සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) ගිවිසුම පිළිබඳ නොනිමි සංවාදය දේශපාලන වේදිකාවේ උත්කර්ෂයට නැගෙමින් තිබේ. ගිවිසුමක් යනු පාර්ශ්වයන්ගේ එකඟත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පූර්ණ නීතිමය බැඳීමකි. එය කිනම් පදනමක කිනම් පරිමාවක වුවද ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අනාගතය කෙරෙහි සෘජුව බලපෑම කරයි. එසේ හෙයින් රටක් ලෙස අප සැමට බලපාන එම්.සී.සී. සංවාදයේ පාර්ශ්වකරැවන් වීමට ජනමාධ්‍ය ලෙස අපහට වගවීමක් මෙන්ම යුතුකමක්ද ඇත.
එම්.සී.සී. ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට පසුගිය ජූනි 25දා භාර දුන්නේය. ජනාධිපතිවරණයෙන් පසුව ජනවාරියේදී මහාචාර්ය ලලිතසිරි ගුණරැවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ස්ථාපිත කරන ලදී. වර්තමාන දේශපාලන සංවාදයට තුඩු දී ඇත්තේ මෙම කමිටුවේ අවසන් වාර්තාව සමඟ මතුවූ කරැණුය. ප්‍රධාන වශයෙන්ම අවසන් වාර්තාව භාරදෙමින් ලලිතසිරි ගුණරැවන් මහතා සිදුකළ ප්‍රකාශයයි. මහ මැතිවරණ වේදිකාවේ ඇවිලී ගිය මෙම එම්.සී.සී. කතාව සෑම දිනකම පුවත් මවන කතාවක් බවට අද වනවිට පත්ව ඇත.
විශේෂයෙන්ම පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇතැයි කියැවෙන කතාව ඒ අතරින් ප්‍රධානය. අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බව කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබේ. මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලවලට නිවේදනය කර ඇත්තේ යෝජිත MCC ගිවිසුම යටතේ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 480න් කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමක් හෝ වැය කිරීමක් සිදුකර නොමැති බවය. එය සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව යම් රාජ්‍යතාන්ත්‍රික ගැටලුකාරී තත්ත්වයක් මේ හරහා ඇතිවී තිබෙන බව පෙනෙන්ට ඇත. මේ සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රික ඇමතුම්ද හුවමාරැ වී ඇති බවට මාධ්‍ය වාර්තා තිබේ.
ගිවිසුම පිළිබඳ සංවාද සවන් නොවැකුණු අයෙක් අද මෙරට නැත. නමුත් එම්.සී.සී. ගිවිසුම සහ එම ආයතන පිළිබඳ සරල පැහැදිලි කිරීමක් අප සිදුකළ යුතුය. එය එම්.සී.සී. කතාව අවබෝධ කර ගැනීම පොදු මහජනයාට එය උපකාරීවනු ඇත.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ඔවුන්ව හඳුන්වා ගන්නේ ගෝලීය දරිද්‍රතාවට විරුද්ධව කරන සටනට සහයෝගය ලබාදෙන එක්සත් ජනපද විදේශ ආධාර කාර්යක්ෂම ලෙස බෙදාදෙන ආයතනයක් ලෙසයි. මෙය ආයතනය 2004 වර්ෂයේදී එක්සත් ජනපද කොංග්‍රස් සභාව විසින් නිර්මාණය කර ඇත. ප්‍රධාන විධායක නිලධාරියකු විසින් මෙය මෙහෙයවනු ලබන අතර නවදෙනකුගෙන් යුත් රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි. කෙසේ වෙතත් මෙහි මුලසුන දරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාය.
එම්.සී.සී. ආයතනය ලොව පුරා රටවල් රැසක් සමඟ විවිධ මට්ටමින් ගිවිසුම් ගතවී මූල්‍ය ප්‍රදානයන් සිදුකර තිබේ. කෙසේ නමුත් මෙම ප්‍රදානයන් සිදුකර ඇත්තේ ඔවුන්ට අනන්‍ය කොන්දේසි මත ගිවිසුම් ගතවෙමිනි. කෙසේ නමුත් එම්.සී.සී. ආධාර ලැබූ රටවල් නාමලේඛන අධ්‍යයනයේදී එම රටවල ආර්ථික සමාජීය තත්ත්වය පිළිබඳ ගැටලුවක් මතුවේ. උදාහරණයක් ලෙස මාලී, ආර්මේනියාව, ඝානාව, නිකරගුවාව, හොන්ඩියුරාස්, සැම්බියාව, නයිජීරියාව, මෝල්ටාව, සහ නේපාලය දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවට එම්.සී.සී. ආගමනය සිදුවූයේ කුමන කාලයේද යන්න පිළිබඳ මේ වනවිට මතභේදයක් ඇතිවී ඇත. සමාලෝචනය කමිටු වාර්තාවට අනුව 2004, 2005, 2006 යන වසරවලදී එම්.සී.සී. ප්‍රදානයන් පිළිබඳ යෝජනා සහ ගිවිසුම්වලට අදාළ කොන්දේසි මාලා ඉදිරිපත් වේ. එහෙත් එවක රජය කිසිදු ඉදිරි පියවරක් මේ සම්බන්ධව ගෙන නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත. ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් පිටුවේ සඳහන් වන පරිදි 2015 දෙසැම්බර් ශ්‍රී ලංකාව මෙම වැඩසටහනට සුදුසුකම් ලබා ඇත. 2019 ඔක්තෝබර් මෙම ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී ඇත.
කවරක් වුවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා යෝජනා වී තිබුණේ නැවත අයකර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රැපියල් බිලියන 85ක්) සැපයීමටය. මෙම ප්‍රදානයට 2019 අප්‍රේල් 25 වැනිදා අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ප්‍රධාන ව්‍යාපෘති දෙකක් යෝජනා වී තිබිණි. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය යනු ඒවාය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා බලපාන ප්‍රධානතම බාධාවන් දෙක ලෙස මෙහිදී හඳුනාගෙන ඇත්තේ දුර්වල ප්‍රවාහන යටිතල පහසුකම් සහ දුර්වල ඉඩම් පරිපාලන භාවිතයයි. මෙම අංශ දෙක වෙනුවෙන් මෙම ආධාර ලබාදීමට යෝජනා වී ඇත්තේ එබැවිණි.
කෙසේ වෙතත් එම්.සී.සී. ගිවිසුම අර්බුදයක් බවට පරිවර්තනය වන්නේ 2015දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සමඟය. එවක ආණ්ඩුව මෙම ප්‍රදානය සිය ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට උත්සාහයක නිරත විය. එහිදී එවක විපක්ෂය මෙය පාවාදීමක් ලෙස දෝෂදර්ශනයට ලක්කරන්නට විය. 2019 ජනාධිපතිවරණයේ පූර්ව නිමිත්ත කොටගෙන මෙම සංවාද අතිශය දේශපාලනික වූයේය. එම්.සී.සී. ගිවිසුම මරඋගුලක් බවත් ඒක පිටිපස්සේ ඇත්තේ ආර්ථික සහ දේශපාලන වටලෑමක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ චෝදනාව විය. එසේම මෙම ගිවිසුම හරහා දේශීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීමට සහ කේවල් කිරීමට ඇමරිකාවට හැකියාවක් ලැබෙන බවටද ඔවුහු චෝදනා කළෝය.
කෙසේ නමුත් මෙම ව්‍යාපෘති සැලසුම් මුළුමනින්ම දේශීය විද්වතුන් 33,000ගේ යෝජනා සහ අධ්‍යයනයන් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ සකස් කළ සැලසුමක් බව යහපාලන රජය පැවසීය. ඔවුන්ට අනුව එය ඇමෙරිකානු සැලැස්මක් නොවීය. මේ හරහා බලපත්‍රලාභී අහිංසක මිනිසුන් ලක්ෂ 11කට ඉඩම් අයිතිය ලැබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ. ජනාධිපතිවරණ වේදිකාවේ අවසාන සමයේ මෙම සංවාද දැවැන්ත පුපුරා යාමක් සිදුවිය. සජිත් ප්‍රේමදාස මහතා එජාප මතයට පරිබාහිර ප්‍රකාශ පවා සිදු කළේය. එහෙත් ඔවුන්ගේ පොදු චෝදනාව වූයේ විපක්ෂය එම්.සී.සී. බිල්ලකු මවමින් සිටින බවයි.
ජනපතිවරණය ජයග්‍රහණයෙන් පසුවද මෙම එම්.සී.සී. සංවාද නොනැවතුණි. නව රජයේ නව විපක්ෂයේ ස්ථාවර ප්‍රකාශ කරන්නට විය. දීර්ඝ ලෙස ඇදෙමින් තිබියදී වර්තමාන සංවාද තුඩුදී ඇති සමාලෝචන කමිටුව නව රජය විසින් ස්ථාපිත කෙරිණි. කොරෝනා සමඟ අමතක ගිය එම්.සී.සී. කතාව නැවත කරළියට පැමිණියේ වර්තමාන කමිටු වාර්තාව පාදක කරගනිමිනි. මෙම වාර්තාව පිටු පනස් අටකින් යුක්ත වේ. පොදුවේ මෙම වාර්තාව පිළිබඳ අප කළ දළ අධ්‍යයනයේදී පෙනී ගිවිසුමේ වර්තමාන තත්ත්වය අප රටට අහිතකර බවය. නමුත් ගිවිසුම් ගතවීමේදී රටට අහිතකර නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ එහි දක්වා ඇත. ඊට අදාළව උපුටා ගැනීම් කිහිපයක් අප මෙම ලිපිය සමඟ දක්වමු. එසේම අප මේ සම්බන්ධව කළ විද්වත් මත විමසුමක්ද මීට ඇතුළත් කරමු. එම්.සී.සී. සංවාදයේදී වඩාත් සබුද්ධිකවීමට පොදු ජනයා ලෙස ඔබට එය උපකාරක වනු ඇත.
අහිතකර දේ අවම කර ගන්න පුළුවන් නම් හොඳයි
සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
එම්.සී.සී. ගිවිසුම ගත්තාම අපට පේන දෙයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි රටක් ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන ලෝක තත්ත්වයන් එක්ක ගමන් කිරීම අවශ්‍යයි. ලංකාව කියන්නේ කුඩා රාජ්‍යයක්. අපි ලෝකය තුළ ස්ථානගතවීම ඉතා අවශ්‍යයි. නමුත් අපි රටක් සමඟ ගිවිසුමකට එළඹෙනවා නම් රාජ්‍යයේ යහපැවැත්ම, ආරක්ෂාව වගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් රාජ්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය නොවන විදිහට ගිවිසුම් ගතවිය යුතුයි. මේ දේවල් උල්ලංඝනය නොවෙනවා නම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා මට පේන්නේ නෑ.
නමුත් මේ මොහොතේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධ කතිකාවන් ගොඩනැගිලා තිබෙනවා. පක්ෂ විපක්ෂ කතිකාවන් තිබෙනවා. මම හිතන්නේ මේ කතිකා දෙක තුළම සාකච්ඡාවට භාජනය කරන ප්‍රශ්න අපි සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත්. මොකද ඕනෑම ගිවිසුමක තිබෙනවා අහිතකර බලපෑම් සහ සාධනීය බලපෑම්. සාධනීය දෙයක් අපේ රටට තිබෙනවා නම් ඒ පිළිබඳ රටේ අනෙකුත් විද්වතුන් එක්ක සාකච්ඡා කරලා. රාජ්‍ය පාලනය තුල සාකච්ඡා කරලා අහිතකර බලපෑම් බැහැර කරලා ජාත්‍යන්තර වශයෙන් අපට වාසි සහගත වෙන ගිවිසුමකට එළඹෙන්නට පුළුවන්. එය සැලකිල්ලට භාජනය කළයුතු කාරණාවක්.
නමුත් අපේ රටේ ආරක්ෂාවට ස්වාධිපත්‍යයට හානියක් වෙනවා නම් එවැනි දේවල් ගැන අප දෙවරක් තුන්වරක් සිතා බලලා තමා කටයුතු සිදුකළ යුත්තේ. ඒ වගේම අපිට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ සියල්ල සැලකිල්ලට භාජනය කිරීම අත්‍යාවශ්‍ය කාරණාවක්. මෙවැනි ගිවිසුමක් සම්බන්ධව පුළුල් සාකච්ඡාවකින් පුළුල් මහජන එකඟතාවකින් විනිවිදභාවයකින් තීරණ ගැනීම වැදගත්. නමුත් ඒ හරහා කියැවෙන්නේ නෑ මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් බැහැර කළයුතුයි කියලා. දැන් මේ සම්බන්ධව කමිටු වාර්තාව ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධ යම් යම් දේවල් මතුකරලා තිබෙනවා. පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කිරීමකට වඩා මෙහි තිබෙන අහිතකර දේවල් අවම කරගෙන අපිට නතුකර ගන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. එහෙම නැතිවුණොත් සමහර වෙලාවට ගෝලීය වශයෙන් රාජ්‍යය කොන්වීමක් වෙන්න පුළුවන්. ගෝලීය වශයෙන් බලන විට ප්‍රබල රාජ්‍යයන් එක්ක අපි ඇතිකර ගන්න සම්බන්ධතාවයන් අතිශයින් වැදගත්.
අපි දැකපු භයානකකම කමිටුවක් හඳුනාගෙන
මහාචාර්ය චන්න ජයසුමන
වත්මන් එම්.සී.සී. ගිවිසුම ලංකාවට ආපු වෙලාවෙම අපි එහි කරැණු කාරණා සොයාගෙන එහි තිබෙන භයානකකම ගැන අපි සොයා බැලුවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරයා වේදිකාවල පවා අපි මෙහි භයානකකම පිළිබඳ කතා කළා. රට දැනුවත් කළා. ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. අපි විශ්වාසයක් තිබුණා ජනාධිපතිතුමා ගිවිසුම පිළිබඳව හැදෑරීමක් කරලා එය ප්‍රතික්ෂේප කරන්න කටයුතු කරයි කියලා.
අපේක්ෂා කළ ආකාරයටම එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව කටයුතු කරන්න විද්වත් කමිටුවක් එතුමන් පත් කළා. ඒ කමිටුවට ඇතුළත් වුණ පුද්ගලයන් මේ පිළිබඳ හැදෑරීමක් කරන්න ලංකාවේ ඉන්න සුදුසුම පුද්ගලයන්. ඒ වාර්තාව දැන් නිකුත්වෙලා තිබෙන අප විද්වතුන් හැටියට අපි දැකපු භයානකකම ඔවුන් හඳුනාගෙන තිබෙනවා. දැන් ඒ සම්බන්ධව නිසි නිර්දේශ ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ගිවිසුම අත්සන් කරයි කියලා හෝ ඉදිරියට යයි කියලා අපි කිසිසේත්ම හිතන්නේ නෑ. නමුත් මෙම ගිවිසුම ගෙනාපු පිරිස පටු දේශපාලන පරමාර්ථය ඉටුකරගැනීම සඳහා අද ජනතාව තුළ බොරැ මඩ ප්‍රචාර රට තුළ පතුරවා හරිනවා. භීතිකාවක් පතුරැවා හරිමින් ඉන්නවා.
මේ ගිවිසුම සම්බන්ධව පූර්ව ගිවිසුම්වලට විවිධ එකඟතාවන් ඇතිවෙලා තිබෙනවා කියලා කමිටුව විසින් මේ වනවිට අනාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා මේ සඳහා සම්බන්ධ වුණ අයගේ යුතුකම වගකීම තමා මොනවගේ දෙයක්ද සිද්ධවුණේ කියලා රටට කියන එක. ලියකියවිලි නිසිපරිදි අනාවරණය වෙලා නෑ විවිධ අය විවිධ කතා කියමින් සිටිනවා. මැතිවරණයට පෙර මෙම පූර්ව ගිවිසුම් සම්බන්ධව අනාවරණය කිරීම මුදල් ගැනීම් පිළිබඳ පැහැදිලි කිරීම හිටපු රාජ්‍ය නායකයන්ගේ යුතුකම.
කමිටුවේ නිර්දේශ
උපුටාගැනීම: සමාලෝචන වාර්තාවෙන් - නිගමන සහ නිර්දේශවිශේෂ වශයෙන්,
(අ) MCA-Sri Lanka සමාගම ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් දුරස්කර තැබෙන අයුරින් සහ එය MCC ආයතනයේ උපදෙස් - මඟ පෙන්වීම් - අනුමැතීන් යටතේ ක්‍රියාත්මක වන අයුරැ ප්‍රතිපාදන සකසා ඒ සමාගම තුළින් මෙම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කෙරෙන යෝජනාව පිළිගත නොහැක.
(ආ) MCA-Sri Lanka වෙනුවට අප රට තුළ විදේශ සම්පත් කළමනාකරණය කෙරෙන සාමාන්‍ය රාජ්‍ය ආයතනික ව්‍යූහය මෙම ප්‍රදානය වෙනුවෙන්ද යොදා ගැනීමට MCC ආයතනය එකඟ නොවන්නේ නම් ඒ තුළින් අප රටේ ජාතික අරමුණුවලට අගතිකාරී විය හැකි දේ සිදුවීමේ අවදානමක් පැන නගී.
(ඇ) තවද, මෙම ක්‍රමවේදයට ශ්‍රී ලංකාව එකඟ වුවහොත් එය පූර්වාදර්ශයක් කර ගනිමින් අප රටට සංවර්ධන ආධාර සපයන චීනය, ජපානය, ඉන්දියාව හා යුරෝපා සංගමය වැනි අනෙකුත් සමීප දායකයන්ද එම ආකෘතිය ඒ අයගේ ප්‍රධානියන්ට අදාළ කර ගැනීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එබැවින් මෙතුවක් ශ්‍රී ලංකාව විසින් පොදුවේ අනුගමනය කරන ලද විශේෂ සම්පත් කළමනාකරණ ක්‍රමවේදයෙන් බැහැර වීමට කිසිදු විදේශ ආධාර යෝජනා ක්‍රමයකට අවසර නොදිය යුතුය.
අහිතකර දේ අවම කර ගන්න පුළුවන් නම් හොඳයි
සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
එම්.සී.සී. ගිවිසුම ගත්තාම අපට පේන දෙයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි රටක් ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන ලෝක තත්ත්වයන් එක්ක ගමන් කිරීම අවශ්‍යයි. ලංකාව කියන්නේ කුඩා රාජ්‍යයක්. අපි ලෝකය තුළ ස්ථානගතවීම ඉතා අවශ්‍යයි. නමුත් අපි රටක් සමඟ ගිවිසුමකට එළඹෙනවා නම් රාජ්‍යයේ යහපැවැත්ම, ආරක්ෂාව වගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් රාජ්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය නොවන විදිහට ගිවිසුම් ගතවිය යුතුයි. මේ දේවල් උල්ලංඝනය නොවෙනවා නම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා මට පේන්නේ නෑ.
නමුත් මේ මොහොතේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධ කතිකාවන් ගොඩනැගිලා තිබෙනවා. පක්ෂ විපක්ෂ කතිකාවන් තිබෙනවා. මම හිතන්නේ මේ කතිකා දෙක තුළම සාකච්ඡාවට භාජනය කරන ප්‍රශ්න අපි සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත්. මොකද ඕනෑම ගිවිසුමක තිබෙනවා අහිතකර බලපෑම් සහ සාධනීය බලපෑම්. සාධනීය දෙයක් අපේ රටට තිබෙනවා නම් ඒ පිළිබඳ රටේ අනෙකුත් විද්වතුන් එක්ක සාකච්ඡා කරලා. රාජ්‍ය පාලනය තුල සාකච්ඡා කරලා අහිතකර බලපෑම් බැහැර කරලා ජාත්‍යන්තර වශයෙන් අපට වාසි සහගත වෙන ගිවිසුමකට එළඹෙන්නට පුළුවන්. එය සැලකිල්ලට භාජනය කළයුතු කාරණාවක්.
නමුත් අපේ රටේ ආරක්ෂාවට ස්වාධිපත්‍යයට හානියක් වෙනවා නම් එවැනි දේවල් ගැන අප දෙවරක් තුන්වරක් සිතා බලලා තමා කටයුතු සිදුකළ යුත්තේ. ඒ වගේම අපිට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ සියල්ල සැලකිල්ලට භාජනය කිරීම අත්‍යාවශ්‍ය කාරණාවක්. මෙවැනි ගිවිසුමක් සම්බන්ධව පුළුල් සාකච්ඡාවකින් පුළුල් මහජන එකඟතාවකින් විනිවිදභාවයකින් තීරණ ගැනීම වැදගත්. නමුත් ඒ හරහා කියැවෙන්නේ නෑ මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් බැහැර කළයුතුයි කියලා. දැන් මේ සම්බන්ධව කමිටු වාර්තාව ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධ යම් යම් දේවල් මතුකරලා තිබෙනවා. පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කිරීමකට වඩා මෙහි තිබෙන අහිතකර දේවල් අවම කරගෙන අපිට නතුකර ගන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. එහෙම නැතිවුණොත් සමහර වෙලාවට ගෝලීය වශයෙන් රාජ්‍යය කොන්වීමක් වෙන්න පුළුවන්. ගෝලීය වශයෙන් බලන විට ප්‍රබල රාජ්‍යයන් එක්ක අපි ඇතිකර ගන්න සම්බන්ධතාවයන් අතිශයින් වැදගත්.
අපි දැකපු භයානකකම කමිටුවක් හඳුනාගෙන
මහාචාර්ය චන්න ජයසුමන
වත්මන් එම්.සී.සී. ගිවිසුම ලංකාවට ආපු වෙලාවෙම අපි එහි කරුණු කාරණා සොයාගෙන එහි තිබෙන භයානකකම ගැන අපි සොයා බැලුවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරයා වේදිකාවල පවා අපි මෙහි භයානකකම පිළිබඳ කතා කළා. රට දැනුවත් කළා. ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. අපි විශ්වාසයක් තිබුණා ජනාධිපතිතුමා ගිවිසුම පිළිබඳව හැදෑරීමක් කරලා එය ප්‍රතික්ෂේප කරන්න කටයුතු කරයි කියලා.
අපේක්ෂා කළ ආකාරයටම එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව කටයුතු කරන්න විද්වත් කමිටුවක් එතුමන් පත් කළා. ඒ කමිටුවට ඇතුළත් වුණ පුද්ගලයන් මේ පිළිබඳ හැදෑරීමක් කරන්න ලංකාවේ ඉන්න සුදුසුම පුද්ගලයන්. ඒ වාර්තාව දැන් නිකුත්වෙලා තිබෙන අප විද්වතුන් හැටියට අපි දැකපු භයානකකම ඔවුන් හඳුනාගෙන තිබෙනවා. දැන් ඒ සම්බන්ධව නිසි නිර්දේශ ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ගිවිසුම අත්සන් කරයි කියලා හෝ ඉදිරියට යයි කියලා අපි කිසිසේත්ම හිතන්නේ නෑ. නමුත් මෙම ගිවිසුම ගෙනාපු පිරිස පටු දේශපාලන පරමාර්ථය ඉටුකරගැනීම සඳහා අද ජනතාව තුළ බොරැ මඩ ප්‍රචාර රට තුළ පතුරවා හරිනවා. භීතිකාවක් පතුරැවා හරිමින් ඉන්නවා.
මේ ගිවිසුම සම්බන්ධව පූර්ව ගිවිසුම්වලට විවිධ එකඟතාවන් ඇතිවෙලා තිබෙනවා කියලා කමිටුව විසින් මේ වනවිට අනාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා මේ සඳහා සම්බන්ධ වුණ අයගේ යුතුකම වගකීම තමා මොනවගේ දෙයක්ද සිද්ධවුණේ කියලා රටට කියන එක. ලියකියවිලි නිසිපරිදි අනාවරණය වෙලා නෑ විවිධ අය විවිධ කතා කියමින් සිටිනවා. මැතිවරණයට පෙර මෙම පූර්ව ගිවිසුම් සම්බන්ධව අනාවරණය කිරීම මුදල් ගැනීම් පිළිබඳ පැහැදිලි කිරීම හිටපු රාජ්‍ය නායකයන්ගේ යුතුකම.
චමිඳු නිසල් ද සිල්වා