කොවිඩ් - 19 හෙවත් කොරෝනා රටතුළ ව්‍යාප්ත වීමත් සමඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (පී.එච්.අයි. මහත්වරුන්ගේ) කාර්යයන් ප්‍රබල ලෙස රට තුළට අවශ්‍ය විය. කොරෝනා මෙරටින් තුරන් කිරීම සඳහා ඔවුන්ගෙන් ලැබෙන ප්‍රබල සහයෝගය විශාල ශක්තියක් වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අ.පො.ස. උසස් පෙළ විද්‍යා හා ගණිත විෂය ධාරාව සමත්ව වසර දෙකක කාලයක් බෝවන රෝග පාලනය පිළිබඳ මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාලාභී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතුරැ වෛද්‍ය සේවාවට අයත් වන තනතුර හොබවන නිලධාරීහු වෙති.
ආරක්ෂිත පරිසරයක් මත ගොඩනගා ඇති සෞඛ්‍ය සම්පන්න ජාතියක් මොවුන්ගේ දැක්ම වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රජා සෞඛ්‍ය පද්ධතියේ වැදගත් සාමාජිකයෙකි.
වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සනීපාරක්ෂක ශාඛාව ආරම්භ කරන ලද්දේ 1913 වසරේදීය. ඒ සමඟම ලංකා වෛද්‍ය විද්‍යාලයේ මාස හයක කෙටිකාලීන පුහුණු වීමකින් පසුව සනීපාරක්ෂකවරැ මුල්මවරට බඳවා ගනු ලැබූහ. එකල පළමුවරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හය දෙනෙකුව මෙම තනතුරට බඳවා ගත් බව සඳහන්ය. එතැන් පටන් මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර සඳහා බොහෝ දෙනෙක් ඉදිරිපත් වූහ. වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙහස් පන්සිය දෙනෙක් සිය රාජකාරි කටයුතුවල නිරතව සිටිති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ ප්‍රධාන රාජකාරි හයක තම සේවාව දියත් කරති. එනම් බෝවන රෝග සහ බෝ නොවන රෝග පාලනය, ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්කෘතියක් ඇති කිරීම, පරිසර සෞඛ්‍ය හා කසළ කළමනාකරණය, වෘත්තීය සෞඛ්‍ය උපද්‍රව අඩුකිරීම, පාසල් දරුවන්ගේ යහපැවැත්ම සහ මහජන සෞඛ්‍ය එන්නත් ආවරණ වැඩි කිරීමට උදව් කිරීම වේ.
අද දක්වා ලෝක ඉතිහාසයේ වසංගත රෝග විස්සක් පමණ ඇතිවෙලා තියෙනවා. මේ අනුව දැනට සිදුවී තිබෙන රෝග තත්ත්වය හා මරණ වාර්තා වීම් සමඟ කෝවිඩ්-19 රෝගය දහහත්වැනි තැනට නම්කළ හැකි වෙනවා. මෙහිදී වාර්තා වන තුන්වැනි වසංගය වුණ කළු මරණය නම් භයානක වසංගතයට සාපේක්ෂව ලෝකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නම් තනතුරේ ආරම්භය සිදුවෙනවා.
යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.
1913 වසරේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් මෙම තනතුර ආරම්භ කෙරිණි. මුල් අවදියේදී සනීපාරක්ෂක පරීක්ෂකවරුන් ලෙසින් නම් කෙරුණු මෙම තනතුර 1954 ජූලි මාසයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙසින් නම් කරන ලදී. එතැන් සිට බෝවන රෝග පාලනය සඳහා එම තනතුර ස්ථාපිත විය. කෝවිඩ් 19 රෝගයට පෙර සිටම බෝවන රෝග මර්දනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල මෙහෙවරක් වෛද්‍යවරුන් වෙනුවෙන් ඉටුකර දුන්හ.
බෝවන රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛදවරුන් විසින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම්දීම කළ යුතුවේ. එය නිත්‍යනුකූල නියෝගයකි. වෛද්‍යවරයාගේ එම දැනුම්දීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එයට අදාළ පත්‍රිකාව පුරවා එය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් හරහා වසංගත රෝග විද්‍යා අංශයට දැනුම්දීම කළයුතුවේ. කොරෝනා වසංගතය ව්‍යාප්තවීමට පෙර සිටම බෝවන රෝග සම්බන්ධව මෙම පිළිවෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා සිදුවූ රාජකාරි කටයුත්තකි. ඩෙංගු, පාචනය, මැලේරියාව වැනි රෝගවලදී රෝගියාගේ නිවෙස්වලටම ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ඒ පිළිබඳව සොයාබැලීම සිදුකළ යුතුවෙයි.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා මුළු ලොවටම ආගන්තුක වූ රෝගයකි. මින් පෙර මේ සම්බන්ධව අධ්‍යයනයක් කරන්නට ලෝකයේ කිසිදු රටකට අවස්ථාවක් නොලැබුණි. මීට පෙර එවැනි ඉතා දරුණු වසංගතයක් දෙකක් ලෙසින් SARS (2008) සහ MERS (2012) දෙක හැඳින්විය හැක. මෙම දරුණු වසංගත දෙකම ලංකාව තුළ ව්‍යාප්ත නොවූවද ඒ වනවිටත් එයට අදාළ පුහුණුවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ට ලබාදී තිබුණි. මේ නිසා එම රෝගවලට මුහුණදීමට එම වසරවලදී මොවුන්ගේ සූදානමක් තිබුණි.
කොරෝනා (COVID–19) වෛරසයේ හැසිරීමත් සමග එය බෝවීම හා මරණ ප්‍රතිශතය ඉතා ඉහළ වාර්තාවක් එක්වරම මුළු ලොව පුරා ව්‍යාප්ත වුණි. අදටත් මෙම වෛරසය සම්බන්ධව මුළු ලොවම අධ්‍යයනය කරමින් සිටී. මේ සඳහා නිශ්චිත සාර්ථක ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ ලෝකයේ කිසිදු රටකින් සොයාගෙන නැත.
තවමත් මේ රෝගයට නිවැරදි ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. හැම රටක්ම තවමත් කොරෝනා රෝගය ගැන ඉගෙන ගනිමින් සිටිනවා. මේ අතරේ අපි ගත් සමහර තීරණ වැරදුණු තැන් තිබුණා. මුල් කාලයේදී මේ රෝගය පැතිරෙන කාලසීමාව දවස් දාහතරක් බවට තීරණය කොට ඒ අනුව අපි වැඩකළා. නමුත් දවස් දාහතරකටත් පසුව සමහරැන්ගෙන් රෝගය බෝවීමක් සිදුවුණා. මේ අතරේ ආසාදිත වන හැම කෙනෙකුටම රෝග ලක්ෂණ ඇතිවන බවට ගත්තු තීරණය අද වෙනස් කරගන්නට අපිට සිදුවෙලා. අද වනවිට 80කට රෝග ලක්ෂණ පවතින්නේ නැති බවට සොයාගෙන තිබෙනවා. රෝග ලක්ෂණ ඇති අය පමණක් රෝග වාහකයන් බව මුලදී විශ්වාස කළත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන්ගෙන්ද රෝගය බෝවන බවට පසුව සොයාගත්තා. කොරෝනා රෝගය මර්දනය කරන්නට මේ රටේ ත්‍රිවිධ හමුදාව මැදිහත් වුණා. අද වනවිට නාවික හමුදාවේත් විශාල රෝගීන් පිරිසක් වාර්තා වෙමින් පවතිනවා. රෝග ලක්ෂණ නැති වාහකයන් අපිට ලොකු අභියෝගයක්.
යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තම රාජකාරි කටයුතුවල නියැලෙද්දී කිසිදු බෝවන රෝගියකු සිටින නිවෙසකට එකවර යාම සිදු නොකරති. ඒ සඳහා ඔවුන් අනුගමනය කරනා ක්‍රියා පටිපාටියක් ඇත. එම නිවෙස් අතර අඩි තුන හතරක පරතරයක් ඇතිව ඔවුහු තම රාජකාරියේ නියැලෙති. කිසිදු මොහොතක මුහුණු ආවරණයකින් තොරව ඔවුන් තම රාජකාරියේ නිරත වන්නේ නැත.
මීට දින කිහිපයකට පෙර මේ රටේත් කෝවිඩ් - 19 රෝග වෛරසය යම් පාලනයක් ඇතිව පවත්වාගෙන ගියා. නමුත් එක්තරා තැනකදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒකට මේ වීරෝධාර සෙබළුන් වගකිවයුතු වන්නේ නැහැ. ඔවුන් තම රාජකාරිය කළේ මේ රට වෙනුවෙන්. රටේ මිනිසුන් වෙනුවෙන්. නමුත් යම් තැනක වැරදීමක් වෙලා තිබෙනවා. අද එක තීරණයක් නිසා මේ වීරෝධාර රණවිරැවන් අවදානමට පත්වෙලා ලෙඩවුණා. ඔවුන්ගේ නිවෙස්වල සහ ඒ අවට පිරිසටද ඒ අවදානමට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. යැයිද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් ලෙසින් වසංගත රෝගයක් හමුවේ තමන් අනුගමනය කරන ක්‍රියාවන් පිළිබඳව අදහස් දැක්වීමටද ඔහු අමතක කළේ නැත. මෙම වෛරසය පිළිබඳව සොයාගනු සහ අධ්‍යයනය කරනා ලද දත්තත් සමඟ ඔවුහු කොයිම මොහොතකවත් වෛරසය සමීප වන සීමාව තුළට නොයාමට වගබලා ගනිති. ඔවුන් යම් තැනක නිරාවරණය වීමට සිදුවුවහොත් එම අදාළ ප්‍රදේශයෙන් ඔවුන් නැවත පිටත්ව එනු ලබන්නේ විෂබීජහරණයට ලක්වීමෙන් පසුවය. මෙරට රාජකාරි කරන සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුම සතුව විෂබීජ නාශක දියර පිරවුමක් ඇත. ඔවුන් නිරන්තරයෙන්ම මෙම ඇල්කොහොල් සහිත විෂබීජ නාශක දියරයෙන් අත් සෝදා ගනිති. කිසිම තැනකට මුහුණු ආවරණයක් නැතිව ගමන් නොකරති. අධි අවදානම් තැන්වලට යද්දී දෑස්වලටත් යම් ආවරණයක් පළඳිති. එමෙන්ම පය පළඳනාවක්ද (බූට්) පළඳති. තමන්ගේ ශරීරයේ කිසිදු තැනක මෙම වෛරසය ගෑවී නැති බවට සැකහැර දැනගන්නා තුරැ කිසිදු මොහොතක මොවුහු තම රාජකාරි ස්ථානවලට හෝ නිවාසවලට නොයති. පාවහන් පවා විෂනාශක දියර යොදා පිරිසිදු කරගනිති.
මුලදී මෙම වසංගතය තුරන් කරලන්නට අප සැවොම ගත් උත්සාහයට මහජන සහයෝගය නිසියාකාරයෙන් ලැබුණේ නැහැ. නමුත් අද වනවිට මහජන සහයෝගය අප අපේක්ෂා කරන ප්‍රමාණයට නැතිවුණත් යම් ප්‍රමාණයකට තියෙනවා. තවමත් මෙය ව්‍යාපාරයක් කරගත්තු පිරිසක්ද ඉන්නවා. අත්‍යාවශ්‍ය සේවා වාහනවල ඇතැමුන් විකුණාගන්නට බැරි ආහාරපාන විකිණුවා. තවත් පිරිසක් මෙය දේශපාලන වාසි තකාත් යොදාගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා. ඇත්තටම මේක මුළු රටම එකතුවෙලා රට වෙනුවෙන් ඉවසගෙන ජීවත්විය යුතු කාලයක්. මේ වසංගතයෙන් කණ්ඩායමකට පමණක් ජයගන්න බැහැ. ඒ සඳහා අපි හැමෝම එකතුවෙන්න ඕනේ... යැයි උපුල් රෝහණ මහතා පවසයි.
රාජකාරිය අතරතුරේදී නොහික්මුණ මිනිසුන් විසින් පහරදීමකට ලක්වුණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කොළඹ නගර සභාවේ නාරාහේන්පිට ශාඛාවේ සේවයේ නියුතුව සිටියි. තවත් නිලධාරියෙක් කොරෝනා වෛරසය ආසාදිත වී මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙහස් පන්සියයක් අතරේ කාන්තාවන් දෙදෙනෙක්ද කාර්යාලයේ සේවය කරති.
දිශානි ජයමාලි කරුණාරත්න