කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින වසා දැමුණු රජයේ සියලු පාසල් ජුනි 29 දා සිට යළි විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ. රජයේ පාසල්වල සිසු සිසුවියන් ලක්ෂ 43ක් පමණ හා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ලක්ෂ 4ක පමණ පිරිසක් අධ්‍යාපනය ලබන බව පැවසේ. කොවිඩ් වසංගතය නිසා දරුවන්ට අහිමි වූ දින ගණන (අප්‍රේල් නිවාඩුව අත්හැරිය විට) දින 66කි. පැය ගණනින් නම් පැය 396කි. කොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබඳ 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වැනිදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පසුගියදා මාධ්‍යයට අනාවරණ කළේය. ඒවා අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙන අතර පළමු අදියරය ලෙස පළමු සතියේ විදුහල්පතිවරැන්, ගුරැවරැන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණක් කැඳවීමට කටයුතු කෙරිණි.
පාසල් විවෘත කිරීමට අවකාශ සැලසුණේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ඇති බැවිනැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරන අයුරින් මේ වන විට නාවික හමුදා කඳවුරින් ද කිසිදු රෝගියකු වාර්තා නොවේ. දැනට රෝගීන් හමුවන්නේ විදේශවලින් පැමිණෙන්නන් අතුරින් පමණකි. අවසන් වරට සමාජයෙන් රෝගියකු හමු වූයේ අප්‍රේල් මස 30 දාය. ගතවූ සති හතක් තුළ බාහිර සමාජයෙන් කිසිදු රෝගියකු වාර්තා වී නොමැත. වෛරසය සිරැරට ඇතුළු වී රෝග ලක්ෂණ මතුවීමට යන කාලය මෙන් කාල වකවානු තුනක් මේ වන විට පසුකර තිබෙනවා. ඒ අනුව වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන බව තහවුරු වී තිබෙනවා. යනුවෙන් ඇය සඳහන් කරයි.
පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා රට අභ්‍යන්තරය සුරක්ෂිත බවට වන විශ්වාසය මත පාසල් යළි විවෘත කිරීමට පියවර ගත්තා. ප්‍රථමයෙන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කැඳවා පාසලේ සෞඛ්‍යාරක්ෂක කටයුතු, විෂබීජහරණය, දරැවන් පාසලට පැමිණිය යුතු ආකාරය, කාලසටහන් සකස්විය යුත්තේ කෙසේද වැනි කරුණු සම්බන්ධයෙන් දින පහක කාලයක් පුරා කටයුතු කරන ලෙසට අප ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා. යනුවෙන් ප්‍රකාශ කරයි.
පාසල් විවෘත කළ යුතු ආකාරය සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව පාසල්වල ගිලන් කාමර ස්ථාපනය කළ යුතු වන අතර බාලක බාලිකාවන් සඳහා වෙන් වශයෙන් ගිලන් ඇඳවල් තිබිය යුතුය. පාසල් ආපන ශාලා විවෘත නොකළ යුතු වන අතර, සිසුන් තම ආහාර හා ජලය නිවසින් රුගෙන ආ යුතුය. නිවසින් පිටත් වීමට ප්‍රථම මුඛ ආවරණ පැළදීමටද, දෛනිකව පිරිසුදු කරන ලද ඇදුම් ඇඳීමට හා නිවසට පැමිණි පසු පාවහන් අව්වේ තබා වියළීම, අත් සබන් යොදා සේදීමට හුරැ කිරීම මෙන්ම අත් ඔරලෝසු වැනි දැ නොපැළදීමට උපදෙස් දීම කළ යුතු බවද සඳහන්ය.
මෙම චක්‍රලේඛයෙන් පුද්ගල දුරස්ථභාවයද අවධාරණය කර තිබේ .පන්ති කාමරයේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගත හැකි ආකාරයට සිසුන් රුඳවීම, විවේක කාලය සියල්ලන්ටම එකවර ලබා නොදීම, පුද්ගල දුරස්ථභාවය සඳහා සිසුන් ගමන් කළ යුතු දිශාවන් ඊතල මඟින් පෙන්වා දීම, ක්‍රිඩා පිටි භාවිතයේදි මෙන්ම වැසිකිළි භාවිතයේදීද මීටරයේ දුරස්ථභාවය රැක ගැනීමට සිසුන් දිරිමත් කිරීම කළ යුතු බවද එහි සඳහන්ය.
දෙවැනි අදියරය යටතේ සිසුන් සඳහා ජූලි මස 06 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත වන අතර එහිදි 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිතය. පහ ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු උදෑසන 7.30ට ආරම්භ වී දහවල් 12 දක්වා පැවැත්වෙන අතර 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු පෙරවරැ 7.30 සිය පස්වරු 3.30 දක්වා පැවැත්වේ.
තෙවැනි අදියරය යටතේ පාසල් විවෘත වන්නේ ජුලි මස 20 දිනය. ඒ 10 සහ 12 වැනි ශ්‍රේණි සඳහාය. එම ශ්‍රේණිද පෙරවරැ 7.30 සිට පස්වරැ 3.30 දක්වා පැවැත්වීමට නියමිතය. සිව් වැනි අදියරය යටතේ 3, 4, 6, 7,8, 9 යන ශ්‍රේණි ජුලි මස 27 දා ආරම්භ කෙරෙනු ඇත. 3 සහ 4 වැනි ශ්‍රෙණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු උදෑසන 7.30 සිට 11.30 දක්වා පැවැත්වෙන අතර සෙසු ශ්‍රේණි උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වෙනු ඇත. පළමු හා දෙවැනි ශ්‍රේණිවල සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු අගෝස්තු 10වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ජූලි 6 වැනි දින සිට ආරම්භ කෙරෙන පාසල් කාලය සැප්තැම්බර් 3 දක්වා පැවැත්වෙනු ඇත. ඒ අනුව පාසල් පැවැත්විය හැකි කාලය දින 42ක් පමණ වේ. දින 66ක් පුරා අහිමි වූ පැය ගණන ආවරණය කර ගැනීම සඳහා පැය 6ක අධ්‍යාපන කාලය පැය 8 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව අහිමි වූ කාලයෙන් පැය 344ක් පමණ ආවරණය කර ගැනීමට හැකි වනු ඇත.
සිසුන් පන්ති කාමරවල සිටින අවස්ථාවන්හි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා තිබේ. විශේෂයෙන් කුඩා දරුවන් වැඩි වේලාවක් මුඛ ආවරණ පැළඳ සිටීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා සහ වෙනත් අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නොකළ යුතු යැයි ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී ඇති උපදේශයන්හි සඳහන් කර ඇත. එහෙත් ඉහළ ශ්‍රේණිවල සිසුන් හැකි සෑම අවස්ථාවකම අපහසුතාවක් නොමැති නම් මුඛ ආවරණ පැළඳ සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට හිතකර බවද එහි සඳහන්ය.
සෑම පාසලකටම සෞඛ්‍යආරක්ෂක පහසුකම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බවත්. ඒ සඳහා දෙමවුපියන්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බවත් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. දිවයිනේ සියලු පාසල් සඳහා සෞඛ්‍යආරක්ෂක පහසුකම් සැපයීම සඳහා රජය රුපියල් මිලියන 680 ක්ද ඇස්තමේන්තු කොට ඇති බැව් පැවසේ. බස්නාහිර පළාතේ පාසල් සඳහා රුපියල් මිලියන 13 ක් පමණ වෙන්වී තිබේ. ඒ ඒ පාසලේ සිටින ළමුන් සංඛ්‍යාව, පහසුකම් ලබා ගැනීමේ හැකියාව වැනි කරුණු මත පාසලකට රුපියල් 20,000 සිට 60,000 අතර මුදල් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කෙරේ. මෙම මුදල් පාසල් සංවර්ධන සමිති මඟින් පාලනය කෙරෙනු ඇත.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා