අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද අපේක්ෂකයන්ට ද ඡන්දදායක ජනතාවට ද වැදගත් වන අපූරු අදහසක් පළ කර තිබේ. එම අදහසට අනුව ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇත්තේ මනාප පොරය අත්හැර වැදගත් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය දෙන ලෙසය. ඡන්දදායක ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ රටට වැඩදායක මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ශක්තිමත් ආණ්ඩුවක් ඇතිකිරීම සඳහා ක්‍රියා කරන ලෙසය. මේ කරුණු දෙක රටේ අනාගතය තීන්දු කරන ප්‍රධාන සාධක දෙකක් සේ සැලකිය හැකිය.
අගමැතිවරයා එසේ පැවසුවද මැතිවරණ නිරීක්ෂණ පෙන්වා දෙන පරිදි රට පුරාම මේ වනවිටත් මැතිවරණ මනාප සටන් වෙනුවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක්ම වාර්තා වී ඇත. දෙනියාය ප්‍රදේශයේ එකම පක්ෂයක අපෙක්ෂයන් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු රෝහල් ගත කර ඇති අතර අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ සිදුවූ තවත් පහර දීමකින් පුද්ගලයකු රෝහල් ගත කර ඇත.
මේ වනවිටත් මෙරට තිබෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන රට පුරාම මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර අම්පාර ප්‍රදේශයේ ස්වාධීන පක්ෂ අපේක්ෂයන් අතරද මනාප පොරය නිසා ගැටුම් හට ගැනීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වී ඇත. කෙසේ වෙතත් මෙරට මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දී ඇත්තේ අනෙකුත් සියලු මැතිවරණවලට සාපෙක්ෂව 2015 වසරේ සිට පූර්ව මැතිවරණ අවධියේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවී ඇති බවය.
මෙවර මහ මැතිවරණයට තවත් ඇත්තේ දින 40කට වඩා අඩු කාලයකි. දැනටමත් රටේ විවිධ ප්‍රදේශවලින් එකම පක්ෂයේ අපෙක්ෂකයන් මනාප පොරය නිසා ගුටි බැට හුවමාරැ කරගත් අවස්ථා කිහිපයක්ම පොලිස් පොත්වල ලියවී ඇත. මහ මැතිවරණ සමයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දේශයේ අප මෙරට නිරීක්ෂණ සංවිධාන කිහිපයකින් විමසීමක් කළෙමු.
තවම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා නෑ
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක
මෙවර මහ මැතිවරණය සඳහා මේ වනවිට දින ප්‍රකාශයට පත් කරලා තියනවා. රට පුරාම අපේක්ෂකයන් මේ වනවිටත් මහ මැතිවරණය සඳහා තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරලා තියනවා.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය මේ වනවිටත් මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා නිරීක්ෂකයන් පත් කර තිබෙනවා. තවමත් ගෙවී යන්නේ මේ පූර්ව මැතිවරණ සමය. තවමත් අපිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා නැහැ. නමුත් බොහෝ විට තව සති දෙක තුනක් යනවිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා වීම සිදුවෙයි කියලා අපි හිතනවා. නමුත් 1977 සිට 2015 දක්වා කාලය තුළ තිබුණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මේ පසුගිය කාලය තළල අඩුවීමක් දක්නට තිබුණා. නමුත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සාපෙක්ෂව අපේක්ෂයන් මේ පොදු දේපල අවභාවිත කරන ආකාරයක් පෙනෙන්නට තියෙනවා. මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට වඩා පොදු දේපල අවභාවිතය දඬුවම් ලැබිය හැකි වරදක්.
ස්වාධීන කණ්ඩායම් අතරත් මනාප ගැටුම්
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස්
2020 මහ මැතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි 10කට අඩු ප්‍රමාණයක් තමයි තවමත් අපිට ලැබිලා තියෙන්නේ.
ඒ අතරින් පසුගිය දිනක එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ ආධාරකරැවන් ගැටීමක් වාර්තා වෙලා තිබුණා මාතර කොටපොල ප්‍රදේශයෙන්. ඒ වගේම මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් රුසක් ඉදිරිපත් වෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුන, අක්කරෛයිපත්තු වැනි ප්‍රදේශවලත් ඒ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් මනාප සඳහා ගැටීම් ඇතිකරගත් අවස්ථාත් දෙකක් පමණ වාර්තාවෙලා තිබුණා. කොහොම වුණත් මහ මැතිවරණයක එකම පක්ෂයේ අපේෂකයන් අතර මනාපවලට ගැටුණු අවස්ථා තමයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස පසුගිය කාලයෙත් වාර්තා වී තිබුණේ කොහොමත් කැෆේ සංවිධානය එහෙම අවස්ථා වාර්තා වූ වහාම අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නවා.
පැමිණිලි ටිකයිපැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් පැෆරල් සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි අල්ප ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ.
ඒ අතරින් එක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙලා තියෙනවා දෙනියාය කොටපල ප්‍රදේශයෙන්. ඒ වගේම තමයි මහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මෙවර මහ මැතිවරණයේදී පැෆරල් සංවිධානය විශේෂ අවධානයක් යොමු කරනවා. දැන් බොහෝ විට සමහර අවස්ථාවල අපෙක්ෂකයන්ගේ ආධරකරැවන් පෞද්ගලික හේතුන් මත ගැටුම් ඇති කරගත් අවස්ථාවලත් කියන්නේ මහ මැතිවරණයට ඉදිරිපත්වන අහවල් අපේක්ෂකයේ ආධාරකරැවන් ගැටුම් ඇති කරගත්තා කියලා. නමුත් සිදුවීම සොයා බලනවිට වෙලා තියෙන්නේ වෙන දෙයක්. එවැනි අවස්ථාත් මෙම කාලයේදී වාර්ථා වෙනවා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී පැෆරල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා.
සටහන හසිත් අංජන