ගිය ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහිව ඉකුත් සමයේ නැගුණු චෝදනා රාශියකි. ඒවායෙන් අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට හා ප්‍රතිරෑපයට සිදුවූ බලපෑම ද සුළුපටු නැත. ජාතිවාදී ආගම්වාදී ලේබලයකට පවා කොටුකර හඳුන්වන්නට වූ අමාත්‍යවරයාගේ බිරිඳ හා ඔහුගේ සෙහොයුරා පිළිබඳ විවිධ චෝදනා අසන්නට ලැබේ. විවිධ දේපල හා මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ චෝදනා හේතුවෙන් මේ අයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වශයෙන් වගකිව යුතු ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුරයක් හෙබවූ රිෂාඩ් බදුයුදීන් මහතා එවකට ලංකා සතොස ආයතනයේ සිදුකළ මුදල් වංචාවක් සම්බන්ධයෙන්ද චෝදනා ලබා සිටී. එකී චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව විශේෂ බුද්ධි තොරතුරක් මීට මාසයකට පමණ ඉහතදී ලැබී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහත්වරුන් වෙතය. එම බුද්ධි තොරතුරු මගින් වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අමාත්‍යවරයා සහ සමීපතමයන් පිරිසක් විසින් ලංකා සතොස ආයතනයේ සිදුකළ බව කියන මුදල් වංචාවකට අදාළ ලේඛන කොළඹ ප්‍රදේශයේ සුපිරි නිවසක සඟවා ඇති බවය. අදාළ නිවස සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අතර දන්වා තිබුණේ අංක 143, ඉසිපතන මාවත, කොළඹ 05 ලිපිනයේ සිදුවීමට අදාළ සැකකරුවකු රැඳී සිටි බවය.
මෙම තොරතුරු අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක සහිත නිවස පරීක්ෂා කිරීම සඳහා වන අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබිණ. ඒ අනුව පෙර කී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පසුව අංක 18/ඒ, කෙලින්කඩුව පෙදෙස, කොළඹ 6 ලිපිනයේ පිහිටි ගොඩනැගිල්ලක් පරීක්ෂාවට ලක්කර ඇත. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කණ්ඩායම් දෙකක් සහභාගී සිටියහ. එම පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ගොඩනැගිල්ලේ තිබූ ලේඛන තොගයක් හමුව ඇත. එහි ලිපිගොනු සියයකට අධිකව තිබුණු බවට ද වාර්තා විය. එම ලිපිගොනු අතර තිබියදී රුපියල් අනූඅට කෝටි අසූනව ලක්ෂ පනස් දහසක් වටිනා ප්‍රොටිසරි නෝට්ටුවක් හමුවී තිබිණ. ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එකී නෝට්ටුව ශාන්තිනී කනගසිංහම් නැමැත්තියක් විසින් ලබාදුන් බව ප්‍රකාශ කර ඇත. එම නෝට්ටුව රත්රන් ගනුදෙනුවකට අදාළව ලබාදී ඇතැයි ද අනාවරණය කරගැනීමට රහස් පොලිසීය සමත්ව සිටී. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාර ඉම්රාන් මොහොමඩ් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ හිතවතකු වන නීතිඥ ආර්.එම්. අසාඩ් නැමැත්තා විසින් නෝට්ටුව ලියා ඇති බවත් සාක්ෂිකරැවන් වශයෙන් උපුල් ජිතේන්ද්‍ර සහ එස්. සුබ්‍රමනියම් යන දෙදෙනා අත්සන් තැබූ බවය. එහි මුල්පිටපත අස්ථානගතව තිබෙන බවද ප්‍රකාශ කර තිබිණ.
මේ අතර විශේෂිතම කාරණය අනාවරණය කරමින් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂාවට ලක්කළ ගොඩනැගිල්ල හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ බිරිඳට අයත් බවය. තාමත් විමර්ශන සිදුවෙමින් පවතින අතර අත්අඩංගුවට පත් ලේඛන අතර ලංකා සතොස ආයතනයට විවිධ දේපල මිලට ගත් බිල්පත් ඇතුළු ලිපිලේඛන රාශියක් එහි තිබී ඇත. ඒ තුළ එම ලේඛනවලට අයත් මුල්පිටපත් මෙන්ම ඡායාපිටපත් ද තිබූ බව කියැවිණි.
විමර්ශන අතරතුර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍ය බදුයුදීන් මහතාගේ බිරිය වන අයිෂා නැමැත්තිය පිළිබඳව ද කරුණු කියැවී ඇත. එබැවින් ඇයට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙසත් කට උත්තර ලබාදෙන ලෙසත් දන්වා තිබිණ. ඒ අනුව ඇයගෙන් අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඇය විසින් සිදුකළ අනාවරණ කිරීම්වලින් පසුව අමාත්‍යවරයාගේ සහෝදරයාගෙන්ද ප්‍රශ්න කර තිබිණ. ඒ අනුව අයිෂා නැමැත්තියගේ සහ බදුයුදීන් මොහොමඩ් යන දෙදෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහි කරුණු අධිකරණයට ඉදිරිපත් කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවාපතිරණ මෙනවියයි. ඇය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන සඳහා අමාත්‍යවරයාගේ බිරිය සහ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසය. ලිපිගොනු සැක සහිත නිවසට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඉම්රාන් මොහොමඩ් නැමැත්තාට ඒවා රැගෙනවිත් බාරදී ඇත්තේ කටුගස්තොට, ගලේවත්ත පාර, අංක 23-බී පදිංචි ඉස්මාබිල් මොහොමඩ් නැමැත්තකු විසින් බව ද අනාවරණය වී ඇත. රත්රන් මිලට ගැනීම සහ සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට ආදාළව සැකකරු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව නියෝග කළේය.
► සමන්ත ප්‍රදීප් විල්තෙර