මිනිසා මනසින් උසස් වන්නේ ඔහු විචාර ශක්තිය ගොඩනගා ගැනීමෙන් වන අතර එය බුද්ධියෙහි ප‍්‍රබල ශක්‍යතාවක් බවට පත්වනු ලබයි. විචාර ශක්තිය ගොඩනැගෙන්නේ ද ශරීරයෙහි ඉඳුරන් මගින් ගොඩනැගෙන සන්නිවේදනය මූලික කරගෙනය. ඉඳුරන්ට සථිර කිරීම් හෝ ප‍්‍රතික්ෂේප කිරීම් කිසිදිනක කළ නොහැකිය. ඉන්ද්‍රියන් මගින් සිදුවන්නේ සිතීමට අවශ්‍ය අවස්ථාවක් ලබා දීම පමණි. දැනීම යනු ද ඉන්ද්‍රිය සංවේදනය සහ අවබෝධය යන දෙපාර්ශවයන්ගේ එකතුවෙන් ලැබෙන නිෂ්පාදනයක් බව පැහැදිලි වේ. මිනිසා සමූහ ගතවීම තුළින් අත්දැකීම් ලබාගන්නා අතර මනසෙහි සංවර්ධනය සඳහා අත්දැකීම් අත්‍යවශ්‍ය වේ. මිනිසා උපරිම තත්ත්වයට ගෙනියනු ලබන්නේ ද අත්දැකීම්ය. අත්දැකීම් මිනිසා නිර්මාණශීලී බවට පත් කරනවා පමණක් නොව ක‍්‍රියාශීලී පුද්ගලයකු බවට ද පත්කරයි. මනස තුළ යම් යම් දේ මනනය කරන්නේ ද අත්දැකීම් මූලිකවය. මිනිසා සමාජශීලී වීම තුළ ඔහු තවද අද්දැකීම් ගොඩනගාගනු ලබයි.
තනි ලෙස හෝ හුදෙකලා ලෙස මිනිසාට පමණක් නොව ලොව අන් කිසිදු සත්වයෙකුට හෝ ජීවත් විය නොහැකි බව ද පැහැදිලිය. මිනිසාට ඔහු ඉදිරියේ සිටින අනෙක් මිනිසා හඳුනාගෙන කටයුතු කිරීමේ ශක්‍යතාව තිබේ. මෙම හැකියාව යන්න මිනිසා විසින් ප‍්‍රබලව ප‍්‍රවර්ධනය කරගත යුතු එකක් වුව ද මිනිසා එය නිවැරදිව මේ වනවිටත් වර්ධනය කර ගෙන ඇත්තේ ද යන ගැටලූව මිනිසා තුළ පවතී. වර්තමාන සමාජය පිළිබද අවධානය යොමුකරන විට මිනිසා මෙම තමන්ගේ හැකියාව ඔහුට හෝ සමාජයට හෝ සමාජ සංවර්ධනයට හෝ ගැලපෙන අයුරින් වර්ධනය කර නොගෙන ඇති ආකාරය පැහැදිලි වන අතර එය ඔහුගේ සහ සමාජ ජීවිතයෙහි පැවැත්ම සඳහා පමණක් නොව අපේක්ෂිත ජීවන සංවර්ධනය ඉලක්ක කරා ගමන් කිරීමේ ශක්‍යතා ද බිඳ දමා ඇති අයුරැ දැකගත හැකි වේ.
මිනිසාට ඔහු ඉදිරියේ සිටින ඔහුගේම අනෙක් මිනිසා පමණක් නොව ස්වභාවික නියමයන් මෙන්ම, සමාජ යථාර්ථය සහ ලෝක යථාර්ථය ද අවබෝධ කරගැනීමට නම් ඔහුට ප‍්‍රබල බුද්ධි සංවර්ධනයක් තිබිය යුතුය. බුද්ධිය යන්න සරල නොවන්නේ දැනුම පමණක් ඒ සඳහා ප‍්‍රමාණවත්වත් නොවන බැවිනි. දැනුම යන්න වර්තමාන තාක්ෂණික සමාජ අවධිය තුළ පරිගණකය ඉදිරියෙහි සිට වුව ද ඔහුට ලැබීමට හැකියාව තිබේ. පොතක් කියවීමෙන් ද දැනුම ලබා ගැනීමට හැකිය. එහෙත් අවබෝධය යන්න දැනුමෙහි අත්දැකීම් සහිතව මිනිසා විසින් ගොඩනඟා ගත යුත්තක් වන අතර එය පුහුණු කළ මනසකට පමණක් කළ හැකි ක‍්‍රියාවකි. පුහුණු නොකරන ලද මනසට අවබෝධය යන්න ගොඩනගා ගැනීම පහසු ක‍්‍රියාවලියක් බවට පත් නොවන අතර අධ්‍යාපන ක‍්‍රියාවලියෙහි වුව ද ප‍්‍රබලතම ක‍්‍රමවේදය බවට පරිවර්තනය වන්නේ පෙර පාසල් සහ පාසල් අධ්‍යාපනය තුළින් ද අවබෝධයක් ගොඩනගා ගැනීමට අදාළ ප‍්‍රවේශය පුද්ගලයා තුළ ගොඩ නැංවීමයි. එහෙත් වර්තමාන අධ්‍යාපනය ක‍්‍රමවේදය තුළ මෙය ගොඩ නැගීමට ප‍්‍රබල අවබෝධයක් නොමැති වීම නිසා වර්තමානයෙහි ගොඩනැගෙන පරම්පරාවට ඔහුගේ ඉදිරියේ සිටින අනෙකා හඳුනා ගැනීමට හෝ සත්‍යයට හෝ සත්‍ය ලෙස සිද්ධීනට ලංවීමට හෝ අපහසුවන නිසා ඔහුට නොගැලපෙන හෝ ඔහුගේ අවශ්‍යතා ඉටු නොකරන කෙනෙකු යැයි සිතා ඔහුගේ ඉදිරියෙහි සිටින අනෙකාට වෛරී ලෙස ද කටයුතු කරනු දැකිය හැකි වේ.
මෙම අවබෝධය නැමැති ක‍්‍රියාවලියෙහි දුරවබෝධය නිසා ඔහුගේ ආත්මාර්ථකාමය ද ඔහුගේ ආත්මය තුළ වර්ධනය වනවා පමණක් නොව අනෙකා ද එම තත්වයට ප‍්‍රවේශ කරණු ඇත. ආත්මාර්ථකාමය ද මිනිසාගේ ප‍්‍රකෘති ක‍්‍රියාවලියක් බවට පත් වන අතර එය උපතේ සිටම සෑම සත්ත්වයෙකු තුළම දැකිය හැකි ය. එහෙත් මිනිසාගේ චින්තන ශක්තිය ප‍්‍රබල වන නිසා ඔහුට එය අවම කර ගෙන පරාර්ථය ගොඩනඟාගත හැකි පසුබිම ඔහු තුළ තිබේ. ආත්මාර්ථකාමීත්වය අාධ්‍යාත්මික පිරිහීමේ කාරණාව බවට ද පත් වනු ඇත. යම් පුද්ගලයෙකු ආත්මාර්ථකාමී ලෙස ගොඩනැගෙනවා යනු ඔහු ඔහුවම රවටා ගැනීමේ ක‍්‍රියාවලියක් බවට පත්වන බව ඔහු කිසිදින අවබෝධ කොට ගෙන නොමැති බැව් පෙනේ. මෙම තත්ත්වය අප සමාජයෙහි වර්ධනය වනු දැකිය හැකි වේ.
ශ‍්‍රී ලාංකික සමාජය සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයක සිට නව තාක්ෂණික කාරණාවන් අරමුණු කරගෙන සමාජ සංවර්ධනය ගොඩනගන ආකාරය පැහැදිලිය. ඒ අනුව ඉතිහාසයෙහි පුද්ගලයාගේ සමාජ ජීවිතයෙහි ස්වරූපවලට වඩා වර්තමාන මිනිසාගේ චර්යාවන්හි ස්වරෑප වෙනස් වී ඇති ආකාරය දක්නට ලැබේ. තාක්ෂණය මානවවාදය සඳහා යොදාගැනීමට නම් ඔහු සතුව ප‍්‍රබල අවබෝධයක් තිබිය යුතු අතර එය නොමැති වන කළ ඔහු තාක්ෂණයෙහි වහලෙකු බවට පත් වනු ලැබේ. වහල් බවෙහි මූලික ස්වරෑපය වන්නේ අන්තගාමීත්වයයි. ඒ අනුව ගැටලුව වන්නේ මිනිසාගේ අන්තගාමීත්වය ගොඩ නගා ඇත්තේ කවුද යන්නයි. මේ තුළ පැහැදිලි වන්නේ මෙම අන්තගාමීත්වය ඔහු විසින්ම ගොඩනගාගෙන ඇති බවත් ඒ සඳහා ඔහු ඉදිරියේ සිටින අනිකා සහ අනෙකාගේ ක‍්‍රමවේද ප‍්‍රබලව බලපා ඇති බවත්ය.
මෙමගින් ඔහු තුළ සිදුවන ප‍්‍රබලතම එක් කාරණාවක් වන්නේ ඔහු හුදෙකලා බවට පත්වීමයි. මෙම හුදෙකලා බවෙහි ප‍්‍රබල ක‍්‍රමවේද දෙකක් දැකිය හැකිවේ. එනම් පුද්ගලයා පුද්ගලයා තුළ හුදෙකලා වීම සහ ඔහු සමාජ ක‍්‍රමවේදය තුළ හුදෙකලා බවට පත්වීමයි. ආත්මාර්ථකාමී බව පුද්ගලයා තුළ හුදෙකලාව ගොඩ නංවන විට එම හුදෙකලාවම තව ද ඔහුව ආත්මාර්ථකාමී කරනු ඇත. ඒ අනුව මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ එක් සිතිවිල්ලක් හෝ ක‍්‍රියාවක් තුළ අනෙක් සිතිවිල්ල හෝ ක‍්‍රියාව යැපීම පමණක් නොව ඒ තුළ තව ද එය වර්ධනය කර ගැනීමයි. ලොව කිසිදු සිතිවිල්ලක් හෝ ක‍්‍රියාවක් තනිව නොපවතිනු ඇත යනු ස්වභාවික නියමයයි. එයට හේතුව වන්නේ කිසිවකට තනිව ඉපදීමට හෝ පැවතීමට නොහැකි බවයි. යමක් ඉපදීමට හෝ පැවතීමට නිරන්තරයෙන් තවත් දෙයක සම්බන්ධය අත්‍යවශ්‍ය වනු ඇත.
ඒ අනුව ඔහුට එයින් ගැලවීමට අදාළ ප‍්‍රබලතම ක‍්‍රමවේදය වන්නේ ඔහු තුළ ගොඩන නගා ගනු ලබන අවබෝධය නැමැති සාධකයයි. හුදෙකලා වූ පුද්ගලයා අන්සතු කිරීම පහසු කටයුත්තකි. අන්සතු වූ පුද්ගලයා අනෙකාගේ පුද්ගල අවශ්‍යතාවලට අනුව ගොඩනැගෙනු ඇත. පුද්ගල සංවර්ධනයට නොගැලපෙන ප‍්‍රබල ගැටලූවක් බවට වර්තමාන සමාජයෙහි මෙය පත් වී තිබේ. ඔහු ඔහුගේ ජීවිත සංවර්ධනයෙහි ඔහු තුළම ඔහු දුරස් කෙනකු බවට පත් වී තිබේ. ඔහු ඔහුගෙන් දුරස්වීම යන්න ඔහුට පමණක් නොව සමස්ත සමාජයටම ප‍්‍රබල ගැටලුවකි.
අපි සමාජයේ ජීවත්වීමේ දී බොහෝ දුරට සිතනු ලබන්නේ බොහෝ දෙනෙකු අපිට සිටිනා බවයි. එහෙත් අපිට කිසිවෙකු සිටී ද යන්න පිළිබඳ ව සිතීමට කාලය පැමිණ තිබේ. අපිට කිසිවෙකු සිටී ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ ගොඩනැගෙන සිද්ධීන් තුළිනි. සිද්ධි තුළ අප අවට කිසිවකු නොසිටින බව පැහැදිලි කරගත හැකිය. ඒ අනුව නිගමනය කළ හැක්කේ කිසිවකුට කිසිවකු නොසිටින නිසා තමාට තමාව ම සංවර්ධනය කර ගත යුතු බවයි.
වර්තමාන සමාජය තුළ තව ද දැකිය හැකි ප‍්‍රබලතම මානව සමාජ කාරකයක් වන්නේ පුද්ගලයා පමණක් නොව සමස්ත සමාජයම යාන්ත‍්‍රික ස්වරෑපයකට පරිවර්තනය වෙමින් පැවතීමයි’ යාන්ත‍්‍රිකත්වයට කිසිදා මානව සමාජ ගුණධර්ම රඳවා ගැනීමට නොහැකි වන්නේ කාර්මික සහ ඒ හා සමගාමී යාන්ත‍්‍රීකරණය තුළ මානව සාධක එහි අභ්‍යන්තරීකරණය සිදු නොවී තිබීම නිසාවෙනි. යාන්ත‍්‍රික සමාජයක තව ද දැකිය හැකි ප‍්‍රබලතම සාධකයක් වන්නේ ප‍්‍රශ්න හෙවත් ගැටලු තුළ දී පුද්ගලයා හුදෙකලා වීමයි’
මේ අනුව වර්තමාන සමාජ සංවර්ධනය සදහා පුද්ගල පරමාර්ථ ගොඩ නගා ගැනීමට ඔවුහු නොදන්නවා පමණක් නොව ගොඩනැගූ පරමාර්ථ ද ශක්තිමත් නොවන්නේ විඤ්ඤාණික ශක්තියෙහි දුබලතා හේතුවෙන් බව ඔව්හු නොදනිති. පරමාර්ථ යන්න සරල කරැණක් නොවන්නේ ඒ තුළ අවසාන ඉලක්ක කේන්ද්‍ර ගත වී ඇති බැවිනි. පරමාර්ථයෙහි මූලික ලක්ෂණය වන්නේ ද අවසාන ඉලක්ක කේන්ද්‍රගත කර ගැනීමයි. පරමාර්ථයෙහි කාර්යභාරය වන්නේ ද එයයි. පරමාර්ථ සඳහා ගමන් කිරීමට පුද්ගලයාට විවිධ අරමුණු තෘප්තිමත් කිරීමට සිදුවනු ඇත. ශක්තිමත් නොවන පරමාර්ථ ඇති සමාජයක් තුළ එදිනෙදා ගොඩනඟන අරමුණුවල ප‍්‍රබල දුර්වලතා දැකිය හැකි වන අතර එය පුද්ගල සහ සමාජ ක‍්‍රමවේදය බිඳවවැටීමට ද හේතු වනු ඇත. පුද්ගලයා තුළ ගොඩනැගෙන පරමාර්ථ සමාජයේ ජීවත්වන අනෙකාට නිවැරදිව දැනිය යුතුය. බලකාමය පමණක් නොව පන්ති කාමය යන ක‍්‍රමවේද ද පුද්ගලයින්ගේ අරමුණ බවට පරිවර්තනය වේ. බලකාමය තුළ අනුන්ගේ නිෂ්පාදන ද තමන්ගේ අයිතිය බවට පත් කොට ගෙන බලය පතුරුවයි වෙළෙඳපොළ ක‍්‍රමවේදය තුළ මෙය ප‍්‍රබල ව දැකිය හැකි කරුණකි’
මේ තුළ පැහැදිලි වන්නේ මිනිසා යථාර්ථයට ද සත්‍යවාදී නොවන බවයි. අනෙක් අතට පෙනෙන්නේ ඔහු ගොඩනගනු ලබන සත්‍ය පරම සත්‍යයක් ද නොවන බවයි. මිනිසාව අධ්‍යයනය කරනු ලබන විට පැහැදිලි වන්නේ ඔහු ගොඩ නගනු ලබන්නේ සම්මුති සත්‍යයක් සහ සාපේක්ෂ සත්‍යයක් වන බවයි. ඔහු බොහෝ දුරට සිතන සත්‍ය ඔහු විසින් නිෂ්පාදිත එකකි. එමනිසා ඒ තුළ සත්‍යය වටහා ගැනීමට ද නොහැකිය. අනෙක් අතට දැකිය හැකි වන්නේ ඔවුන් විසින් ගොඩනගන සත්‍යය භාෂාත්මක නිර්මාණයක් ද වන බවයි.
ඒ අනුව පරම සත්‍යය යනු මිනිසා විසින් නිෂ්පාදනය කරන්නක් ද නොවේ. මිනිස් බුද්ධියට අලූත් දේ නිර්මාණය කළ නොහැකි වන අතර කළ හැකි වන්නේ පවතින දේ සොයා ගැනීම පමණි. ඒ අනුව සත්‍යවාදී වීම යනු ද මනසෙහි පවතින ආකෘති සහ පදාර්ථ වලට හෙවත් ගොඩනගා ගන්නා ලද අච්චුවලට අනුව හැඩ ගැසීම හෝ ඊට අනුව විකෘති වීම හෝ නොවනු ඇත. ලොව පවතින සියලු වස්තූන් හා සිද්ධීන් මනසට අනුරෑපී වන අතර මනසෙහි සිතිවිලි මගින් එම වස්තූන් හැඩ ගන්වනු ලබයි. ඒ අනුව මනස දියුණු නොකරගන්නාට යථාර්ථය සහ සත්‍ය කිසිදින හමු නොවනු ඇත.