රටක මූල්‍ය පාලනය, ජනතාවගේ පරමාධිපත්‍ය සහ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව අවශ්‍යව ඇත. රටේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කිරීම සඳහාද එම ආයතනය ඇපකැප විය යුතුව තිබේ. මහ මැතිවරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුවක් වෙනස් කරන්නට මිස රජයක් වෙනස් කරන්නට නොවේ. රජය පවත්වාගෙන යාම ආණ්ඩුවේ වගකීම වන අතර, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාව මෙන්ම නව රාජ්‍යතන්ත්‍රයක් නිර්මාණය කිරීමේ හැකියාවද ආණ්ඩුවක් සතුව තිබේ.
මෙරට පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති පෙත්සම් විභාගයේ නියෝගය නිකුත් කළේ ඉකුත් අඟහරැවාදා සවස් වරුවේය. නඩු තීන්දුව දීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් ලබාදෙනු ඇති බවට බොහෝදෙනා බලාපොරොත්තු වුවද එය එසේ වූවේ නැත.
කොවිඩ් වසංගතය හමුවේ කල් ගිය මැතිවරණය පැවැත්වීමට නම් සෞඛ්‍ය අංශයේ කොළ එළියක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම කල්තියාම ප්‍රකාශයට පත් කළේය. කොවිඩ් 19 වසංගතය ක්‍රමක්‍රමයෙන් මෙරටින් තුරන් වනවිට මහ මැතිවරණය පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් මාලාව නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේය
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස්වලට අනුව ඡන්දදායකයන් ඡන්ද පොළට පැමිණිය යුත්තේ අනිවාර් යෙන්ම මුඛ ආවරණ පැළඳගෙනය. ඡන්දපොළේදී ඔවුන්ට සබන් හෝ විෂබීජ නාශක දියරයක් භාවිත කර දෑත් හොඳින් සෝදන්නට සිදුවේ. ඡන්දය සලකුණු කිරීමට සිටිය යුතු පෝලිමේ දුරස්ථභාවය රැක ගැනීමටද ඔවුන්ට සිදුවේ. මේ සියලු කරුණු කාරණා අනිවාර්ය වන අතර ඒ සියල්ල පොලීසියේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.
සෞඛ්‍ය අංශයේ උපදෙස් ලැබුණු විගස පසුගිය සතිය අවසානයේ මැතිවරණයට පෙර පෙරහුරු මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරන ලද්දේ නිවැරදි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්වීමේදී ගතවන කාලය සහ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මධ්‍යස්ථාන සකස් කරගන්නා ආකාරය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමටය.
අම්බලන්ගොඩ මැතිවරණ බල ප‍්‍රදේශයේ විලේගොඩ ග‍්‍රාමනිලධාරී වසමේ ඡන්දදායකයන් දෙසීය දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආදර්ශ ඡන්ද විමසීම මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය.
ආදර්ශ ඡන්ද විමසීම සිදුවන ආකාරය පිළිබඳව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා විසින් ඡන්දදායකයන් දැනුවත් කළ අතර ඉන්පසුව ඡන්ද විමසීමේ නිරත කාර්ය මණ්ඩලයට හා ඡන්ද නියෝජිතයන්ට වෙන වෙනම අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර මෙම ඡන්ද විමසීමේදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තු විෂය භාර නිලධාරි ඩී.ඩී.කේ. සේනාධිරත්න මහතා කටයුතු කළ අතර ඔහු සිය ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ සෞඛ්‍යආරක්‍ෂිත ඇඳුමකින් සැරසී සිටියේය.
ඡන්දය ප‍්‍රකාශ කරන්නට පැමිණෙන ඡන්දදායකයන් මීටරයක පරතරය තුළ රඳවා තිබූ අතර සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ දැඩිව ක‍්‍රියාත්මක කර තිබිණි. ඡන්දය ලබාදෙන ස්ථානයට පිවිසීමට පෙර අත් සේදුම් ස්ථාන පිළියෙල කර තිබූ අතර එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරැන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. මෙහිදී ඡන්දදායකයින් ඡන්ද පොළට ඇතුළු වනවිට උෂ්ණත්වය පරීක්‍ෂාවද සිදුකළ අතර ඉන් අනතුරැව විනිවිද පෙනෙන පොලිතින් ආවරණය තුළ සිටින මැතිවරණ කාර්ය මණ්ඩලය වෙත ඡන්දදායකයා යොමුකරවනු ලැබීය.
පෙරවරැ 10.00 ට ආරම්භ වූ මෙම ආදර්ශ ඡන්ද විමසීම දහවල් 12.30 දක්වා පැවැති අතර ඡන්ද 239 ක් එහිදී භාවිත වී තිබිණි. ඡන්දදායකයා විසින් සිය මුව ආවරණය ඉවත්කොට හැඳුනුම්පත මැතිවරණ නිලධාරීන්ට ඉදිරිපත් කළ විට එය ටිෂූ කඩදාසියක් යොදා අල්ලා ගන්නා නිලධාරීහු පරීක්‍ෂා කිරීම් අවසන් කරති. ඉන් අනතුරුව කොට්න් බඩ් එකක් මගින් ඡන්දදායකයාගේ වම් අතේ සුළඟිල්ල තීන්ත ආලේප කළ අතර ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීම සඳහා ඡන්දදායකයන් වෙත පෑනක්ද නිකුත් කරනු ලැබීය.
නියමිත කුටියේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසු ඡන්ද පත්‍රිකාව හතරට නවා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට පෙන්වා ඡන්ද පෙට්ටියට දමන ලෙස මෙම පෙරහුරැ ඡන්දයේදී ඡන්දදායකයන්ට උපදෙස් ලබාදී තිබුණ අතර ඡන්ද පළෙන් පිටවන සෑම ඡන්දදායකයකුගේම දෑත්වල විෂබීජහරණය කිරීම සඳහාද කාර්ය මණ්ඩල නියෝජිතයකු යොදවා තිබිණි.
මෙම පෙරහුරැවේදී ප‍්‍රථම ඡන්දය විලේගොඩ ධම්මයුක්තිකාරාමාධිපති අවිස්සාවේල්ලේ විමලසිද්ධි හිමියන් විසින් ප‍්‍රකාශ කළහ. ඡන්ද විමසීමේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ, ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ. චන්ද්‍රලාල්, අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් සරසි එස්. ගුණසේකර, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි නිහාල් රත්නායක, අම්බලන්ගොඩ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත ගුණසේකර යන නිලධාරීහු ද සහභාගි වී සිටියහ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය:
මෙම පෙරහුරැ මැතිවරණයෙන් අපි බලාපොරොත්තු වුණේ දරාගත හැකි ආකාරයේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ කොහොමද ඡන්ද විමසීමක් පවත්වන්නේ යන්න පිළිබඳව. එකේදී පැයකට කොපමණ ජන්ද ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? කියන කාරණය පිළිබඳ කොමිසම වඩාත් සැලකිලිමත් වුණා. අපි උදේ 10.00ට පටන් අරගෙන 12.00ට අවසන් කරනකොට ඡන්ද 239ක් පාවිච්චි කරලා තිබුණා. එහෙම බැලුවම අපිට පෙනෙනවා පැය 09ක කාලයේදී අපට සාමාන්‍යයෙන් තනි පෝලිමක ඡන්ද 900ක් 1000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල එක විදිහටම ඡන්දදායකයන්ගේ පැමිණීම තිබුණොත්. අනික මේ ඡන්ද මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් අපේ පොතේ තියන මධ්‍යස්ථානයක්. ඇතුළු වීමට දොරටුවක් තිබෙනවා. පිටවීමට දොරටුවක් තිබෙනවා. හොඳින් වාතාශ්‍රය තිබෙනවා. මීට වඩා කුඩා ස්ථානයක තියන්නේ කොහොමද? එවැනි තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීමට ක්‍රියාමාර්ග හදාගැනීම සඳහා තමයි මේ නව ක්‍රමවේදයට යන්නේ. මෙම මධ්‍යස්ථානයට වඩා කුඩා මධ්‍යස්ථානවල ඡන්දය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණයක් ගන්න ඕන ඒ වගේම ඉදිරියේ තවත් ප්‍රදේශ කිහිපයක මෙය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
සටහන: හසිත් අංජන