2020 මැයි 16 වන සෙනසුරාදා

යළි දොර ඇරීමෙන් පිබිදුණු කොළඹ

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

කෝවිඩ් - 19 වසංගතය මුළු රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික අංශ තාවකාලිකව වසා දැමුණි. දින පනස් එකක කාලයක් වසා දැමුණු මෙම ආයතන පසුගියදා විවෘත වුණි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොවූවද රාජ්‍ය පෞද්ගලික සේවා කටයුතු ආරම්භ වීමත් සමඟම ආයතනවල සේවක සේවිකාවෝ ද තම රාජකාරිවලට වාර්තා කළහ. මේ නිසාම දින ගණනාවක් පාළුවට ගිය කොළඹ නගරයේ පෙර පරිදිම නොවූවද යම් ජනතාවක් ගැවසෙන වටපිටාවක් දැකගත හැකි විය. 

දුම්රිය හා බස් රථවල ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කරන ආකාරය ද එහිදී දැකගත හැකිවිය. සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුකූලව දුම්රිය හා බස්රථ ධාවනය වූ අතර බොහෝ රථවල ගමන්ගත් මගීන් ද එම උපදෙස් අනුව කටයුතු කරන බව පෙනෙන්නට තිබිණි.

 දිශානි ජයමාලි කරුණාරත්න
    සේයාරූ - සුමුදු හේවාපතිරණ