ත්‍රෛලෝක විජයා පත්‍ර හෙවත් කංසා නැතිනම් ගංජා ගැන පර්යේෂණ ග්‍රන්ථයක් ලියූ අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට සිදුවූයේ සිය තනතුර අතහැර ගෙදර යන්නටය. ගංජා වචනය ඇසුණු පමණින්ම කැළඹෙන අපේ සද්ධාර්මික සුධීහු මහා විරෝධී අඬහැරයක් පතුරුවන්නට වූ හෙයිනි. ඔවුන් මේ ආචාර්යවරයා සහ ඔහුගේ අගනා පර් ෙය්ෂණ ග්‍රන්ථය දුටුවේ තවත් ගංජා හුටං කෙනෙකුගේ අපබ්‍රංස ක්‍රියාවක් හැටියටය. නමුත් අපේ රටේ එහෙම වුණත් පිටරටවල නම් දැන් ගංජා උපාධිත් බිහිව තිබේ.
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත සරසවියක් වන පුවෙබ්ලෝ කැම්පස්, ගංජා ජෛව විද්‍යාව සහ රසායනය පිළිබඳ නව උපාධි පාඨමාලාවක් ඇරඹීමට කටයුතු යොදා තිබේ. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ගංජාවලට විරුද්ධ වීම හෝ එයට පක්ෂ වීම නොව ගංජා පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමකට අවස්ථාව උදා කරදීමය. ඒ රටේ බොහෝ ආර්ථික අංශයන්හි අවධානය මේ ගැන යොමුව ඇති නිසාය. ගංජා ශාඛයේ අණුක ප්‍රවේනික සංයුතිය හැදෑරීම සඳහා මෙහිදී මුල් තැනදී ඇත. ගංජා ශාඛයේ ජෛව රසායනය සහ ප්‍රවේනිය, ගංජා සම්බන්ධ ස්නායුක ජීව විද්‍යාව මේ පාඨමාලාවට ඇතුළත්ය. ඊට අමතරව ගංජා රසායන සංයුතිය අධ්‍යයනය සඳහා රසායනාගාර අධ්‍යයනයක්ද මෙයට එක්කර තිබේ. මේ සඳහා කොලරාඩෝ සරසවියට අනුබද්ධ ෆෝර්ට් කොලින්ස් කැම්පස්හි එම ශාඛය තුළ අන්තර්ගත කැනබිනොයිඩ් සංයෝග පිළිබඳ අධ්‍යයනයට රසායනාගාරයක්ද පිහිටුවීමට සැලසුම් කර ඇත. උතුරු අමෙරිකාවේ කොලීජී ගණනාවක්ම මේ වනවිට ගංජා වගාව, පර් ෙය්ෂණය, විශ්ලේෂණය සහ අලෙවිකරණය ගැන පාඨමාලා විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. ගංජා තහනමට ලක්කර ඇති නිව් යෝක්, නිව්ජර්සි සහ කනෙක්ටිකට් ප්‍රාන්තවල සමහර කොලීජිවල පවා කැනබීස් අධ්‍යයන පාඨමාලා හඳුන්වා දී තිබේ. උතුරු මිචිගන් සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය බ්‍රැන්ඩන් කැම්ෆීල්ඩ් ගංජා උපාධියක කාලීන අවශ්‍යතාව ගැන මෙයට වසර දෙකකට පමණ පෙර කැනබීස් කර්මාන්තය ආශ්‍රිතව ඇති නිෂ්පපාදන තත්ත්ව පරීක්ෂකයන් සඳහා වූ ඉල්ලුම පිළිබඳ සඳහන් කරමින් අලුත්ම ඖෂධ ශාඛ රසායනය ආශ්‍රිත උපාධි පාඨමාලාවක අවශ්‍යතාව පෙන්වා දී තිබුණි. වසර 4ක් වූ මේ පාඨමාලාව ජනපද 48ක සිසුන් 300ක් පමණ ආකර්ෂණය කර ගැනීමට සමත් විය. මිචිගන්වල මේ තහනම ඉවත්ව ඇති අතර ජින්සෙන් වැනි ශාඛ ගැන පරීක්ෂණ සිදුකරනවාක් මෙන් ගංජා ගැනද පර් ෙය්ෂණ සඳහා සිසුන් යෙදවෙන බව ඔහු සඳහන් කරයි. උතුරු ඩැකෝටාහි මීනෝට් රාජ්‍ය සරසවියද මේ හා සමාන පාඨමාලාවක් ආරම්භ කර තිබේ. වෙළඳ සමීක්ෂණයකට අනුව 2022 වනවිට මේ අංශයේ විශ්ලේෂක රැකියා සඳහා උපාධිධාරින් 467,000 රැකියා අවස්ථා සැලසෙනු ඇත. වාර්තාවන්ට අනුව මේ ගංජා විශ්ලේෂකයන්ට ඩොලර් 70,000ක් පමණ වූ බරසාර වැටුපක් ලබාගන්නට හැකිය.
අපේ රටේ ගංජා සම්බන්ධ පර් ෙය්ෂණ සිදුකළ ආචාර්ය වසන්ත වැලිඅංග මේ ශාඛය සම්බන්ධ අප මෙතෙක් නොඇසූ විරූ මානයකින් සුවිශේෂී කරුණු රැසක්ම එළිදක්වා තිබේ. ඔහු සොයාගත් ඉතිහාසයට අනුව මැදපෙරදිග විසූ බලවත් සාලමොන් රජතුමාගේ සොහොනින් හටගත් පූජනීය වෘක්ෂයක් ලෙස ගංජා පැළෑටිය හඳුනාගෙන තිබේ.
ඔහුට අනුව කංසා ශාකය බහුකාර්ය බෝගයකි. එයින් මිනිසාගේ මූලික අවශ්‍යතා සියල්ල පිරිමසා ගත හැකිය. ලොවපුරා කංසා තහනම ක්‍රියාත්මක කළේ ප්ලාස්ටික්, පොලිතීන්, නයිලෝන්, පොලිඑස්ටර් වැනි කෘත්‍රිම තන්තුවලට මෙන්ම ඖෂධ සහ දැව තලපයෙන් සාදන කරදාසිවලට වෙළඳපොළක් ලබාදීමටය කෘත්‍රිම ද්‍රව්‍ය නිසා පෘතුවියේ පරිසරය විනාශවන බැවින් නැවතත් ස්වභාවික නිෂ්පාදනවලට ගමන් කිරීමට අපට සිදු වී ඇත. දියුණු රටවල්වල සිටින උසස් ආකල්ප සහිත මිනිසුන් කංසා ශාකයෙන් නැවතත් වගා කරන්නේ එබැවිනි.
කංසාවල තියෙන ක්‍රියාකාරී සංඝටකය ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල් හෙවත් ටී.එච්.සී.ය. මෙය කංසා අමුවෙන් පරිභෝජනය කළාට ලැබෙන්නේ නැත. කංසා රත් කළ විට මේ සංඝටකය ක්‍රියාකාරී වේ. නමුත් කංසාවල ඖෂධීය ගුණය වැඩි යැයි වර්තමාන වෛද්‍ය විද්‍යාත්මකව සැලකෙන්නේ ටී.එච්..සී ඇක්ටිවේට් නොකර අමුවෙන් ගැනීමෙනි. අමුවෙන් ගත්විට කංසාවල මානසික තත්ත්වය වෙනස් කිරීමේ (mind altering) ගුණය ක්‍රියාත්මක වන්නේ නැතිව වේදනානාශක සහ බඩගිනි ඇතිකිරීමේ ගුණය පමණක් ශරීරයට ලැබේ.
දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩුවෙමින් යනවා. ඒ වෙනුවට දියුණු රටවල ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල් [ටී.එච්.සී.] (ගංජා) වැඩියෙන් යොදා ගනියි. ටී.එච්.සී. පවා කෘත්‍රිමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජාවල ඇති සියලුම ඖෂධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන ඇත. මේවා “මැරිනෝල්” නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසිවලින් ලබාදෙයි. දැන් පිළිකා ප්‍රතිකාර ලබන අයට දියුණු රටවල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරන බව ආචාර්ය වැලිඅංග කියයි. ඔහුට අනුව ගංජා තෙල්වල පිළිකා නාශක ගුණ ඇති අතර ඉතා හොඳින් පාරජම්බුල විකිරණ උරාගැනීමේ හැකියාව නිසා (සන්ස්ක්‍රීන් ක්‍රීම් ලෙස සකසා) සමේ ගැල්වීමෙන් සමේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිළිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවද සොයාගෙන ඇත. එය ආතරයිටිස්වලට සහනය ගෙන දෙන බවත්, ඇසේ අධි රුධිර පීඩනය (අන්ධ බව ඇති විය හැකි) “ග්ලයිකෝමා” වැළැක්වීමේ සහ සමනය කිරීමේ හැකියාවක් ඇති බවත් සොයාගෙන ඇත. ඇල්සයිමර් සහ ස්නායු දුර්වල වීම් නිසා ඇති වන රෝගාබාධ සමනය කරන බවද ඔහු කියයි. ගංජාවල ඖෂධීය නොවන (කාර්මික) ප්‍රයෝජන සඳහා කෙඳි බහුල ටී.එච්.සී. අවම ප්‍රභේදයක් ප්‍රංශයේ නිපදවා තිබේ. ඔවුන් මේ කෙඳිවලින් කඩදාසි සහ රෙදිපිළි නිපදවති.
ඔහු පෙන්වාදී ඇති අන්දමට “ගංජා නරක” මානසික රෝග ඇති අයටය. නමුත් මානසිකව නිරෝගී අයට ගැටලු ඇති කරන්නේ නැත. ගංජාවලින් ඇති වන්නේ මත් වීමක් නොවේ. මත්වීමක් යනු මොළයේ ක්‍රියාකාරීත්වය අඩපන වීමකි. ගංජාවල ක්‍රියාකාරී සංඝටකය වන ටෙට්‍රහයොඩ්‍රොකැනබිනෝල්වලින් සිදුවන්නේ මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක උත්තේජනය කිරීමකි.
- සුගත්