2020 මාර්තු 14 වන සෙනසුරාදා

ඡන්ද උණුසුමේ නාම යෝජනා ගෝරි

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මහජන නියෝජිතයන් පත්කර ගැනීමට පරමාධිපත්‍යය තවත් දින 45කින් අප සන්තක වීමට නියමිතය. මහජන නියෝජිතයන් වීමට යෝජනාවී ඇති නාමයන්ද එළඹෙන බ්‍රහස්පතින්දා (19) වනවිට අපට දැනගැනීමට හැකිවනු ඇත. යෝජනා වී ඇති නාමයන් අතරින් පක්ෂයක් මෙන්ම පුද්ගලයන් තෝරා ගැනීමට ඔබ අප සූදානම් වියයුතුය.

එදාමෙදා තුර ඉතිහාසයේ එවන් නාමයෝජනා අර්බුදය රැසක් මතුව තිබේ. එහෙත් මෙවර මහ මැතිවරණයේදී ඇතිවූ නාමයෝජනා අර්බුදය වෙනදාට වඩා සංකීර්ණ සහ බරපතළ බව පෙනී යයි. පක්ෂ සහ සංධාන අභ්‍යන්තර දේශපාලන අර්බුදය මෙහි ප්‍රධාන වේ.

මෙවර නාමයෝජනා අර්බුදය අතරින් පළමුතැනට පත්වූයේ එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා අර්බුදයයි. මෙය එජාප අභ්‍යන්තරයේ දීර්ඝකාලීනව පැවතුණ නායකත්වය අර්බුදයේ දිගුවක් විය. එජාප නාමයෝජනා අර්බුදය අවසානයේ එක්සත් ජාතික පක්ෂය නම් ඓතිහාසික දේශපාලන ධාරාවේ දෙදරා යාමක් සිදුව තිබේ. පක්ෂ සංකේත සම්බන්ධව ඇතිවූ ගැටලුව අවාසන වශයෙන් මෙම බෙදීමට හේතුව වූයේය. සමගි ජනබලවේගය විසින් අලියා ලකුණ යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මැතිවරණයට තරග කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව නාමයෝජනා කමිටු දෙකක් ඔස්සේ අපේක්ෂකයන් තෝරාගැනීම මෙහිදී සිදුවෙයි. මාර්තු 17, 18, 19 යන දිනවල මෙම කණ්ඩායමේ ද්විත්වයම නාමයෝජනා භාරදෙනු ඇත.

පසුගිය සතියේ බදදා දිනයේදී මැතිවරණ සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම අර්බුදය සැබෑ රටට හමුවේ අනාවරණය විය. මෙම හමුවට සඳහා එක්සත් ජාතික පක්ෂ සහ ජාතික සමගි බලවේගය වෙන වෙනම සහභාගී විය. 

එම හමුවෙන් අනතුරැව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම්.

විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන්න තීරණය කරලා තියෙන්නේ. පක්ෂයක් විදිහට අපි සියලුම උත්සාහයන් දරනු ලැබුවා සියලුම කැපකිරීම් කරන්න එකඟ වුණා. පක්ෂයේ මහ ලේකම්කමින් ඉවත්වෙලා පක්ෂය කැඩෙන්නේ නැතුව බෙදෙන්නේ නැතුව සමගියෙන් ඉදිරියට යන්න පියවර ගනු ලැබුවා. සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබුවා. නමුත් මෙතෙක් කල් සාර්ථකව වෙලා නෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරන්න.

ජාතික සමගි බලවේගය වෙනුවෙන් මෙම හමුවට සහභාගී වූ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර.

සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලා අපි අප්‍රේල් විසිහය වැනිදා වෙනකොට රජය පිහිටුවනවා. දුරකථනයෙන් ඡන්දේ ඉල්ලන්නේ.

නාමයෝජනා අර්බුදයට එජාපය බෙදුණු බව පැහැදිලි වේ. ඒ අනුව නිසැක වශයෙන්ම මෙවර මෙම කණ්ඩායම් දෙකේ නාමයෝජනා ලයිස්තුවල අලුත් මුහුණු දැකගත හැකිවෙනු ඇත. පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණු යටතේ නාමයෝජනා භාරදීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟ එකතු වී සකසාගත් සන්ධානය තුළද අභ්‍යන්තර නාමයෝජනා ගැටලු ඇත. පොළොන්නරැව දිස්ත්‍රික්කයේ ගැටලුව මෙම අර්බුදයේ කැපී පෙනෙනම අර්බුදයයි.

පසුගියදා දිස්ත්‍රික් නායකයන් නාමයෝජනා අත්සන් තබන මොහොතේදී පොළොන්නරැවේ දිස්ත්‍රික් නායකත්වය කිසිවකුට නොපැවරීම මෙම අර්බුදයේ කැපී පෙනෙන අවස්ථාවයි. එහෙත් නාමයෝජනා ලැයිස්තු සෑදීමේ එකඟතාව මෙම පක්ෂ දෙක අතර කල් ඇතිව ගොඩනැගී තිබුණි. මෙම අර්බුදය පැනනැගී ඇත්තේ ඒ පිළිබඳ නොවේ. පොළොන්නරැ දිස්ත්‍රික් නායකත්වය පිළිබඳවයි. ඒ අතර පොහොට්ටු ඇතැමුන්ගේ විවේචන හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනිව තරග කළයුතු බවද එහි ඇතැම් පිරිස් ප්‍රකාශ කරති. දයාසිරි ජයසේකර, පේෂල ජයරත්න ආදී අය මෙම මතවාද නියෝජනය කළ බව කියැවේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

නෑ විශේෂ තීන්දුවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විදිහට අපි කලින් සන්ධාන පිහිටෙව්වා. අපි දැන් ඒ කටයුතු කරගෙන යනවා. එකට එකතුවෙලා අපි මැතිවරණ කරනවා.

මේ අතර පොහොට්ටුව නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී විද්වත් නියෝජනය නිසාවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල ගැටලු මතුව තිබේ. ගෝඨාභය රාජපක්ෂ හිතවාදී වියත්මග නියෝජනය කළ නවක අපේක්ෂකත්වය ලබාදී හේතුවෙන් මතුවන මනාප සටන් මෙහිදී ප්‍රධාන වේ. වියත්මඟ පිරිස් සඳහා තම දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධ ඇතැම් දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය දක්වා ඇති බව දැනගන්නට ඇත. පොහොට්ටුව මේ වනවිට භික්ෂු නාමයෝජනා සම්බන්ධයෙන්ද යම් ගැටලුවක පැටලී සිටියි. මහ නාහිමිවරැන් මෙම ක්‍රියාව අනුමත නොකිරීම ඊට හේතුවයි. එසේම පසුගිය සමයේ දේශපාලනය කළ භික්ෂූන් පිරිසක් පොහොට්ටුවෙන් නාමයෝජනා බලාපොරොත්තුවෙන් සිටිති.

සුළු පක්ෂ නාමයෝජනා සම්බන්ධව සැලසීමේදී දෙමළ ජාතික සන්ධාන යම් ගැටලු කිහිපයකට මුහුණ දුන් බව පෙනී ගියේය. යාපනය දිස්ත්‍රික්කයට කාන්තා අපේක්ෂකයන් නම් කිරීමේදී ඊට පිරිසක් විරෝධය පෑම ඉන් එක් ගැටලුවකි. අනෙක නම් දෙමළ ජාතික සන්ධාන විරෝධයක් ගොනුකරමින් එහි සිටි ඇතැම් පිරිස් වෙනත් කඳවුරැවලින් නාමයෝජනා ලබාගැනීමට යාමයි. කෙසේ වෙතත් ඔවුන් එම ගැටලු අවසන් කරමින් මේ වනවිට නාමයෝජනා භාරදීමද ආරම්භ කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනතා බලවේගය ඔස්සේ නමයෝජනා ලබාදීම සිදුකරන අතර පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් මෙවර ඔවුන් හා එක්වෙයි. ඒ අනුව එම කඳවුරේ ලැයිස්තුවලටද අලුත් මුහුණ එකතුවන බව බිමල් රත්නායක මහතා අප සමඟ පැවසීය. ඊට අමතර මුස්ලිම් කොංග්‍රසයද ජාතික සමගි බලවේගය සමඟ එක්ව දුරකථන ලකුණ යටතේ නාමයෝජනා භාරදීමට සූදානමින් සිටියි. වතුකරයේද පැහැදිලි බෙදීමක් මෙවර නාමයෝජනා භාරදීමෙන් අනතුරැව දක්නට ලැබෙතැයි කියැවේ.

අවසාන වශයෙන් කවුරු නාමයෝජනා භාර දුන්නද මහජන නියෝජිතයන් බවට මෙම පිරිසක් පත්වන්නේ ජනතා පරමාර්ථය මතින් බව සිහිකළ යුතුය. එම නිසාම නිවැරදි පුද්ගලයන් තෝරා පාර්ලිමේන්තු යැවීමේ වගකීම මහජනතාව සතුය.

  චමිඳු නිසල් ද සිල්වා