ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුළ ක්‍රියාත්මක හා ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට මහජන මතයට කන් දීමට සිදුවෙයි. මහජන අභිලාශ වටහා ගැනීමට සිදුවෙයි. බහුතරයකගේ කැමැත්ත කුමක්දැ^යි විග්රහ කර ගැනීමට එම දේශපාලන නායකයන් සමත් විය යුතුය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අනූනව දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය මේ වනවිට අත්හිටුවා ඇත. මේ අය අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සිටී. මෙලෙස සාමාජිකත්වය අත්හිටුවා ඇති අයට එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම තහනම්ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විවේචනය කිරීමද තහනම්ය. දැනට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ගොස් සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් පිල කියා සිටින්නේ එජාප නායක රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවය.
දිගු කාලයක සිට අර්බුද තිබූ එක්සත් ජාතික පක්ෂයේ දැන් අපට දැකගත හැක්කේ එහි තවත් උපරිම අවස්ථාවකි.
මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 60කට ආසන්න පිරිසකගේත් පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරු ඇතුළු පිරිසකගේ සාමාජිකත්වය අහෝසි වී ඇත.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වයෙන් ආරම්භ කෙරුණු පක්ෂයක් බැවින් සමගි ජනබලවේගයේ සාමාජිකයන් සඳහා කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි බව පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මේ වනවිට සමඟි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජික කණ්ඩායම කියයි.
කෙසේ වෙතත් මෙතෙක් කලක් පක්ෂ මාරැකළ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන නැති බවත් එසේ සිදුවී ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ 2018 වසරේදී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් විටයි. එහෙත් එම අවස්ථාවේදී සන්ධාන මහලේකම්වරයා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව මැතිවරණ කොමිසමට දැන්වූයේ නැති බවත් ඊට ව්‍යංග අවසරයක් ලබා දී තිබූ බවත් ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්ව තහනමට ලක්වූ සමගි ජනබලවේගය නියෝජනය කරන සජිත් පිලේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් සහ වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිල නියෝජනය කරන මන්ත්‍රීවරැන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවුද? පාක්ෂිකයනේ. එතකොට පාක්ෂිකයන් ඉන්නේ කොතැනද අපි එතන. මොකද මම පාර්ලිමේන්තුව නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. මම එජාපයේ කවුරැත් විවේචනය කරලා නැහැ.
අනික් කාරණය තමයි මේ සමගි ජන බලවේගය කියන සන්ධානය ගොඩනැගුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියයට සියයක අනුමැතිය සහිතව නමුත් ලකුණ පිළිබඳ ගැටලුවකදී තමයි මේ ප්රශ්නය මතුවුණේ. යම් පිරිසකට සමහරවිට උවමනාවෙලා ඇති. මේ පක්ෂය අතර අර්බූද ඇති කරන්න ඒ නිසා තමයි මේ තත්ත්වය මෙහෙම වෙලා තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරැ 105ක් හිටියා. එ්කෙන් පිරිසක් ඡන්දය ඉල්ලන්නේ නැහැ. 15 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා. 80 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඉන්නේ. එතකොට සැබෑ එක්සත් ජාතික පක්ෂය කොතනද තියෙන්නේ. දැන් පක්ෂයෙන් නෙරපනවා කියලා කියනවා. නෙරපන එක නෙවෙයි තියන ප්‍රශ්නේ. ජනතාව ඉන්නේ කොතනද කියන එකයි තේරැම් ගන්න බැරි එකයි දැන් වෙලා තියෙන්නේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් බහුතරයක් ඉන්නේ කොතැනද කියලා ජනතාව දන්නවා. පක්ෂ සමාජිකත්වය තහනම් කරනවා කියනවා.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය යටතේ තමයි සමගි ජන බලවේගය බිහිවුණේ. සජිත් ප්‍රේමදාස මහතා අගමැති කළ යුතුයි කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ යම් පිරිසකට ඕනවෙලා තියෙනවා පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරන්න. මේ ජනතාව වෙත බොරු කියලා ජනතාව රවට්ටන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. නමුත් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ අපිත් සමඟ. අපේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අපි නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න සලකා බලමින් සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන්න එජාපය හැර ගිය සියලුදෙනාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා.
ඒ වගේම තමයි පසුගිය දෙසැම්බර් මාසයේ සිට ඒ අයගේ පත්වීම් අහෝසි වුණා මේ වර්ෂයට අදාළ පත්වීම් ලබාදුන්නේ නැහැ. කොහොමත් ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ පක්ෂය හැරගිය බොහෝදෙනා එක්සත් ජාතික පක්ෂයට නැවතත් ඇවිත් තියනවා. තවමත් කිසි කෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීම් කරලා නැහැ. නැවත එජාපයට පැමිණිය යුතුයි කියලා කවුරු කොහොම කිව්වත් තාමත් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ අපිත් සමඟයි.
එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මීට කලක පටන්ම විපක්ෂ නායකවරයෙක් බිහිවෙලා තිබුණා. මම දකින ආකාරයට සජිත් ප්‍රේමදාස මහතා ඒ කාලයේ සිටම විපක්ෂ නායකකමට පණපෙව්වා.
එතුමා පක්ෂයේ නියෝජ්‍ය නායකකමට වඩා පක්ෂයේ විපක්ෂනායකකම කරපු නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ. වර්තමානයේ සජිත් ප්‍රේමදාස මහතා අවට ඉන්න කණ්ඩායමේ ඇතැම් තීන්දු තීරණත් මේ කාරණාවට වගකිව යුතුයි. ඒ වගේම තමයි වෙනත් පක්ෂයන් ප්‍රවර්ධනය කිරීමට ගිය මේ පුද්ගලයන් සඳහා සමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව නිදහසට කරුණු කාරණා කියන්න සහන කාලයක් අපි ලබාදී තිබෙනවා. බහුතරයක් එජාප පාක්ෂිකයන් එක්වී සිටින්නේ අලියා ලකුණ ප්රමුඛ එකසත් ජාතික පක්ෂය සමඟයි.
සටහන: හසිත් අංජන