2020 ජුලි 11 වන සෙනසුරාදා

දරුවන් පාසල් යවන්නේ මෙහෙමයි!

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

කොවිඩ් 19 වසංගතය නිසා කාලයක් වැසීගිය පාසල් දැන් නැවත ඇරිලා. තාමත් පැතිරෙන මේ රෝගය මැද එයට ගොදුරු නොවී අපේ දරුවන් පාසල් යවන්නට හැකි ආකාරය ගැන සෞඛ්‍ය අංශ උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. රෝගය ගැන දරුවන් දැනුවත් කරනවා වගේම එයින් මිදී සිටීමට ගත හැකි මේ සෞඛ්‍ය උපදේශන පිලිපැදීමත් කාලීනව ඉතාත් වැදගත් වේවි. බලන්න මේ තමා කොවිඩ් 19 මැද පරෙස්සමින් දරැවන් පාසල් යවන්ට පිලිපැදිය යුතු සෞඛ්‍ය උපදේශ!

කොවිඩ් -19 ගැන ඔබ දැනගත යුතු දෑ

• නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකුට පැතිරිය හැකි රෝගයකි.
• වෛරසය පැතිරෙන්නේ රෝගියකුගේ ස්වසන බිඳිති (කෙල, සොටු) මගිනි.

පැතිරෙන ආකාරය

• ආසාදිත පුද්ගලයින් සමඟ ඍජුව සම්බන්ධතා පැවැත්වීම.
• වෛරසය මගින් අපවිත්‍ර වූ පෘෂ්ඨ ස්පර්ශ කිරීම.

රෝග ලක්ෂණ

• උණ, වියලි කැස්ස, උගුරේ වේදනාව, ස්වසන අපහසුතා

රෝගය බෝවීම වළක්වා ගත හැකි ආකාරය

• සෑමවිටම පුද්ගල දුරස්ථභාවය (මීටරයක්) පවත්වා ගැනීම.
• නිතර නිතර සබන් යොදා හොඳින් දෑත් සෝදා ගැනීම.
• අනවශ්‍ය ලෙස බාහිර පෘෂ්ඨ අතපත ගෑමෙන් වැළකීම.
• අනවශ්‍ය ලෙස මුහුණ ඇල්ලීමෙන් වැළකීම.
• කහින විටදී සහ කිවිසුම් යාමේදී වැලමිටෙහි ඇතුල්පැත්තෙන් නාසය සහ මුඛය ආවරණය කරගැනීම.
• තැන තැන කෙළ ගැසීමෙන් හා සොටු සූරා දැමීමෙන් වැළකීම.
• නිවැරදි ආකාරයට මුව ආවරණ පැළඳීම.

දරුවා පාසැල් යැවීමට පෙර පුරුදු පුහුණු කළ යුතු දෑ

• නිවැරදිව මුව ආවරණයක් පැළඳීමට.
• මතුපිට පෘෂ්ඨයන් ඇල්ලීමෙන් වැළකීමට.
• භාවිතා කළ ටිෂූ කඩදාසි නිසි ලෙස බැහැර කිරීමට.
• අසනීප තත්ත්ව පිළිබඳ තොරතුරු නිවැරදිව පැවසීමට.
• මිතුරන් සමග පුද්ගල දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීමට.
• මිතුරන් සමග උපකරණ හුවමාරු කර ගැනීමකින් තොරව සෙල්ලම් කිරීමට.
• මෙම රෝගය වැළඳී ඇති කෙනෙකුන්ව කොන් කිරීමට හෝ සමච්චලයට භාජනය කිරීම නුසුදුසු බව

දරුවා පාසල් යැවීමට පෙර සූදානම් විය යුතු ආකාරය

• සේදිය හැකි මුව ආවරණ තුනක්වත් පිළියෙළ කර දෙන්න.
• කහින විටදී හෝ කිවිසන විටදී හෝ භාවිතයට අවශ්‍ය ටිෂූ කඩදාසි සපයා දෙන්න.
• ඔබේ දරැවා දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන හෝ දීර්ඝකාලීන ඖෂධ ලබාගන්නා අයෙකු නම්, වෛදයවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
• පාසලට නැවත යැවීමට පෙර ඒ බව පන්තිභාර ගුරුතුමාට/තුමියට දැනුම් දෙන්න.

උදෑසන දරුවා පාසැලට යැවීමේදී සොයාබලන්න

• සෝදාගත් ඇඳුමකින් සැරසී සිටීම.
• අවශ්‍ය පොත්පත් පමණක් රැගෙන තිබීම.
• නිවැරදිව මුව ආවරණය පැළඳ සිටීම.
• හැකි සෑමවිටම තමාගේ වාහනයකින්/ බයිසිකලයකින් පාසැල වෙත දරැවා රුගෙන යන්න.
• පාසැල නිවසට ආසන්නයේ නම් පා ගමනින් යාමට යොමුකරවන්න.
• පොදු ප්‍රවාහන සේවාවක් භාවිතා කරන්නේ නම්, සෞඛ්‍යාරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය රුකෙන ලෙස ගමන් කිරීමට උනන්දු කරවන්න.

පාසැල නිමවී පැමිණි පසු නිවසට ඇතුළු වීමට පෙර

• සපත්තු ගලවා අව්වේ වේලීමට තබන්න.
• පොත් බෑගය සහ උපකරණ වෙනම ස්ථානයක තබන්න.
• දෑත් සබන් යොදා තත්ත්පර 20ක්වත් හොඳින් සෝදන්න.
• ස්නානය කර ශරීරය පිරිසුදු කරගන්න.
• ඇඳ සිටි ඇඳුම්, මුව ආවරණ සබන් යොදා විනාඩි 20ක් පෙඟෙන්නට හැර සෝදා අව්වේ වියලා පිරිසිදු කරගන්න.
• භාවිතා කළ ටිෂූ කඩදාසි පියනක් සහිත කසල බඳුනකට බැහැර කරන්න. 

 සෞඛ්‍ය අධ්‍යාපන තතු