මේ දිනවල ජනමාධ්‍ය ඇතුළු රටේ ජනතාව වැඩිපුර කතා කරන්නේ කොරෝනා වෛරසය පිළිබඳවය. ලොව පුරා රටවල් 25කට පමණ රෝගය ව්‍යාප්ත වීම හා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය ගැනය. ලංකාවේදී හඳුනාගත් එකම කොරෝනා ආසාධිත චීන කාන්තාව සුව කිරීම පිළිබඳව ද මහ ඉහළින් කතා කරයි. ඇතැමුන්ට මේ ආකාරයෙන්ම මාරාන්තික වූ ඉබෝලා, සාස් සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳව මතක නැති තරම්ය.
මේ සියලු වෛරස් ලෙඩ රෝග ලංකාවට ආවේ පිටරැටියන් හරහාය. එවැනි වෛරස් පිළිබඳව ඉහළින් කතා කරන අපේ ජනතාවට රටේ පවතින ඩෙංගු වසංගතය පිළිබඳ අවධානයක් නැති ගාණය. වැඩි සමය අවසන් වීමත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාම ගැන හෝ පාලනය කිරීම පිළිබඳ තැකීමක් ද නැති තරමය.
ලංකාවේ අපට ඩෙංගු වසංගතය භයානක හා මාරාන්තිකය. එය වර්ධනය වීම අරභයා සමාජයක් වශයෙන් සැවොම වගකිව යුතුය. එවැනි මාරාන්තික වසංගතයක් හමුවේ කොරෝනා පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්ය.
ඉහත කී වෛරස් රෝග මෙතෙක් ලාංකික අපට දැඩි තර්ජනයක් වූයේ නැත. මාරාන්තික තර්ජනයක් වූයේනම් ඩෙංගු රෝගය පමණය. එහෙත් කිසිවකුගේ අවධානයක් නොමැති මහ මඟ අනතුරැවලින් සිදුවන මරණ රටට බරපතළ ඛේදවාචකයකි. එය වෙනත් වෛරස් හෝ එවැනි වසංගත රෝගවලින් දැනට සිදු වී ඇති ජීවිත හානිය අභිබවා ගිය එකක් බව බොහෝ දෙනා නොදනිති. මෙතෙක් වාර්තා වී තිබෙන දත්ත වාර්තා අනුව හදිසි අනතුරැ දැඩි අවදානමක් හා වර්ධනයක් පෙන්නුම් කරන බව දැකිය හැකිය.
අපරික්ෂාකාරී රිය ධාවනය, වේගයෙන් ඉස්සර කිරීම, නොඉවසිලිමත් බව සහ නීති පිළිනොපැදීම මාර්ග අනතුරැ රුසකට හේතු වී තිබේ. මේ හේතු නිසා ගතවූ දින කිහිපයේදී වාර්තා වූ රිය අනතුරැ ප්‍රමාණය අධික බව දකින්නට ලැබිණ. ලෝකයේ එක දිනකට වාර්තා වන රිය අනතුරු ගණන තුන්දහස ඉක්මවන බවත් ඉන් මියයන ප්‍රමාණය දෛනිකව ඉහළ යන බවද වාර්තා වේ. ලංකාවේ රිය අනතුරැවල තත්ත්වය ද එසේ වෙද්දී එය වැඩිවන ප්‍රවණතාව රටේ බරපතළ සමාජ ගැටලුවක් ඇතිකර තිබේ.
ලංකාවේ රිය අනතුරැ සම්බන්ධයෙන් වන දත්ත වාර්තා සනාථ කරන්නේ සෑම පැයකටම රිය අනතුරැ හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වන බවය. ඒ අනුව වාර්තා වන්නේ සෑම දිනකදීම මිනිසුන් 8 දෙනකු රිය අනතුරැ නිසා මරණයට පත්වන බවකි.
මෙතෙක් සිදුව තිබෙන රිය අනතුරැවලින් 90%ක් වළක්වා ගත හැකි තිබූ ඒවා බවත් මෙම අනතුරැවලින් 85%ක් සඳහා පුද්ගල හේතූන් බලපා තිබෙන බවද සොයාගෙන තිබේ. මත්පැන් හේතුවෙන් මහමඟ ජීවිත බිලිදෙන ඇතැම් රියැදුරෝ සිටිති. ඒ අතර ජීවිතයේ අත්දැකීම් රහිත තරුණ ජීවිත යතුරුපැදි හා ත්‍රිරෝද රථ හරහා මඟ මරැවාට බිලිවීම බරපතළ ගැටලුවකි. මෙකී අනතුරැ හේතුවෙන් දූ දරුවන්ට පිය සෙනෙහස අහිමි වීම හා බිරින්දෑවරැ වැන්දඹු වීම හරහා ඔවුන්ගේ පවුල් ආර්ථික වශයෙන් කඩා වැටීම සමාජය හමුවේ පවතින බරපතළ ඛේදවාචකයකි.
මෙවැනි බරපතළ සමාජ ගැටලු ඇතිකර තිබෙන රිය අනතුරැ හා ඉකුත් ආසන්න දින විස්සකදී වාර්තා වූ රිය අනතුරු පිළිබඳව මෙසේ සටහන් තබන්නේ යම් පමණකට හෝ මග අනතුරු වළක්වා ගැනීමට එය හේතු වනු ඇතැයි අපේක්ෂාවෙනි. පෙබරවාරි 7 වැනිදා වනවිට ගෙවී ගිය දින විස්සට අයත් වන්නේ ජනවාරි 19 වැනිදා තෙක් දින ගණනයි. එම කාලයේදී සිදුව තිබෙන හා පොලීසියට වාර්තා වූ රිය අනතුරැ ගණන 36කට අධිකය. එහිදී මියගිය පුද්ගලයන් ගණන 40කට අධික බවත් තුවාල ලැබූවන් ප්‍රමාණය 42කට අධික බවත් වාර්තා වේ.
ඉකුත් සමයේ රථවාහන දඩ පිළිබඳව නොයෙක් කතා වාද විවාද මතු කෙරිණි. ඇතැම් සංවිධාන හා සංගම් උද්ඝෝෂණ ව්‍යාපාරවල පවා නියැලුණේ ඇතැම් දඩ හා නීතිවලට ව්‍යාපාරවල පවා නියැලුණේ ඇතැම් දඩ හා නීතිවලට එරෙහිවය. ඊට ඇහුම්කන් දෙමින් ඇතැම් නීති සංශෝධනය කරමින් දඩ මුදල් වෙනස් කෙරිණි. එහෙත් අද වනවිටත් සිදුවන රථවාහන අනතුරු හෝ මරණවල අඩුවක් දකින්නට නැත. මේ අනුව පෙනෙන්නේ රථ වාහන වැරදි පාලනය සඳහා නීති මගින් පමණක් කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බවය. පදිකයන්ගේත් රියැදුරන්ගේත් ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ සඳහා කුඩා දරැවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විශේෂ දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව පවතින බවද පැවසිය යුතුය.
රථවාහන වැරදි හෝ මාර්ග නීති උල්ලංඝනය කිරීමට එරෙහිව රියැදුරන්ගෙන් අය කරන දඩ මුදල ප්‍රමාණවත් නැත. ඒ බව සඳහන් කරන්නේ යම් අනතුරකින් තුවාල ලබන හෝ ජීවිතක්ෂයට පත්වන අය වෙනුවෙන් රජයේ රෝහල් වෙතින් හා පොලීසිය වෙතින් ඉටු කරන සේවයට වැයවන ඉහළ මිල මුදල ගැන සලකා බලමිනි.
නිතිපතා ලංකාවට එන රථවාහන ප්‍රමාණය වැඩි වේ. මෙය රිය අනතුරැ සඳහා බලපාන කාරණයකි. රථවාහන වැඩිවන තරමට මෙරට මාර්ග පද්ධතිය පුළුල් වන්නේ නැත. පවතින මාර්ග ඇති අඩුපාඩු නිමක් නැත. මේ සියල්ල මාර්ග අනතුරැ ඉහළ නැංවීමට හේතු වී තිබේ. සියල්ල අභිබවා ගොස් තිබෙන සමාජ සාරධර්ම පිරිහීම තුළින් රිය අනතුරැ පමණක් නොව වෙනත් හදිසි අනතුරු මරණ සිදුවීමට බලපා තිබේ.
ලෝකයට අලුතින් එන මාරාන්තික වෛරස් වැනි ලෙඩ රෝග සඳහා යම් පමණකට හෝ ඖෂධ සහ ප්‍රතිකාර සිදුකෙරෙනු ඇත. එමගින් අසාධ්‍ය රෝගීන්ට පවා ජීවිතය දීමට අවස්ථාව සැලසෙනු ඇත. එහෙත් රිය අනතුරැ හෝ මග අනතුරැ නිසා වන මරණවලට වෙනත් පිළියමක් තිබේද? නිසි පිළිතුරක් නැති එම ගැටලුවට විසඳුමක් වශයෙන් රථ වාහන අනතුරැ අවම කිරීම සඳහා නිසි ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවේ යෙදවීම අවශ්‍යය. ඒ බව වගකිවයුතු බලධාරීන් වෙත පෙන්වා දෙමු.
සමන්ත ප්‍රදීප් විල්තෙර