
කොරෝනා වසංගතය යම් තරමකට මර්දනය වීමත් සමඟ ජනයාගේ ජීවන රටාව සුපුරැදු පරිදි ගෙවෙමින් පවතී. පොදු ප්‍රවාහන සේවය බොහෝදුරට සාමාන්‍ය තත්ත්වයට පත්වන බව පෙනේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ යෙදෙන බස් රථද සාමාන්‍ය පරිදි ධාවනය වේ. නමුත් අධිවේගී මාර්ගවල ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව තමන්ට දරා ගැනීමට නොහැකි මිල මට්ටමක පවතින බව මගීහු චෝදනා කරති.
අධිවේගී මාර්ගයේ බස් රථයක් ධාවනයට වසරකට ඉතා විශාල මුදලක් බස් හිමියා විසින් රජයට ගෙවනවා. මේ බලපත්‍ර මුදලට මගීන්ගෙන් යම් මුදලක් අය වෙනවා. අධිවේගී මාර්ගය හදන්න කලින් ගාලු පාර ඔස්සේ සුඛෝපභෝගී බස් රථ ධාවනය වුණා. අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟම ඒ බස් හිමියන්ටම එවැනි සුඛෝපභෝගී බස් රථ ධාවනය කරන්න අවසරය ලබාදිය යුතු වුණත්, කොමිෂන් සභාව විසින් අලුතින් ඒ සඳහා ටෙන්ඩර් දැම්මා. ඒ අනුව බස් රථ හිමියන්ට ටෙන්ඩර් ලබාදුන්නා. ඒ ටෙන්ඩර්වල මිල ඉතා විශාල ගණනකට ඉහළ ගියා. ඒ ටෙන්ඩර් ලබාගන්න වගේම ඒ මුදල පියවා ගන්නට අය කරන බස් ගාස්තුව නිසා මගීන්ටත් යම් අසාධාරණයක් සිදුවෙනවා. නමුත් බස් හිමියන් ද හරි අසරණයි
යැයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර දේශයට පැවසීය.
කාලය ඉතුරැ කිරීම සහ ඉක්මන්ගමනක් යාම සඳහා අද වනවිට මගීහු විසින් අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථවල යාමට කැමැත්තක් දක්වති. නමුත් එය සාමාන්‍ය බස් රථ මිල ගණනට වඩා ඉතා අධිකය.
බස්රථ හිමියන් පවසනුයේ එවකට පවතින ලද තත්ත්වය හා ටෙන්ඩරය තිබූ කොන්දේසි මත පදනම්ව ඔවුන් විසින් එම ටෙන්ඩරයට අදාළ මිල නියම කර බලපත්‍ර ලබාගත්තද එවකට පැවැත් තත්ත්වය මේ වනවිට හාත්පසින්ම වෙනස් වී ඇති බවය. පෙර පැවති තත්ත්වය යටතේ ඔවුන් විසින් බලපත්‍රවලට අදාළ ටෙන්ඩර් ගාස්තු ගෙවන ලද්දේ බැංකු ණය මුදල් ලබාගැනීමෙන් නිසා වර්තමානයේදී එම ණය මුදල් නැවත බැංකුවලට පියවීමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිකමින් තමන් විශාල ගැටලුවකට මුහුණ දී ඇති බව ඔවුහු පවසති.
බස් රථයේ ගමන් කරනා මගීන්ට ඉක්මන් ගමන් පහසුකම අපි ලබාදිය යුතුයි. සාමාන්‍ය ලෙස ගාලු පාරේ ධාවනය වන බස් රථවලට ලවණ වාෂ්ප නිසා විශාල හානියක් සිදුවෙනවා. මුහුදු ආශ්‍රිතව ධාවනය වන බස්රථ ඉක්මනින් දිරනවා. ඒ නිසා බස් හිමියන් ලොකු අපහසුතාවයට පත්වුණා. ඒ බස් රථවල වටිනාකමක් නැතිව ගියා. කොමිෂන් සභාවෙන් වැටුණු බස් හිමියන් ගොඩ ගැනීමත් කළ යුතු වුණත් එහෙම කළේ නැහැ. අධිවේගී ධාවනයට ඔය තරම් විශාල බස් ඕනවෙන්නේ නැහැ. සාමාන්‍ය ගාලු පාරේ දුවන සුඛෝපභෝගී බස්රථම ඒ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන්න තිබුණා. එහෙම දුන්නනම් බස් හිමියොත් රැකෙනවා. මගීන්ටත් සාමාන්‍ය මිලකට කොළඹට ළඟා වෙන්න තිබුණා. එහෙම නැතිව කොහේවත් නැති ටෙන්ඩරයක් දාලා මේ ක්ෂේත්‍රයේ නැති මිනිසුන්ට ටෙන්ඩර් ලබලා දීලා විශාල මිලකට බස් ගාස්තුව තීරණය කළා. අද වනවිට ගාලු පාරේ ධාවනය වන සාමාන්‍ය අධි සුඛෝපභෝගී බස් රථවලට මගීන් එන්නේ නැහැ. ඒ බස් හිමියන් ද අද අසරණ වෙලා. මේ වෙනුවෙන් සාධාරණ විසඳුමක් කවුරැත් තාමත් ලබා දුන්නේ නැහැ.
යැයි සරත් විජිතකුමාර වැඩිදුරටත් පැවසීය.
කිලෝමීටර් සියයක්, දෙසීයක් ධාවනය වීමට ආසන 80 විශාල බස් රථ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ලක්ෂ එකසිය පනහේ දෙසීයේ බස් මිලදී ගන්නේ. අපේ බස් හිමියන් විශාල ණය ලබාගනිමින් ඒ වෙනුවට සාමාන්‍ය සුඛෝපභෝගී බස්රථ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන්නට අවසරය දුන්නා නම් තවත් බස් හිමියන් කිහිපදෙනෙක්ම රුකෙනවා. මගීන්ටත් අපහසුතාවයකින් තොරව යාමට හැකිවෙනවා. නියාමනය කරන ආයතන මුදල් හම්බ කරන පැත්තටම ගියොත් රටේ මගියන්ට සේවාවක් ලැබෙන්නේ නැහැ* යැයි ඔහු වැඩිදුරටත් දේශයට අදහස් දැක්වීය.
මේ අනුව බැලූ කල අධිවේගී බස් හිමියෝ වසරකට රජයට විශාල මුදල් බලපත්‍රය වෙනුවෙන් ලබාදෙති. එය දහතුන් ලක්ෂ හැට පන්දහසේ සිට ලක්ෂ හතලිස් පහක් වැනි ඉතා විශාල මුදලකි. අධිවේගී මාර්ගයේ මුල්ම ටෙන්ඩරය ඉදිරිපත් වූයේ 2012 වසරේදීය. එහිදී වැඩිම ටෙන්ඩර් ලංසුව වූයේ ලක්ෂ දහනවයකි. නමුත් ගමනාගමන කොමිෂන් සභාව එය දහතුන් ලක්ෂ හැට පන්දහසට තීරණය කළේය. නැවත ටෙන්ඩර් කැඳවන ලද්දේ 2017 වසරේදීය. එහිදී වැඩිම ලංසුව වූයේ ගාල්ල මාකුඹුර ගමනාන්තයයි. එය ලක්ෂ හතළිස් හයකි. එය වසරක් පාසා ගෙවිය යුතුවේ. ඒ අනුව ගාල්ල මාකුඹුර අධිවේගී මාර්ගයේ යන සෑම මගියකුම රජයට බදු ලෙසින් රැපියල් දෙසිය දහ අටක් පමණ මුදලක් ගෙවයි. ගාල්ල මාකුඹුර අධිවේගී මාර්ගයේ ධාවනය වීමට එක මගියෙකුගෙන් අයකර ගනු ලබන ප්‍රවේශපත්‍ර මිල වන්නේ රැපියල් හාරසිය දහයකි. ඒ අනුව එයින් බදු ලෙසින් රජයට රැපියල් දෙසීය දහයක් අය වනවිට බස් හිමියාට හිමිවන්නේ රුපියල් දෙසීයක මුදලක් පමණි.
ඒ බදු මුදලට බස් හිමියන්ට සහනයක් ලබාදෙන්න පුළුවන්කමක් තියෙනවානම් මගීන්ටත් සහනයක් දෙන්න අපිට පුළුවන් වෙනවා. මේ සම්බන්ධව අපි මේ වනවිට අතිගරැ ජනපතිතුමන් සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇමැතිතුමා සමඟ කතාබහ කරමින් පවතිනවා. ඉතා ඉක්මනින් අපිට සහනයක් ලැබේයැයි අපි විශ්වාස කරනවා. යැයි ගාල්ල දිස්ත්‍රික් අධිවේගී මාර්ගයේ බස් රථ හිමිවරැන්ගේ සංගමයේ සභාපති ප්‍රියරත්න ප්‍රේමලාල් මහතා දේශයට පැවසීය.
බස් හිමියන් පවසන පරිදි මෙසේ විශාල බදු මුදලක් රජයට ගෙවීමෙන් දැඩි අපහසුතාවයකට පත් වන අතර තමන්ට යම් සහනයක් ලබා දෙන්නේනම් රුපියල් පනහක් වැනි මුදලක බස් ගාස්තුවක් මගියාගෙන් අය කළ හැකි බව පැවසේ. ඒ සඳහා සහනදායී පොදු මුදලකට ආ යුතු බව ඔවුහු යෝජනා කරති. අලුතින් ඉදිවුණ මාකුඹුර බස් මාර්ගයට අලුතින් ටෙන්ඩර් කැඳවීමක් සිදුවිය. ඒ ටෙන්ඩරය සඳහා අධික මිල ගණනකට බස් දාහතරක් ඉදිරිපත් වුණි.
අධිවේගී මාර්ගයේ ඇතැම් මාර්ගවල ධාවනය වන බස් ප්‍රමාණය ඉතා අධිකයි. අපිට මිල අය කරන්නේ එක ගමන් වාරයකට ආසන අසූවකටයි. නමුත් මේ කාලෙදි බොහෝ බස් රථවල ආසන ප්‍රමාණයට මගීන් ගමන් කරන්නේ නැහැ. උදාහරණ විදිහට මාකුඹුර ගාල්ල බස් මාර්ගයේ බස් පනස් හයක් තියෙනවා. නමුත් මේ වනවිට බස්වල මගීන් ගෙන යන්නේ සියයට විස්සක් වගේ අඩු ප්‍රමාණයක්. අඩුම ගානේ මේ බස් පනස් හයෙන් බස් විස්සකටවත් මගීන් එකතු වෙන්නේ නැහැ. සමහර වෙලාවක එක බස් එකක මගීන් හතර පහක් එක්කත් බස් රථය ධාවනය කරන්න අපිට සිදුවෙලා තියෙනවා. එක ගමන් වාරයක් නිම කරන්නට සේවකයන් දෙදෙනාගේ වැටුපත් ඉන්ධන සහ අමතර වියදම් සමඟ රැපියල් දාහතරදාහක් පමණක් මුදලක් වැය වෙනවා. නමුත් මේ වනවිට අපිට බොහෝවිට ලැබෙන්නේ රැපියල් හයදාහක් වැනි මුදලක්. ඒක කොහොමවත් මේ බස් රථ නඩත්තුවට සෑහෙන්නේ නැහැ
යැයි ප්‍රියන්ත ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පැවසීය.
අධිවේගී මාර්ගයේ ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව මගීන් විසින් කළ චෝදනා සම්බන්ධව සොයා බලා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත
කෙසේ වුවද කොරෝනා වසංගතය සඳහා දිගු කාලයක් ධාවනය නොවීම නිසා මතු වූ ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි වර්ෂය සඳහා සහනයක් ලබාදෙන ලෙස බස් හිමියන් කරන ලද ඉල්ලීම අනුව මාස හයක සහන කාලයක් ලබා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
දිශානි ජයමාලි කරුණාරත්න