ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් විසින් පළමු වරට අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගෙන ඇත.
ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා 2017 වසරේ දී, නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුමේ දත්ත උපයෝගී කර ගනිමින් අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි තාරකාවලට අයත් ග්‍රහ මණ්ඩල සොයාගැනීම සඳහා මෙම පර් යේෂණ ආරම්භ කළ අතර එම පර් යේෂණ සඳහා වර්ෂ 2018 දී මහේෂ් හේරත් මහතා නවක විද්‍යාඥයකු ලෙස පූර්ණ කාලීනව සම්බන්ධ වී ඇත.
නාසා ආයතනයේ කෙප්ලර්-2 මෙහෙයුම මගින් තරු 588,991 ක් පමණ නිරීක්ෂණය කර ඇති අතර විශේෂ පරිගණක අල්ගොරිතමක් භාවිත කර ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හඳුනාගනු ලැබේ. ආතර් සී ක්ලාක් ආයතනයේ හඳුනාගෙන ඇති 3000කට අධික තරු සංඛ්‍යාව අතුරින් විශේෂ නිරීක්ෂණයන්ට ලක් කිරීමෙන් පසු ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හඳුනාගැනෙමින් පවතී. ඒ අනුව EPIC-212-737-443 ලෙස නම් කර ඇති මෙම තරැව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ආතර් සී ක්ලාක් ආයතනයේ විද්‍යාඥයන් විසින් 2017 වසරේ දී ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තරුව වටා ගමන් කරන ග්‍රහලෝක දෙකක් සහිත ග්‍රහ මණ්ඩලය හඳුනාගැනීමට හැකි විය. ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන මහේෂ් හේරත් මහතා විසින් මෙම විශේෂ පර්යේෂණය ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කළ අතර මේ සඳහා විදේශීය රටවල විද්‍යාඥයන් 11 දෙනෙකුගේ තාක්ෂණික දායකත්වය ද ලබාගෙන තිබේ.
එංගලන්තයේ වසර 200 ක් තරම් පැරණි ලොව පිළිගත් රාජකීය තාරකා විද්‍යා සංගමය මගින් පළ කරන MNARS සඟරාවෙහි ජූලි කලාපය මගින් (Monthly Notices of the Royal Astronomical Society) මෙම නව ග්‍රහ මණ්ඩලය සොයා ගැනීම පිළිබඳව ප්‍රසිද්ධ කිරීමෙන් පසු ජාත්‍යන්තර වෙබ් අඩවි 2ක් වන Exo Planet Archive සහ Extra solar planet encyelotaedin යන වෙබ් අඩවි තුළටද මෙම ග්‍රහ මණ්ඩලය ඇතුළත් කර තිබේ.
මෙම ග්‍රහලෝක 2 වායු සහ පාෂාණ අතර තත්ත්වයකින් පවතින ස්කන්ධයෙන් සමාන ග්‍රහලෝක 2ක් වන නිසා ඒවායේ ගුරැත්වාකර්ෂණ බල ද එකිනෙකට සමාන වේ. එනම් එම අගය පෘථිවියට සාපේක්ෂව 1.4ක් පමණ වේ. අපගේ සූර්යයාට වඩා තරමක් පැරණි තරුවක් වටා පිහිටි මෙම ග්‍රහලෝක දෙක වටා ද වායුගෝල පිහිටන අතර එම වායුගෝලයන් ද පෘථිවි වායුගෝලයට වඩා තුන් හතර ගුණයක් තරම් විශාල බවට මෙම පර් යේෂණ තුළින් හඳුනාගෙන ඇත.
මෙම ග්‍රහලෝක දෙකෙන් විශාලත්වයෙන් කුඩා ග්‍රහලෝකය K2-310B ලෙස නම් කර ඇති අතර එය එම තරැවට ආසන්නතම ග්‍රහලෝකය වන අතර එහි විශ්කම්භය 16437km කි. එනම් එය අප පෘථිවිය සහ සූර්යයා පිහිටා ඇති දුරින් 10/1 ක් තරම් වේ. මෙහි මතුපිට උෂ්ණත්වය 2650C ක් පමණ වන බැවින් මෙම පළමු ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු නොවේ. මෙහි භ්‍රමණ කාලය දවස් 13.6 කි.
විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ග්‍රහලෝකය K2-310C ලෙස නම් කර ඇති අතර එහි විෂ්කම්භය 17074km කි. මෙහි මතුපිට උෂ්ණත්වය 420C° ක් වන අතර මෙම ග්‍රහලෝකයේ ජලය තිබිය හැකි ග්‍රහලෝකයක් ලෙස මෙම පර් යේෂණ සිදු කළ විද්‍යාඥයන් හඳුන්වයි. පෘථිවියේ ඝනකමට වඩා තුන් හතර ගුණයක් තරම් විශාල මෙම ග්‍රහලෝක දෙකෙන් වඩාත් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකයෙහි භ්‍රමණ කාලය දවස් 65.6 ක් වන අතර එය අප පෘථිවිය සූර්යයා අතර දුර මෙන් 3/1 ක දුරකින් පිහිටයි. මෙම ග්‍රහලෝක දෙකෙහිම ස්කන්ධයන් සමාන වන නිසා මෙම දෙවැනි ග්‍රහලෝකයේ ගුරැත්වාකර්ෂණ බලය ද පෘථිවියට සාපේක්ෂව 1.4 කි.
මෙම EPIC-212-737-443 තරැව තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර එය වටා පිහිටි ග්‍රහලෝක දෙක එකම වේගයකින් භ්‍රමණය වන නිසා හැමවිටම එක් පැත්තක් තරුව දෙසට යොමුවන අතර අනෙක් පැත්ත හැමවිටම අඳුරු කලාපයක් ගනී.
ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ මෙම නව ග්‍රහ මණ්ඩලයේ සොයා ගැනීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මහත් පිළිගැනීමක් හිමිවන අතර අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ තාක්ෂණය අතින් ඉදිරියෙන් ඇති දියුණු යුරෝපීය රටවල් අතරට ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක සම්ප්‍රාප්තිය අපට මහත් අභිමානයකි.
තාරකා විද්‍යා අංශය,
ආතර් සී ක්ලාක් ආයතනය.