2020 මැයි 02 වන සෙනසුරාදා

ලන්ඩනයේදී කොරෝනාව බිලිගත් මාලිනී ෆොන්සේකාගේ මල්ලී

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 972

මුළු ලොවම බියට පත්කළ නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදනය වීම නිසා ලොවපුරා ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

ශ්‍රී ලංකාව තුළ දැනට මරණ 7ක් වාර්තා වී ඇති අතර ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල්වල කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දහස් ගණන් ඉක්මවා ඇත.

පසුගියදා අපට අසන්නට ලැබුණු අවාසනාවන්ත මරණයක් නිසා අපේ දේශීය කලා ක්ෂේත්‍රයම සංවේගයට පත්විය.
සිංහල සිනමාවේ නිළි රැජණ මාලිනී ෆොන්සේකාගේ බාල සොහොයුරු උපාලි ෆොන්සේකා ලන්ඩන් නුවරදී කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතයෙන් සමුගැනීම එම ප්‍රවෘත්තිය විය.

එංගලන්තයේ පදිංචියට යාමෙන් පසු ඖෂධවේදියකු ලෙස දිගුකලක් කටයුතු කළ උපාලි එරට වෘත්තීයවේදියෙක් වශයෙන් කටයුතු කටයුතු සිටියේය.

අප අතරින් වියෝ වූ උපාලි ෆොන්සේකාගේ දියණිය සෙනාලි ෆොන්සේකා සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. තම රංගන දිවිය පසුපස සිටි ලොකුම ශක්තිය වූයේ තම පියා බවත් මව සහ මාලිනී ෆොන්සේකා නැන්දණියද ඒ සඳහා දිරිය ලබාදුන් බවත් සෙනාලි පුවත්පත් සඳහා ලබාදුන් සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබිණි.

උපාලි ෆොන්සේකා එංගලන්තයේ සුප්‍රකට ඇස්ඩා සමූහ ව්‍යාපාරයේ සේවය කළ අතර ඔහු එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් ANGLIA RUSKIN විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්ද විය.

දින 10ක් පමණ රෝහල්ගතව සිට, මිය යනවිට ඔහු 67 වැනි වියේ පසුවිය.

මාලනී ෆොන්සේකා පවුලේ ඔහු හත්වැන්නා විය.