ජාත්‍යන්තර මූල්‍ය අපරාධකරුවන් පිරිසක් දේශීය පුද්ගලයන්ගේ සහායෙන් සිදුකරගෙන ගිය මූල්‍ය වංචාවක් වටලා ඒ සම්බන්ධයෙන් සැකකාර විදේශිකයන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය සමත්ව සිටියි. වැටලීමේදී නයිජීරියානු ජාතිකයන් තිදෙනෙක් සහ උගණ්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට පත්වූහ. මෙම නයිජීරියානු ජාතිකයන් තිදෙනා මීට ඉහතදීත් ක්‍රෙඩිට් කාඩ් හා මූල්‍ය වංචා රුසක සැකකරුවන් බවද අනාවරණය වී තිබේ.
විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීහු නිරන්තරයෙන් බුද්ධි තොරතුරැ පිළිබඳව අවධානයෙන් සිටිති. නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක් වන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අනතුරක හෝඩුවාවක් පිළිබඳව බුද්ධි තොරතුරු සොයා බැලීම එම නිලධාරීන්ගේ යුතුකම හා වගකීමය. සමාජයේ ඕනෑම කොටසක් හරහා වාර්තා වන බුද්ධි තොරතුරැ රුස් කිරීමටත්, ඒවා විමර්ශනය කිරීමටත් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීහු ක්‍රියා කරති. කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව ක්‍රියාත්මක බුද්ධි මෙහෙයුම්වලදී ලැබුණු තොරතුරැ අනුව සිදුකළ මෙහෙයුමකදී සංවිධානාත්මකව මිනිසුන් රවටා මුදල් වංචා කරන මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් නිරතුරුවම ක්‍රියාත්මකව ඉන්නවා. ජාතික ආරක්ෂාව සිට ඕනෑම අපරාධ හෝ ජාවාරම් පිළිබඳ යම් යම් තොරතුරු බුද්ධි නිලධාරීන්ට ලැබෙනවා. ඒ අනුව අවශ්‍ය කරන මෙහෙයුම් වැටලීම් සිදු කරනවා. ඒ විදිහට ලැබුණු රහසිගත තොරතුරක් තමයි විදේශිකයන් විසින් සිදු කරන මූල්‍ය ජාවාරම. මේ ජාවාරම්කරැවන් සමාජජාලා වෙබ්අඩවි මගින් තමයි වැඩිපුරම ජාවාරම සිදු කරලා තිබුණේ. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා පැවසීය.
ෆේස්බුක් සමාජජාලයේ මැසෙන්ජර් හරහාත් වට්ස්ඇප් ඔස්සේත් විවිධ පිරිස් හා සම්බන්ධතා ගොඩනගා ගැනීමට ජාවාරම්කරැවන් ක්‍රියා කර තිබේ. ඔවුන් ප්‍රථමයෙන් සමාජජාලා පරිශීලනය කරන අතරතුර පිටස්තර අය මිතුරැ ලැයිස්තුවට එක්කර ගැනීමට උත්සාහ කර ඇතැයි පැවසේ. විදේශිකයන් වන පිරිස සිය රටවල හෝ වෙනත් රටක ජීවත්වන ආකාරය සෙසු පිරිසට හැඟෙන ආකාරයෙන් කටයුතු කරමින් මෙරට කාන්තාවන් සිය හිතවතියන් කරගෙන තිබේ. ඒ අනුව අවස්ථා කිහිපයකදී කෙටි පණිවුඩ හරහා අදහස් හුවමාරු කරමින් ඔවුන් ඉතා ධනවත් සුපිරි ජීවිත ගත කරන පිරිස් බවට පෙන්වා තිබේ. නයිජීරියානු ජාතිකයන් වෙනත් රටක සංචාරයක නිරතවන ආකාරයේ තොරතුරැ තමන් හඳුනාගත් කාන්තාවන්ට දන්වා තිබේ. තමන්ට නොමැති ප්‍රතිරෑපයක් හා සමාජ වටපිටාවක් මවා පෙන්වීමට ඔවුන් සමත්ව තිබේ.
දින කිහිපයක් තිස්සේ ගොඩනගාගත් මිතුරැ ඇසුර අතරතුර ඇතැම් වටිනා ත්‍යාග ලබාදීමේ පොරොන්දුව පමණක් නොව, ඇවැසිනම් සිය රටට ගෙන්වාගෙන රුකියාවක් ලබා දීමට පවා පොරොන්දු වී තිබේ. මේ ආකාරයට වැඩි වශයෙන් ආශ්‍රයට පොළඹවාගෙන තිබුණේ කාන්තාවන්ය. එහිදී එවැනි කාන්තාවන්ට ත්‍යාගයක් ලබා දෙන බව පවසා ඔවුන් සතු ගිණුම් අංක ලබාගෙන පවුම්වලින් හෝ ඩොලර්වලින් 25,000 හෝ 30,000 ක් මුදල් බැරකළ බවට ප්‍රකාශ කිරීම මේ වංචාවේ ඊළඟ පියවරයි. එසේම අදාළ මුදල් ලබාගැනීමට ලංකාවේ රුපියල් වලින් යම් ප්‍රමාණයක් තිබිය යුතු බව දැන්වීමටද ඔවුන් අමතක කරන්නේ නැත.
මේ ආකාරයට තොරතුරැ ලැබීමෙන් පසු එම මුදල ලබාගැනීමට උත්සාහ ගත් මෙරට කාන්තාවන් ඔවුන්ට පවසා ඇත්තේ තම ගිණුමට එවැනි මුදලක් බැර නොවූ බවය. එවිට සැකකරැවන් කියා තිබුණේ සිය ගිණුම හා ගනුදෙනුවක් සිදුවන බව පෙන්වීමට ලංකා රැපියල් වලින් මුදලක් එම ගිණුමට බැර කළ යුතුව ඇති බවත්, ඒ සඳහා රැපියල් 55,000 ක් ප්‍රථමයෙන් තැන්පත් කරන ලෙසත්ය. ඊට එකඟවන කාන්තාවන් එම මුදල තැන්පත් කළ ද අදාළ පවුම් හෝ ඩොලර් ලැබී නැත. ඒ බව විදේශීය මිතුරාට දැන්වීමේදී එම මුදල් ප්‍රමාණවත් නැති බවත්, නැවත රැපියල් 20,000 ක් පමණ බැර කරන ලෙසත් කියා තිබේ. මේ ආකාරයට දෙතුන් වතාවක් මුදල් වංචා කරන පිරිස් යළිත් ඔවුන් හා සම්බන්ධ නොවෙති.
මෙවැනි උගුල්වලට අසුවන කාන්තාවන් රැවටීම සඳහා වංචාකරැවන් රත්‍රං මාල සහ දියමන්ති එවන බව පවසා එවැනි ඡායාරෑප වට්ස්ඇප් හරහා පෙන්වා ඇතැයි පැවසේ. ඒවා දැක ඊට ආශා කරන කාන්තාවන් ඒවා ලබාගැනීමේ අරමුණෙන් ජාවාරම්කරැවන්ගේ උපදෙස්වලට රැවටී ගිණුම් විවෘත කර තිබේ. එම ගිණුම් හරහා හොරරහසේ මුදල් වංචා කිරීම සිදුකර ඇති අතර එම කාන්තාවන් සතු ක්‍රෙඩිට් කාඩ්වල මුදල් පවා රහසිගතව සොරාගැනීමට මේ පිරිස සමත්ව සිටිති.
මේ ආකාරයට ඇතැම් කාන්තාවන් රැපියල් 120,000 බැගින් ගෙවා වංචාවට හසුව සිටින බව හෙළි වී තිබේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මෙහෙයුම අතරතුර නයිජීරියානු පුද්ගලයන් තිදෙනකු හා උගණ්ඩා කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගැනුණේ ගල්කිස්ස හෝටලයක කාමර දෙකක් කුලියට ගෙන රුඳී සිටියදීය. අදාළ කාන්තාවට මෙරට රැඳී සිටීමට වීසා තිබුණද, සෙසු තිදෙනා රුඳී සිට ඇත්තේ අනවසරයෙනි. ඔවුන් තිදෙනා 2017 වසරේදී ද මෙවැනි ජාවාරමක නිරත වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්වූවෝ වෙති. ඔවුන් සුපිරි ජීවිත ගත කරන අතර හෝටල් කාමරය රුපියල් 120,000 බැගින් වන මාසික කුලියට ලබාගෙන ඇතැයි පැවසේ.
මෙම ජාවාරම්කරැවන් පිරිස ඉන්දියාව, බංග්ලාදේශය හා පකිස්තානය අතර මෙම වංචා ගනුදෙනුව සිදු කරමින් සැරිසරති. වසර තුනක් තිස්සේ මෙම නයිජීරියානු ජාතිකයන් තිදෙනා මෙරට රුඳී සිටීම ගැන මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඇත්තේ බරපතළ ගැටලුවකි. තර්ජනාත්මක ලෙස අන්තවාදය ක්‍රියාත්මක රටවල් කිහිපයක් සමඟ සබඳතා පවත්වන මෙම ජාවාරම්කරැවන් හරහා මෙරට අන්තවාදීන්ට යම් සහනයක් සැලසෙන බවද සැකයකි. එබැවින් ආගමන විගමන වැනි වගකිවයුතු රාජ්‍ය ආයතනවල වගකීම පැහැරහැරීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද අපි පෙන්වා දෙමු.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරැණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී කමල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළහ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරැවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර