ගරු ජනාධිපතිතුමනි, කොවිඩ් 19 වසංගත තත්ත්වය වාසියට ගනිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කරනු ලබන වන අපරාධ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙයට පෙරත් (4/16 දිනැති ලිපිය මගින්) ඔබතුමන් දැනුවත් කළෙමු. එහිදී අප ඉල්ලා සිටියේ පවතින වසංගත තත්ත්වය දඩමීමා කරගෙන සිදුවන අපරාධ අවම කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන ලෙසයි. එහි තවත් ප්‍රතිඵලයක් ලෙස ගල්ඔය ජාතික උද්‍යානයේ නිලධාරියකු දඩයක්කරැවකුගේ වෙඩි පහරින් අප්‍රේල් 22 දින මියයන්නේ පවතින නීතිය අභිබවා ගිය කැලෑ නීතියේ ප්‍රතිඵලයක් වශයෙනි. එලෙස ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.
මේ වනවිට රටම කොවිඩ් වසංගතය ගැන අවධානයෙන් සිටින අතර කළ දුටු කල වළ ඉහගන්නා මස් වැද්දන් වනාන්තර හප කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මේ නිසා සිදුවූ අවාසනාවන්තම සිදුවීම තරැණ වනජීවී නිලධාරියකු වන ගල්ඔය ජාතික උද්‍යානයේ මුල්ලේගම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සේවය කළ සේනාධීර ප්‍රදීප් බණ්ඩාර (අවු.25) දඩයක්කරුවකුගේ වෙඩි පහරින් මරණයට පත්වීමය.
ඔහු මේ දිනවල නවතින දැඩි වන විනාශය වැළැක්වීමට රාත්‍රී මුර සංචාරයක යෙදෙමින් සිටියදී දඩයක්කරැවන් 6 දෙනකුගේ කණ්ඩායමක් මෙල්ල කිරීමට උත්සාහ කිරීමේදී මරණයට පත්ව තිබේ. වනාන්තරවලට අත්ව ඇති ඉරණම පිළිබඳ විමසීමට අප කතා කළේ ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලකටය.
දඩයම වැඩිවෙලා තිබෙන්නේ. එයට අමතරව ජාතික උද්‍යානවල කසිප්පු පෙරීමත් සිදුවෙනවා. වියළි කලාපයේ අනුරාධපුර, පොළොන්නරැව, කුමන, ගල්ඔය, ලාහුගල, ත්‍රිකුණාමලයේ රක්ෂිත ප්‍රදේශවල දඩයම සිදුවන බව වාර්තා වෙනවා. දඩයම ඉහළ යාමට එක් හේතුවක් නම් නගරවල රුකියාවල නියුතු වූ වන මායිම් ගම්මානවල සිටි හැමෝම වාගේ වන මායිම්වල පිහිටි ගම්මානවලට පැමිණීමයි. ඔවුන්ට කරන්න වැඩකුත් නැති නිසා කණ්ඩායම් වශයෙන් සතුන් දඩයම් කිරීමට පෙළඹිලා. අපි ඇඳිරි නීතිය තිබුණත් සුපුරැදු විදිහට රාජකාරි කරවා. නිලධාරි හිඟයක් වගේම ගිනිඅවි ගැටලුවකුත් අපට තිබෙනවා. වාහන අඩුපාඩු තිබෙනවා. ඒ වගේ අඩුපාඩුකම් දරාගෙන තමයි අපි ජීවිත අවදානමත් දරාගෙන රුකියාව කරන්නේ. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදා සිට අද දක්වා 80 ගණනක් ජීවිත පුදා තිබෙනවා. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව හැරැණු විට වැඩිම ජීවිත අවදානමක් දරාගෙන සේවය කරන පිරිස තමයි, වනජීවී නිලධාරීන් කියන්නේ.
මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල පඹුරැගස්වැවහින්න රක්ෂිතයේ අලංකුලම වැව ඉස්මත්තේ විශාල වන විනාශයක් සිදුව තිබේ. මෙම විනාශය දැකබලා ගැනීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියද පසුගියදා ගොස් තිබුණි. එහිදී ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නිලධාරීන්ට පැවසුවේ වන විනාශය සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
&බොහෝ දෙනෙක් මේ දවස්වල යැපීමට වනසතුන් දඩයම් කිරීම තෝරාගෙන. පසුගිය දවස්වල මම සේවය කරන නුවරඑළිය අවට කලාපයේ කොටි දෙදෙනෙක් මදුවලට පැටලී හමුවුණා. එක් කොටියකු මියගියත් අනෙක් කොටියා අපි බේරාගෙන වනෝද්‍යානයකට නිදහස් කළා. මේ කොටි අහුවෙලා සිටියේ වල් ඌරන්ට හෝ ගෝනුන්ට තැබූ මදුවලට.* එලෙස පැවසුවේ ඒකාබද්ධව වනජීවී නියාමක සංගමයේ සභාපති සුභාෂ් කරුණාතිලකය. පවතින ඇඳිරිනීතිය හා වසංගත සෞඛ්‍ය නීති නිසා පරිසරවේදීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද පරිසර විනාශය නිරීක්ෂණය කිරීමට අපහසු වී තිබේ. එවැනි අවස්ථාවක වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ගේ සේවය වඩාත් දැඩිව දැනේ.
පසුගිය 30දා කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීන් යුද හමුදා විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සෝමාවතිය ජාතික උද්‍යානයේ කරන ලද වැටලීමකදී අනවසර ක්‍රියා සිදුකළ කණ්ඩායම් 6 කින් සැකකරැවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. කොටන තුවක්කු, ගෝන මස්, පිහි, පොරෝ, වෙඩි බෙහෙත් ආදියද එහිදී අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරැවන් මුතූර් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
කහල්ල පල්ලෙකැලේ අභයභූමියෙන් වාර්තා වූයේ හක්කපටස් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමකි. හම්බන්තොට වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුකරන ලද වැටලීමකදී තිත් මුව මස් සමඟ කැබ් රථයක්, ගිනි අවියක් ආදිය සහ සැකකරැවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්විය. මේ අතර මැයි මුල සතියේ වාර්තා වූයේ උඩවලව ඇත් අතුරැ සෙවනේ සිට වනයට නිදහස් කල පෙකුණ ඇතා ඝාතනය කිරීමයි.
මෙතරම් භයානක වසංගතයකදී වුවද මස් වැද්දන්ට අවශ්‍ය තම වාසිය සලසා ගැනීම බව ඉහත සිද්ධි කිහිපයෙන් පෙනේ. අප එලෙස සඳහන් කළේ අපට දැනගැනීමට ලැබුණු තොරතුරු පමණි. වාර්තා නොවන දඩයම් රාශියක් මේ මොහොතේත් රටපුරා වනාන්තරවල සිදුවන බව සත්‍යයකි. කොරෝනා පසෙක දමා දඩමස්වල රස බැලීමට ගිජුකමින් විශාල පිරිසක් සිටින බවද සැබෑවකි. ඒ අතර තවත් පිරිසක් වනාන්තර එළිකර පුද්ගලික වාසි සලසා ගැනීමට ක්‍රියාකරති.
කුසුම්සිරි විජයවර්ධන