ඇබ්බැහියට හෝ පුරුද්දට නොවුණත් කාන්සිය මැකෙන්න යැයි සිතා ඔහු මධුවිත තොල ගෑවේය. අම්මා නැති දරු තිදෙනාට ආදරණීය පියෙක් වූ ඔහු මත්පැන් පානය කිරීමට හිතවතකු එක්කොට ගත්තේය. හිතවත්කමට ආශ්‍රය කළ පුද්ගලයා නිසා ඔහුට සිදුව තිබුණේ බල්ලන් සමඟ ලැග මැක්කන් හා නැගිටීම වැනි දෙයකි.
අවුරුදු 21, 12 සහ 08 වයසේ පසුවන දරුවන් තිදෙනෙක් ඔහුට සිටියහ. එහි බාලයා දියණියකි. වසර අටක් තිස්සේ පියා ඇසුරේම දරුවන් හැදී වැටුණේ 2012 වසරේදී මව මියගියදා පටන්ය. විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ පියා දරැවන් සමඟ එතෙක් පදිංචිව සිටියේ ගලේවෙල ප්‍රදේශයේ වුවත් බිරිඳගේ මරණයෙන් පසුව උහන ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබුණේ ඔහුගේ සොහොයුරා උහන පදිංචිව සිටි නිසාය. දරුවන්ගේ පියාගේ එකම නැගණිය ආබාධිතය. ඇයත් මොවුන් සමඟ එකම නිවසේ කල් ගෙවුවාය.
ගලේවෙල සිට උහන පදිංචියට ගිය මුල් සමයේ හිතමිතුරන් නොවුණද කාලයත් සමඟ ඇසුරු කළ පිරිසක් ඇතිවිය. යුද හමුදාවේ විශ්‍රාම ලබා සිටි කපිතාන්වරයකු මොහු හා ඇසුරට වැටී තිබුණේ 2018 වසරේ පටන්ය. බොහෝ අවස්ථාවන්හිදී ගෙදරට යන එන ඔහු ළඟින් ඇසුරු කළේය. දෙන්නා එකතු වී දරුවන් සිටින නිවසේ පසෙක මධුවිත තොල ගෑවේ ඒ අතරය. නිතර නිවසට යන එන හිතවතා අජිත් වූ අතර දරුවන් ඔහු අමතා තිබුණේ අජිත් මාමා හැටියටය.
ගතවූ ජූනි 18 වැනිදා සිට 24 වැනිදා දක්වාම සවස් යාමයේ රැස් වූ හිතවතුන් දෙන්නා මේ දරුවන් සිටි නිවසේ මත්පැන් පානය කළෝය. එකදිගට දින හතක් අජිත් නැමැත්තා මෙම නිවෙසට පැමිණ නිවෙස පසුපස කාමරයක මත්පැන් පානය කර තිබිණ. අජිත් මාමා ලෙසින් ආමන්ත්‍රණය කරන බාල දියණියට පැටියෝ නමින් අමතන අජිත් ඇයට වඩාත් ළෙන්ගතුකමක් පෑවේය. එසේ සිටියදී ගෙදර දෙවැනි පුතු හා බාල දියණිය සෙල්ලමේය. ඒ අතරට ආ අජිත් මාමා පැටියෝ කියමින් පුංචි දියණියගේ පසුපස අතගෑවේ කාටත් නොදැනෙන්නටය. ඒ පසුගිය 21 වැනිදා සවස්යාමේ මොහොතකි.
කාටත් නොහැගෙන ලෙස සිදුකළ අජිත්ගේ ක්‍රියාව පුංචි දියණියගේ අයියාගේ නෙත ගැටී තිබිණි.
අජිත් මාමා නංගිගේ පස්ස අතගෑවා. ඒ ඇයි තාත්තේ?
මෙසේ පියාගෙන් සිදුවීම ප්‍රශ්න කර තිබුණේ සිය දෙවැනි පුත්‍රයාය. ඊට පිළිතුරක් දෙමින් ආදරේට වෙන්න ඇති පුතේ.. අපි බලමුකෝ ආයෙත් එහෙම කරයිද කියලා. පුතා නංගි බලාගන්නකෝ යැයි තාත්තා පුතාට අවවාද කොට තිබිණි. ඒ පසුගිය 21 වැනිදා වූ සිදුවීමකි.
ඉන් අනතුරුවත් දින තුනක් එකදිගට හිතවතුන් දෙන්නා මත්පැන් පානය කළෝය. එසේ මත්පැන් පානය කළ පසු මොහොතක ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකට මොවුන් දරැවන් සමඟම ගොස් තිබිණ. ටික වෙලාවකට පසුව දරුවන් ගෙදරට ඇරලවා දරුවන්ගේ පියා නැවත ගොස් තිබුණේ අජිත් නැමැත්තාගේ යතුරැපැදියෙනි. අනතුරැව අජිත් එතැන සිටියදී මොහු නිවෙසට පැමිණ දරුවන් සමඟ නින්දට ගොස් තිබුණේ රාත්‍රී 10.45ට පමණය.
ඔහුගේ ආබාධිත නැගණිය වෙනම කාමරයක සිටින අතර පසුපස දොර නිරතුරුවම අගුළු නොදමා තිබුණේ නැගණිය විටින් විට එළියට යාම පුරැද්දක් කරගෙන සිටි නිසාය. නින්දට වැටී හෝරා දෙකතුනක් ගතවෙත්ම,
තාත්තේ... තාත්තේ... නංගි ළඟ කවුදෝ ඉන්නවා. යැයි කියමින් දෙවැනි පුතා තාත්තා නින්දෙන් අවදි කළේ කෑගසමිනි. ඒත් සමඟ පිබිදී විදුලි බල්බය දැල්වුවද ඵලක් වී නැත. පසුව දැක තිබුණේ නිවසේ ප්‍රධාන ස්විචයෙන් විදුලිය විසන්ධි වී ඇති බවකි. පසුව බල්බය දැල්වූ සැණින් දැක ඇත්තේ පුංචි දියණිය අසල අජිත් නිදාසිටි බවකි. කෝපයට පත් දරුවන්ගේ පියා අතට අසු වූ කොස්සෙන් ඔහුට පහරක් එල්ල කොට ඇත. දෙකට කැඩුණු කොසු මිටෙන් ඔහුට දමා ගැසුවේ කේන්තිය වැඩිකමටය.
අලුයම 1.30ට පමණ වූ මේ සිදුවීම අවස්ථාවේ දරැවන්ගේ පියා රෙදි වැලට දමා තිබූ රතු පැහැති සරමක් අජිත් නැමැත්තා ඇඟලා තිබී ඇත. නිවෙස ඉදිරිපිට වූ පුටුවක යතුරුපැදියේ යතුර, හිස් ආවරණය, ජංගම දුරකථනය හා උනා දැමූ ඇඳුම් කිහිපයක් තිබුණේ අජිත් සතු ඒවාය. සියල්ල අතහැර පැන දුවගොස් තිබුණු අජිත් පසුපස අගුළු නොදැමූ දොරෙන් කාටත් හොරා නිවෙසට ඇතුළු වී තිබිණ.
අජිත් සතු උපකරණ කිහිපය රැගෙන උහන පොලීසියට ගිය දරුවන්ගේ පියා සිදුවීම විස්තර කොට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබිණි. ඔහුගේ පුත්‍රයාත් බාල දියණියත් ලබාදුන් ප්‍රකාශ එක හා සමානය. අජිත් සතු භාණ්ඩ සියල්ල පැමිණිල්ලේ සාක්ෂිය. පසුදින පස්වරුවේ අජිත් මේ නිවසට පැමිණ තිබුණේ කිසිවක් නොවුණු විලසය.
අන්න උඹේ බඩු සේරම පොලීසියේ තියෙනවා. ගිහින් ඉල්ලගනින්. ආයෙත් මෙහෙ එන්න එපා.* යැයි අජිත්ට දරුවන්ගේ පියා ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු පොලීසියට ගොස් තිබුණේ තම භාණ්ඩ රැගෙන ඒමටය. එහිදී අත්අඩංගුවට පත් හිටපු විශ්‍රාමික කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 44 හැවිරිදි ඔහු විවාහක නමුත් බිරිය හැරගොස් තිබිණ. වෙනත් කාන්තාවක් හා වූ ගැටලු නිසා ඔහුට එරෙහිව පැමිණිලි කිහිපයක් ද පොලීසිය මගින් විමර්ශනය කොට තිබිණ.
සැකකරුට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ලිංගික අතවර කිරීම හා නිවසකට අයුතු ලෙස ඇතුළු වීමට එරෙහිව චෝදනා නගා අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමටය.
උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් වේරගොඩ (58004) සහ කාන්තා පොලිස් සැරයන් ෂර්මිලා (5694) ඇතුළු නිලධාරීහු පිරිසක් විමර්ශන සිදුකරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර