිය රැස්වීම්වල මීටරයක පරතරය තියා සෙන්ටිමීටරයක්වත් තිබුණේ නැහැ. සමහරවිට ඔවුන් දෙදෙනාට කොවිඩ් වසංගතය වැළඳෙයි කියලා තියෙන බය නිසා වෙන්න පුළුවන් මේ මැතිවරණ රැලි නතර කළේ. අපි කොහොමත් සෞඛ්‍ය නීති රීතිවලට අදාළව තමයි මැතිවරණ ප්‍රචාරක කටයුතු රැලි සිදුකළේ. ඒ නිසා අපි මේ මැතිවරණ රැලි නවතා දමන්නේ නැහැ.
කොවිඩ් 19 රෝගය නැවත සමාජය තුළ කෙමින් ව්‍යාප්තවීම නිසා පොදුජන පෙරමුණ දින තුනකට ප්‍රධාන රැලි නවතා දැමීමට පියවර ගැනුණා. නමුත් දැඩි සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් අපි පසුගිය සිකුරාදා දිනයේ සිට නැවත මැතිවරණ ප්‍රචාරක රැලි ආරම්භ කළා. ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා අපි එම සංවිධායකවරුන්ට රැස්වීම් තැබිය යුත්තේ කෙසේද කියලා උපදෙස් ලබාදීලා තියනවා.
සටහන: හසිත් අංජන