දැන් ලෝකයට පමණක් නොව අපේ රටටද තියෙන ප්‍රධාන ප්‍රශ්නය වෛරසයක් වන කොරෝනාය. හැමදෙනාම උත්සාහ ගන්නේ මෙකී වෛරසයෙන් ගැලවීමටය. තවම අපේ රටට වසංගත තත්ත්වයට පත් නොවූවත් සියල්ලෝම සූදානම් ශරීරයෙන් සිටිති. සෞඛ්‍ය අංශ ඉස්සරවීමට පෙර මුඛ ආවරණ පැළඳ ජනතාව ආරක්ෂා වෙති. සියල්ලෝම ඉන්නේ අවදානමට පෙර අවධානයෙන්ය. ඒ නිසා එය ප්‍රථමයෙන්ම අගය කළ යුතුය.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩියෙන්ම සිටින සහ එම වෛරසයේ නිජභූමිය හූබෙයි ප්‍රාන්‍තයේ වූහාන් නගරය සම්පූර්ණයෙන් වසා දමා සතියකටත් වඩා කල් ඉකුත් වී ඇත. ඔවුන් එය ආරක්ෂිත පියවරක් ලෙස සිදුකළත් ඒ වනවිටත් එහි සිටි පිරිසක් එම නගරයෙන් එළියටත්, චීනයෙන් පිටතටත් ගොස් හමාරය. ඒ නිසා අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා තේරැමක් නැත. එහෙත් මෙය තවදුරටත් පාලනය කර ගැනීමට කළ හැකි වූ උපරිම දෙය එම ක්‍රියාව මිස වෙනත් දෙයක් නැත.
එසේ එම ප්‍රදේශයෙන් පිටතට ගිය බහුතරයක් පිරිස රෝගකාරකය පතුරවා හමාරය. දැන් චීනයෙන් පමණක් නොව ලෝකයේ විවිධ රටවලින්ද එකා දෙන්නා හමුවන්නේ ඒ මුල්ම රෝගියාගෙනුත් පසුව දෙවැනි හෝ තුන්වැනි කණ්ඩායමේ රෝගීන්ය. එයට හේතුව වන්නේ වූහාන් ප්‍රදේශයට නොගිය පුද්ගලයන්ද මෙකී රෝගයේ ගොදුරු බවට පත්වී ඇති නිසාය. ඒ නිසා මෙහි තත්ත්වය බරපතළ බව අමුතුවෙන් කිවයුතු නැත.
කෙසේ වෙතත් මේ රෝග ව්‍යාප්තිය ලොවපුරා සිදුවන නිසා ශ්‍රී ලංකා රජයද ඊට අවශ්‍ය මූලික පියවරවල් රැසක් ගෙන තිබුණේය. ඒ ගුවන්තොටුපළට ස්කෑන් යන්ත්‍රයක් සවිකිරීම හරහාය. එයට හේතුවූයේ චීන ජාතිකයන්ගේ අලුත් අවුරුදු උත්සවයට මෙරට පමණක් නොව වෙනත් රටවලද සේවය කරන චීන කම්කරැවන් එරටට යාම නිසා ඔවුන් නැවත තමන් සේවය කරන රටවලට පැමිණෙමින් තිබූ සමයක් වීමය. එසේම චීන ජාතික සංචාරයකයන් බහුතරයක්ද ලොවවටා සංචාරය කරන සමයක් වීමද නිසාය. මේ නිසා ගුවනින් පැමිණ රටට ඇතුළු වන සියලුදෙනා පරීක්ෂාවට ලක්වීම ඉබේ සිදුවිය.
මේ අතර බොහෝ දෙනකුට ඇතිව තිබූ ප්‍රශ්නය වුණේ අපේ රටේ පිරිස්ද මේ රෝගයට ගොදුරු වී ඇතිද යන්නය. එහිදී පළමුවෙන්ම අවධානය යොමුවුණේ මෙරටින් ගොස් චීනයේ උසස් අධ්‍යාපනය හදාරණ තරුණ තරුණියන් දෙසටයි. ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වුණේ එරට ළමුන් 800ක පමණ සංඛ්‍යාවක් ඉගෙනුම ලබන බවයි. ඒ නිසා ඔවුන් අවදානමක සිටින බවට ඔවුන්ගේ දෙමාපියන්ටත් ඔවුන්ටත් සහ රටේ ජනතාවටත් දැනිණි.
මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සපයමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කමිටුවක් සකසා මෙරට එල්ලවිය හැකි වෛරස් අවදානම අවම කිරීමටත් එසේම එරට සිටින ලාංකික තරුණ තරුණියන් ගෙන්වා ගැනීමටත් සැලසුම් සකස් කළේය. දරුවන් ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාරවූයේ ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු බාර අතිරේක ලේකම්වරයකු වූ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාටය. ඔහු ඒ අභියෝගය පිරිස සමඟ සුදානම් කළේය.
“අපි ඉස්සෙල්ලම බැලුවා මේ වෛරසය තියෙන අඩු අවදානම් කලාප සහ අවදානම් කලාපයේ සිටින දරුවන් කවුද කියලා. ඒ අතරින් වූහාන් නගරය තමයි අවදානම තියෙන තැන. ඒ නගරය තුළ අපේ ළමයි 30 ක් ඉන්නවා. ඉස්සෙල්ලම බැලුවේ ඒ අය ගන්න. ඒත් ඒ රජයෙන් අවසරයක් නෑ. මොකද ඒ නගරය සම්පූර්ණයෙන් වහලා දාලා නිසා. අපි නමුත් චීන රජය එක්ක කතා කරනවා අපේ ඒ ළමයි 30 දෙනාව ඉක්මනින් එළියට ගන්න” යැයි කොළඹගේ මහතා අප කළ විමසුමකදී කීවේය.
එහිදී වැඩිදුරටත් මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් පළකළ ඒ මහතා,
“අපි අඩු අවදානම් කලාපයේ ඉන්න දරුවෝ ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඒ සඳහා අපි ගුවන් සමාගම් තුනක් සමඟ සාකච්ඡා කරලා වට්ටම් ලබාගත්තා. ශ්‍රී ලංකන්, චයිනීස් ඊස්ටර්න් සහ එයාර් චයිනා කියන ගුවන් සමාගම් හරහා. ඒ අනුව ලංකාවට එන්න කැමති හැමදෙනාවම අපේ තානාපති කාර්යාලය හරහාත්, කන්සියුලර් කාර්යාල දෙක හරහාත් සම්බන්ධ කරගෙන මේ වෙනකොට ලංකාවට ගෙන එමින් සිටිනවා.”
අපි මෙහිදී ඒ මහතාගෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ නැගුණු ප්‍රශ්න කිහිපයක් විමසුවෙමු.
ප්‍රශ්නය:- සමහර ළමුන්ට ගුවන් ටිකට්පත් වට්ටම නොලැබුණා කියලා ආරංචියක් තියෙනවා?
පිළිතුර:- ඇතැම් ළමයි ස්ව කැමැත්තෙන් වෙනත් ගුවන් සේවා හරහා ඇවිත් තියෙනවා. ඒ නිසා ඒ ටිකට්පත්වල වට්ටම් නෑ. ඒ වගේම සමහර අය පෞද්ගලිකව ටිකට් පත් අරගෙන තියෙනවා. අපි කියන්නේ අපේ තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වෙලා මේ වට්ටම ගන්න පුළුවන්.
ප්‍රශ්නය:- මේ දරුවන් ඉගෙන ගන්න අය. ඒ අයගේ විෂය නිර්දේශ අතපසු වෙන්න පුළුවන්, විභාග අවුල් වෙන්න පුළුවන්, ඒ ගැන සහනයක් තියෙනවද?
පිළිතුර:- දැන් මේ කාලය වින්ටර් එක. නිවාඩු ලැබිලා තියෙන්නේ. ආයේ පටන් ගන්නේ අප්‍රේල් මාර්තු වගේ. ඒ නිසා ඒ වෙනකොට මේ ප්‍රශ්නය ඉවරවෙයි. හැබැයි අපි ඒ විශ්ව විද්‍යාල එක්ක කතාකරලා මේ දරැවන්ට දෙන්න පුළුවන් සහනයන් ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ.
කොළඹගේ මහතා සඳහන් කළ ආකාරයට පසුගිය සතියේ මුල සිට විශ්ව විද්‍යාල සිසුන් මෙරටට පැමිණෙමින් තිබිණි. එසේ පැමිණි ඔවුන් තම නිවෙස් කරා ගිය බව මාධ්‍ය පළවීමත් සමඟ ජනතාව මේ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන්න විය. රෝග ලක්ෂණ පෙනීමට සතියකටත් වඩා යන රෝගයක අවදානම තිබියදී මෙලෙස එම සිසුන් නිවෙස් කරා යැවීම තවත් අවදානමක් බව හැමදෙනාගේම අදහස විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹගේ මහතාගෙන් අප විමසූ විට ඔහු සඳහන් කර සිටියේ එම සිසුන් සියලුදෙනා ගුවන් තොටුපල තුළදී දැඩි පරීක්ෂාවකට ලක්කර රෝගකාරක වෛරසය නැත්නම් පමණක් නිදහස් කරන බවය. එසේ නිදහස් කිරීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී ඇති ආරක්ෂිත ක්‍රමවේද ඔවුන්ට කියාදී ඒ ආකාරයට නිවෙස්වලට ගොස් ජීවත්වන ලෙසට ඔවුන්ට දැනුම් දෙන බවය. එලෙස නිදහස් කළත් ඔවුන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් හරහා දිනපතා පරීක්ෂා කරනු ලබන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් වූහාන් සිට මෙරටට ගෙන එන ළමුන් 30 දෙනා නිවෙස්වලට නොයවා සිටීමට රජය විසින් තීරණය කර ඇත. ඒ සඳහා දියතලාව හමුදා කඳවුරේ වෙනම වාට්ටුවක් ඉදිකර ඒ තුළ ආරක්ෂිතව රඳවා තබාගෙන නේවාසිකව පරීක්ෂා කිරීමටය. එහි රඳවාගන්නා දින ගණන ඔවුන්ගේ සෞඛ්‍ය තවත්වය අනුව තීරණය කරන බව සඳහන් වේ. කෙසේ වෙතත් දැනට ලැබෙන තොරතුරු අනුව ඔවුන් යහපත් තත්ත්වයෙන් සිටිනා බව කියයි.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ ආකාරයෙන් සූදානම් වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා චෝදනා රැසක් එල්ල කළේය. එනම් වෛද්‍යවරුන් මේ වෛරසයට එරෙහිව ප්‍රතිකාර කරන්නට මැදිහත් වුවත් ඊට අවශ්‍ය පහසුකම් නොමැති බව කියාය. විශේෂයෙන් ආරක්ෂිත ඇඳුම් නවයක් පමණක් ඇති බවත් ඔවුහු සඳහන් කරති. ඒ නිසා අවශ්‍ය පහසුම් සහ අවශ්‍ය වටපිටාවන් සකසන ලෙසත් ඉල්ලීමක් කළේය. ඒ අතර ඔවුන් සඳහන් කර තිබුණේ යම් ආර්ථිකමය ප්‍රතිලාභයක් හෝ වෙනයම් හෝ ඇගයීමක් මේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන ලෙසය. එහෙත් එයට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල විය. ඒ එක ලෙඩෙකු හමුවූ සැණින් කැපවීම වෙනුවට වෙනත් ප්‍රතිලාභ ඉල්ලන බවත් චීනයේ දින තුනකින් රෝහල් හදන බවත් වෛද්‍යවරැන් ජීවිත පූජාකරන බවත් දන්වා දැඩි විවේචන ඉදිරිපත් කරන්නට විය. එහෙත් පසුව සංගමය ප්‍රකාශ කර සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවය.
මේ අතර මේ සියල්ල මැද ආණ්ඩුවට තවත් අභියෝගයක් එල්ල විය. ඒ මිනිසුන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන මුඛ ආවරණ (මාස්ක්) මිල හිතු හිතූ සේ වීම නිසාය. රුපියල් 80 තිබූ මාස්ක් අවසානයේ රැපියල් 500 කට ලබාදීමටත් ඇතැම් පිරිස් රු.1000 දක්වා මිලකට ලබාදීමටත් කටයුතු කරන බව දස අතේ පැමිණිලි ගලාගෙන එන්නට විය. අවසානයේ රජයට සිදුවූයේ එයට මැදිහත් වී මිල පාලනය කිරීමටය.
මේ අතර ජනතාව අතර අනියත බිය නිසා රටේ විවිධ ස්ථානවල විවිධ සිදුවීම්ද ඇති විය. ඇතැම් ස්ථානවල අනියත සැකය නිසා සාමාන්‍ය රෝගීන් පවා මගහැර යාමට කටයුතු කළ අවස්ථා අනන්ත අප්‍රමාණ වාර්තා වී තිබිණි. මෙහිදී සමාජ මාධ්‍ය වගකීමකින් යුතුව ක්‍රියාකිරීමට වගබලා ගැනීම අවශ්‍යය.
ගයාන් ගාල්ලගේ
වෛරස් සටනට යෙදූ අපේ විද්වතාගේ නැනෝ බල්බය!
ලෝකය පුරා ව්‍යාප්තවීමේ අවදානමක් සහිත නව චීන කොරෝනා වෛරසය මේ වන විට 8000කට වැඩි පිරිසකට ඇතූළු වී ඇතැයි වාර්තාවෙයි. වාතය හරහා පැතිර යන කොරෝනා වෛරසය එලෙස පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම වළක්වා ගතහැකි නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් ශ්‍රීලාංකීය විද්වතෙක් හඳුන්වාදී තිබේ. මේ මොහොතේත් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ එය ජනතා සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ රටත් ජනතාවත් ගැන සිතා කඩිනම්ව ස්ථීරසාර තීන්දු ගන්නට නොපැකිලෙන පාලනයක් ක්‍රියාත්මකව ඇති හෙයිනි.
අපේ විද්‍යාඥයා, මංජු ගුණවර්ධන සිය අපූරු නව නිපැයුම නිපදවා ඇත්තේ මීට වසර 08කට පෙරය. 2012දීය. නැනෝ අංශු සහිත ආලේපනයක් යෙදූ බල්බයක් ලෙස සකසා ඇති මේ උපකරනය මගින් අවට පරිසරයේ වාතයේ රැඳී ඇති බැක්ටීරියා දිලීර වෛරස බඳු ඇසට නොපෙනෙන විස ද්‍රව්‍ය ඉවත් කරන බව ඔහු පෙන්වා දී තිබේ. එම අංශුව ඔහු ඇතුළු පර්යේෂකයන්ගේ නිර්මාණයකි. එය අමෙරිකාව පිළිගත්තේ ඒ සඳහා පේටන්ට් බලයද ඔහුට පිරිනමමිනි. එලෙස අන්තර්ජාතික රටරාජ්ජවල පිළිගැනීමට ලක්වුවද එකල සිටි බලධාරීන්ට අපේ මිනිහාගේ වැඩේ පෙනුණේ ඇදේටය. ඒ නිසා මේ නිෂ්පාදනයෙන් රටට ප්‍රයෝජනයක් ගන්නට කොරෝනා එනතුරු බලා ඉන්නටත්, අපේම වූ නව නිර්මාණයක වටිනාකම අගයන්නට දන්නා පාලකයකු එනතුරු කල්බලන්නටත් සිදුව තිබුණි. දැන් මේ නවීන තාක්ෂණ උපාංගය ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විසබීජ වලින් තොර වාතාශ්‍රයක් සහිත පරිසරයක් පවත්වාගෙන යන්නට ක්‍රියාත්මකවීම අරඹා හමාරය. මේ උපකරණ 22ක් ගුවන් තොටුපළ ආශ්‍රිතව පිහිටුවා තිබෙන නිසා එහි වාතය සහ පරිසරය විස බීජවලින් තොරව පවත්වා ගන්නට හැකිවන බවයි දැන් විශ්වාසය.
මංජු ගුණවර්ධන තාමත් යොවුන් වියේ පසුවන දක්ෂයෙකි. ඔහුගේ අරමුණ වයසට වඩා පරිණතය. එය අපේ මිනිසුන්ට ජීවත්වීමේදී පැන නගින ගැටලු සඳහා විසඳුම් සෙවීම මූලික කරගත්තකි. මංජු, ලෝකයේ නවීනතම විද්‍යා අංශයක්වන ඉතා සියුම් අංශු ගැන හදාරණ නැනෝ තාක්ෂණය පිළිබඳ උපදේශකවරයෙකි. ලොව පිළිගත් ආයතනයක් වන අන්තර්ජාතික නැනෝ නිපැයුම්කරුවන්ගේ කොංග්‍රසයේ 43 වසරක ඉතිහාසය තුළ සිය නිර්මාණ සඳහා වැඩිම සම්මාන පදක්කම් හිමි කරගත් තැනැත්තාය. ඔහු රන්පදක්කම් 3ක් සහ රිදී පදක්කමක්ද, තවත් විශේෂ රන් සම්මානයක්ද දිනාගත් අයෙකි. විෂබීජ රහිත වටාපිටාවක් ඇතිකරන බිත්ති සායම් විශේෂයක් ඇතුළු ඔහුගේ නව නිපැයූම් නිර්මාණ 75ක් මේ වනවිටත් පේටන්ට් ලබා විදේශයන්හි වානිජ නිපැයුම් ලෙස අලෙවි වෙයි. ඔහුගේ මෙම වාතයේ විස නසන අලුත් නිර්මාණයද මේ රටේදී අවස්ථාවක් නොලද නිසා ඉන්දියාවට ලබාදී ඇති අතර දැන් ඉන්දියාවේදී ඉහළ අලෙවියක් ඇති විස්මිත වැඩකි.
පිරිසුදු වාතාශ්‍රය පවත්වා ගතයුතු ස්ථානවල මෙම උපකරණය සවි කිරීමෙන් එයින් ලැබෙන ඵල නෙලා ගැනීමට ඉන්දියාව මෙන්ම ජපානය සහ එංගලන්තය වැනි රටවල්ද කටයුතු කර තිබේ. ජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන කාර්යාල, විසල් අළෙවිසල්, රෝහල් වාට්ටු, ශල්‍යාගාර, පිරිසුදුකම අත්‍යවශ්‍ය මුළුතැන්ගෙය, වැසිකිලිය මෙන්ම නිදන කාමර පවා මේ උපකරණය භාවිතාව මගින් විෂබීජ නැති සෞඛ්‍යාරක්ෂිත ස්ථාන බවට පත් කරගත හැකි බව මංජු පෙන්වා දෙයි. ඒ වචනයට අන්තර්ජාතික පිළිගැනීමක් ලැබී තිබේ.
අවාසනාවකට මෙතෙක් කලක් ඔහු වැනි නවෝත්පාදන අදහස් සහිත පිරිසට අතදීම සඳහා ඒ ගැන උනන්දුවක් සහිත බලධාරින් සිටියේ නැත. ඒ නිසාම ලෑන්ඩ් මාස්ටර් අත්ට්‍රැක්ටරයේ පෙරළිකාර සංකල්පය ඉදිරිපත් කළ රේවත විජයවර්ධන මහතාගේ සිට අපේ දක්ෂයන්ගේ අපූරු නිර්මාණ සහ අදහස් පමණක් නොව ඒ පුද්ගලයන්ද අන්තිමේ අපේ රටට අහිමි වූහ. දැන් මංජු ගුණවර්ධන සමග ඔහුගේ නිර්මාණයට ලබාදුන් අනගි අවස්ථාව ආදර්ශයක් ලෙස ගෙන රටේ මෙවැනි දක්ෂයන් ඉදිරියට ගෙන වැඩදායක ලෙස යොදා ගැනීමට වැඩපිළිවෙළක් ගෙන ඒමට සුදුසු කාලයයි. සට අතදීම සඳහා ඒ ගැන උනන්දුවක් සහිත බලධාරින් සිටියේ නැත.ඒනිසාම ලෑන්ඩ් මාස්ටර් අත්ට්‍රැක්ටරයේ පෙරළිකාර සංකල්පය ඉදිරිපත් කළ රේවත විජයවර්ධන මහතාගේ සිට අපේ දක්ෂයන්ගේ අපූරැ නිර්මාණ සහ අදහස් පමණක් නොව ඒ පුද්ගලයන්ද අන්තිමේ අපේ රටට අහිමි වූහ. දැන් මංජු ගුණවර්ධන සමග ඔහුගේ නිර්මාණයට ලබාදුන් අනගි අවස්ථාව ආදර්ශයක් ලෙස ගෙන රටේ මෙවැනි දක්ෂයන් ඉදිරියට ගෙන වැඩදායක ලෙස යොදා ගැනීමට වැඩපිළිවෙළක් ගෙන ඒමට සුදුසු කාලයයි.
- සුගත්