මෙවර සතිය උණුසුම් වූයේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවේ ගැටුමත් සමඟය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කාරක සභාවේ කටයුතු පිළිබඳව දැඩි විවේචනයක් කිරීමත් සමඟිනි. ඔහු සඳහන් කර සිටියේ මේ හරහා බුද්ධි අංශයේ සාමාජිකයන් රටට අනාවරණය වන බවයි. එබැවින් ජනාධිපතිවරයා පවසා සිටියේ කාරක සභාවේ කටයුතු නවතා දමනතුරු තමන් කැබිනට් රැස්වීම් නොපවත්වන බවය. මෙය එක් පැත්තකින් ව්‍යවස්ථාදායකයට එල්ල කරන ලද බලපෑමක් ලෙස අර්ථ ගැන්විය හැක.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධ වෙමින් විශේෂ කාරක සහාව රැස්වූ අතර තවමත් එය දිගටම පවත්වාගෙන යයි. මේ නිසා ව්‍යවස්ථාධායකයත් විධායකයත් අතර ප්‍රබල ගැටුමක් හටගෙන ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් මේ අතර ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. එම අස්වීම ගැන නොයෙකුත් කතා ප්‍රචාරය වූ අතර ඒ අතරින් වැඩිම කතාබහක් ලක්වූයේ සිසිර මෙන්ඩිස් මහතා කාරක සභාව හමුවේ හෙළිකළ ඇතැම් කාරණා හේතුවෙන් ඔහුට ගෙදර යන්නට සිදුවූ බවය.
මේ අතර කාරක සභාව හමුවේ පසුගියදා සාක්ෂි දීමට අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා පැමිණියේය. ඔහු එහිදී සඳහන් කළේ තමන් ඇතුළු පිරිස සහරාන්ට විරුද්ධව පැමිණිලි කළත් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් පොලිසිය නොගත් බවය. එසේම ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධානි අබ්දුල් රාසික්ද ත්‍රස්තවාදියකු බවත් ඔහු ත්‍රස්තවාදී අදහස් වපුරන බව සඳහන් කළේය.
මෙහීදී හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාගේ නම සඳහන් කරමින් පවසා සිටියේ ඔහුට මැතිවරණය සඳහා සහරාන්ගේ උදව් උපකාර ලැබුණු බවය. එසේම උතුරේ ඇතැම් දේශපාලනඥයන් සහරාන් සමඟ ගිවිසුම් ගතව කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.
ඊට පසුදිනක කමිටුව හමුවේ පෙනීසිටියේ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාය. ඔහු කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ තමන් සහ සහරාන් අතර කිසිදු සබඳතාවයක් නොතිබූ බවය. 2015 මහ මැතිවරණයේදී සහරාන් මුස්ලිම් දේශපාලනඥයන් කැඳවා මැතිවරණ ව්‍යපාරය පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳ ගිවිසුමක් අත්සන් කළ බවත් ඒ ගිවිසුම කඩකිරීම හේතුවෙන් තමන් සමඟ සහරාන් තරහා වී විරුද්ධව කටයුතු කළ බවත් කීය. මේ නිසා තමන් ඡන්ද එකසිය ගණනකින් පැරදුණු බවද ඔහු සඳහන් කළේය.
එසේම තමන් එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදුන් බවත් ඒ අතර සහරාන් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළ බවත් ඔහු පැවසීය. එසේම මෙරට මුස්ලිම් ජනතාව සිටින්නේ අඩු සංඛ්‍යාවක් වුවත් ලෝකයේ බහුතරය බව පැවසුවේ වැටී සිටි මුස්ලිම් ජාතිකයන් නැගී සිටුවීමේ අරමුණින් බවත් කීය. එසේ නොමැතිව ඒ ප්‍රකාශය කළේ කිසිදු වෙනත් අරමුණකින් නොවන බවත් හෙතෙම සඳහන් කළේය. එසේම කාත්තන්කුඩිවල අරාබි භාෂාවෙන් නාමපුවරු සඳහන් කළේ අරාබියෙන් එන සංචාරකයන්ගේ පහසුව සඳහා බවද ඔහු කීය.
මේඅතර මාවනැල්ල අවට පෙදෙස්වල බුදුපිළිමවලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැත්තාට ඇප ලබාගැනීම සඳහා රැපියල් ලක්ෂ 20ක් ලබාදී ඇත්තේ සහරාන් බව හෙළි වී ඇත. සහරාන් මෙම තරැණයන්ට පවසා ඇත්තේ උඹලා ගහලා මා ළඟට වරෙල්ලා යනුවෙන් බවද රහස් පොලිසියට හෙළි වූ සාක්ෂි ඔස්සේ අනාවරණය වී ඇත.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් තවත් පිරිසක් පසුගියදා ඉන්දියාවේදී එරට ආරක්ෂක් අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් මේ සිද්ධියට සම්බන්ධ අය බව එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුණි. මේ අතර මුරපොළක සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධ පිරිසක් සෞදිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම පිරිස ශ්‍රී ලංකා රජයට ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත රහස් පොලිස් කණ්ඩායමක් සෞදිය බලා පිටත්විය. අවසානයේ සැකකරැවන් පස්දෙනෙක් රහස් පොලිස් බාරයට පත්වූහ.
මේ අතර නව ජාතික බුද්ධි ප්‍රධානියකු ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය. ඒ මේජර් ජනරාල් රැවන් කුලතුංගය. ඔහු පාබල හමුදාවේ අධිපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.
කුරැණෑගල වෛද්‍ය සාෆිට විරැද්ධව තව තවත් පැමිණිලි ලැබෙමින් පවතින අතර ඔහු තවමත් සිටින්නේ රහස් පොලිසියේය. මව්වරැන් විවිධ පැමිණිලි ගෙනෙන අතර ඔවුන් බොහෝමයක් පවසන්නේ තම දෙවැනි දරැවා ලැබීම නැවතුණේ සැත්කමින් පසුව බවය. එය කෙතරම් සත්‍ය ද අසත්‍ය ද යන්න තවමත් තහවුරු වී නැත. මේ අතර සාෆි සමඟ කටයුතු කළ කාර්යමණ්ඩලයේ පිරිස් පවසා ඇත්තේ කිසිවක් නොදන්නා බවය. පෙනෙන්නට එවැනි දෙයක් සිදුනොවූ බවද ඔවුන් දන්වා ඇත. එහෙත් එහි සත්‍ය අසත්‍යතාව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරැ වන තෙක් අපට කිසිවක් කිව නොහැකිය.
මේ ආකාරයෙන් ගෙවුණු සතිය ඉතාමත් සාමකාමීව ගතවූ අතර එහෙත් පසුගිය ඉරිදා තරමක කාර්යබහුල තාවයක් දැකගත හැකිවිය. ඒ ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමත් සමඟය. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස්කර තිබූ අතර කොළඹ නගරය තුළ දැඩිව එම ආරක්ෂාව ක්‍රියාත්මක කර තිබුණි.
ගයාන් ගාල්ලගේ