ඇය දෑස් දල්වා බලාගෙන සිටී. තමන්ගේ පුංචි පුතනුවන් දැකබලා ගන්නට ඇය ඉන්නේ නොඉවසිල්ලෙනි. නමුත් අද ඇයට පුංචි පුතු දකින්නට වරම් නැත. අනාගතයේදී දවසක ඇයට එය හැබෑ කරගන්නට හැකිවේවි. නමුත් ඇයව මේ සමාජය කෙසේනම් පිළිගනීවිද? එය ඇයට පමණක් නොව පුනරුත්ථාපන නිවාසයේ ජීවත්වන සෑම ගැහැනු හිතකම පැන නැගුණ ප්රශ්නයයි.
පිරිමින්ගේ ඕනා එපාකම් වෙනුවෙන් තමන්ගේ ශරීරය විකුණූ ගැහැනිය අද ජීවිතේ අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නීය. පිරිමින්ගේ උකුසු ඇස්වලට හසුවුණු ගැහැනියගේ වත රැඳුණු දුහුල් සළුපිලි එකින් එක ගැලවෙද්දී ඇය මොණර කොළවලට යට විය. ජීවිතේ කවමදාකවත් දැක නැති පිරිමියකු හා යහන්ගත වෙද්දී ඒ හිත් කොනේ තම දරුවන්ගේ කුසගින්නේ අඳෝනාව ඇසෙන්නට ඇති. ලෙඩ ඇඳේ ඉන්නා අම්මා තාත්තාගේ වේදනාව දැනෙන්නට ඇති. නමුත් ඇය දරුවන්ගේ කුසගිනි නිවන්නට ජීවිතය සරිකරලන්නට තම ශරීරය දන් දුන්නාය.
පිරිමින්ගේ හැඩිදැඩි ශරීරවලට යටවන මටසිළුටු ශරීරයෙන් ගැහෙන වේදනාවට මිලක් තිබුණි. නමක් තිබුණි. නමුත්... පැය කිහිපයකට පසුව කිසිවක් සිදු නොවූ ලෙසින් පිරිමි ඇයව අතහැර ගියෝය. ඔවුන්ට නමක් නැත. සමාජය ඇයට පමණක් වෙසඟනයැයි පැවසීය. ඇතැම්හු ඇයව ගණිකාව ලෙස හංවඩු ගැසූහ. සමාජයෙන් ඇය කොන් කරනු ලැබුවාය. නමුත් අදටත් ඇය සමඟ යහන්ගත වූ පිරිමි මේ සමාජයේ මහත්වරු ලෙසින් වැජඹෙති.
ඇය ගැහැනුකම මුදලට විකුණුවාය. නමුත් අසීමිත වේදනා විඳමින් ඇය මුදලට තම සිරැර විකුණන හේතුව සොයන්නට කවුරුත් වෙහෙස වූයේ නැත. රක්ත වර්ණ රැධිරයෙන් ගැහැනියගේ පාරශුද්ධත්වය බලන්නට උත්සාහ කරන සමාජයෙන් පිරිමියාගේ පිරිසිදුකම බලන්නට කිසිවෙක්ම නැත.
රාජාංගනයේ ජීවත් වුණු සේපාලිකා දිළිඳු පවුලක උපන් කාන්තාවකි. හයදෙනකු ජීවත් වුණු පවුලේ සේපාලිකාගේ පියා වතුවල පොල් කඩා තම පවුල ජීවත් කරලීය. බොහෝ දිනවල පියා කඩන පොල් එකින් එක අහුලා පොල් ලෙලි ඇරීමේ කටයුත්ත බාර කරන ලද්දේ ද සේපාලිකාටමය. ඒ වනවිටත් සේපාලිකාට වයස අවුරුදු දහයක් වන්නට ඇත. ඇය වැඩිවියට පත්වූයේද පොල් වත්තේදීමය. නැකැතට ඇයව නැහැවුණේ නැත. නිවසේ කැවිලි පෙවිලි හැදුණේ නැත.
ඔන්න ඕකිව හෙටම වත්තට එවපන්. මම කොහොමද නැත්නම් මේ හැමදෙයක්ම කරන්නේ?* සේපාලිකාගේ පියාගේ අවසන් තීරණය එය විය.
පහුවදාම ඇයව නෑවූ සේපාලිකාගේ මව සේපාලිකා වත්තට යැව්වාය. දින කිහිපයකින් සේපාලිකාගේ පියාට දේව වරමක් ආරෑඪ විය. ඔහු ගෙපැල ඉදිරියේ කුඩා ලී මඩුවක දේව වරමෙන් සාස්තර කීවේය. ඔහුගේ සහායට තඹුත්තේගම සරත් රාජාංගනයට ආවේය. කල්යත්ම සරත්ගේ දේව වරම අවසන් විය.
මට උඹට දෙන්න සල්ලි නැහැ. සල්ලි වෙනුවට ඔන්න ඕකිව අරං පලයන්.
සේපාලිකාගේ තාත්තා සරත්ට සේපාලිකාව විකුණුවේය. අවුරුදු දහසයක් වයසැති සේපාලිකා රාජාංගනයේ සිට තඹුත්තේගම සරත් සමඟ පැමිණියාය. නමුත් ඒ වනවිටත් සරත් හා සේපාලිකා වචන දහයක්වත් කතා කර තිබුණේ නැත.
රාජංගනයේ දූවිල්ලට මැදිව ජීවත් වුවත් සේපාලිකා ප්‍රියමනාප කෙල්ලක විය. නමුත් සරත් ඉතා අපිරිසිදු නිතරම බුලත් කෑමට පුරැදු වුණු වැඩිමහල් පිරිමියෙකි. සේපාලිකාගේ නවාතැන වූයේ කටුමැටි කැඩුණු, දිරෑ වහලක් තිබුණු පැල්පතකි. එදා රුයේදීම කටුමැටි ගෙබිමේදී සරත් මේ පුංචි කෙල්ලව ගැහැනියක් කළේය. කිසිවක් නොදැන සිටි පුංචි කෙල්ල අසරණව කඳුළු වැගුරැවාය. නමුත් සරත් සෑම දිනකම ඇයව බිම පෙරළාගත්තේය. ඇයට අසීමිතව වද දුන්නාය. එයින් ප්‍රතිඵලය වූයේ සේපාලිකා වසර කිහිපයකින් පුතුන් තිදෙනකුගේ මවක් වීමයි.
මුන්ට කන්න දෙන්න මට සල්ලි නෑ. උඹ කොහේහරි ගිහින් සල්ලි ගෙනෙන්
සරත් නිතර නිතර සේපාලිකාට වද දුන්නේය. වැඩිමහල් දරුවන් දෙදෙනා තඹුත්තේගම පන්සල් දෙකකට සේපාලිකා පූජා කළේ දරැවන්ගේ අනාගතය වෙනුවෙනි. දරැවන් කහවත ඇඳි සෑම දිනකම සේපාලිකා අසීමිතව කඳුළු වැගිරුවාය.
අන්තිමට මම පාරට බැස්සා. විකුණන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මම ඇඟ වික්කා
ඇය අම්බපාලියක් වූවාය. ඒ තම සැමියාගේම වරදිනි. එක පිරිමියකුගෙන් එක වතාවකට රැපියල් හාරදාහකට ඇඟ විකුණුවාය. ඇට, ලේ, මස්, නහරවලින් හමාගෙන එන වේදනාවට වඩා දරුණු වේදනාවන් ඇගේ සැමියාගේ වදන්වල ගැබ්වී තිබුණි.
මොනවහරි කරලා කමක් නෑ යකෝ...... මට සල්ලි ගෙනත් දියන්. ඔය ඇඟෙන් ප්‍රයෝජනයක් ගනින්.
කිසිදු සැමියෙක් නොකියන කිසිදු බිරිඳක් නොපතන සැමියකුගේ වදන් සරත්ගේ මුවින් නිතරම ඇසුණේය.
මේ රස්සාව හරි අමාරුයි. ඒත් මොනවා කරන්නද.. මාත් කළා. සමහරු පුදුම වදයක් දුන්නේ
තමාගේ පියාගේ වයසේ පසුවන පිරිමින්ගේ ආශාවන් සංසිඳවන්නට සේපාලිකාට සිදුවිය.
උඹ හොඳ බඩු කෑල්ලක් තමයි කෙල්ලේ. මාර සැපක්නෙ දුන්නේ එසේ කියූ ඇතැම්හු සේපාලිකාට වැඩිපුර මුදල් දුන්හ. රන්කහවනුවලට වඩා සේපාලිකා අසීමාන්තිකව දුක් වින්දාය. අවසානයේදී ගම්පහ පොලීසිය කළ වැටලීමකදී සේපාලිකා පොලීසියේ අත්අඩංගුවට පත්විය. ඇය සමඟ එකට යහන්ගත වූ පිරිමියා මහත්තයෙක් ලෙස සමාජයට ගියේය.
වැරැද්ද ගැහැනියක වූ සේපාලිකාගේමද යැයි අපිට සිතුණි.
වත්තල ප්‍රදේශයේ ජීවත් වූ රුවන්තිකා නමට ගැලපෙන රූපයකට හිමිකම් පෑවාය. පාසල් ප්‍රේමය අදද ඇයට අමතක නැත. අරැණ රුවන්තිකාට ආදරය කළේය. රුවන්තිකා ද අරුණට අසීමාන්තිකව ආදරය කළාය. නමුත් මේ ප්‍රේමයට නැවතීමේ තිත තියන්නට සිදුවූයේ අරැණ වෙනත් කෙනෙක් සමඟ දීග ගිය නිසාවෙනි.
අරුණ මට බොරු කළා. මට ඒක දරාගන්න බැරි වුණා. එයා කසාද බැන්දා කියලා දැනගත්තු දවසේ මම අඬපු තරමක්. මම ඇඬුවා ඇඬුවා.. ඒත් ඒ දුක අඩු වුණේ නැහැ. ඔය අතරේ ගමේ හිටපු ත්‍රීවිල් කොල්ලෙක් මගේ පස්සෙන් යන්න එන්න පටන්ගත්තා..
රුවන්තිකා තීරණයක් ගත්තාය. ඇයට අරුණගෙන් පළිගැනීමට ඕනෑ විය. ඇය ඒ වෙනුවෙන් වැරදි තීරණයක් ගත්තාය. &මම ආදරෙයි* රැවන්තිකා ත්‍රීවිල් රෝෂාන්ට තම කැමැත්ත පළකළාය. එතැන් සිට රුවන්තිකාට රොෂාන්ගෙන් තොර ලොවක් නැතිවිය.
නමුත් ඇය එයින්ද ජීවිතයෙන් අතරමං විය. රොෂාන් නිතර නිතර ඇය කාමරවලට ගෙන ගියේය. මස් වැද්දෙකුට මුව පැටවකුගේ ඉවක් දැනුනා සේ රොෂාන් රැවන්තිකාව සිරැර යටට කර අසීමිත ආසාවල් සන්සිඳුවා ගත්තේය. අවසානයේදී රුවන්තිකාට රොෂාන්ගේ යහළුවන් දෙදෙනකුගේ ද ආසාවල් සංසිඳවාලන්නට ද සිදුවිය. ඒ සෑම ගමනකදීම ඇගේ ත්‍රීවිල් රියදුරා වූයේ රොෂාන්ය.
ජීවිතයේ නොයෙක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතයට මුහුණ දෙන්න ආශා කළ රුවන්තිකාගේ ඒ සියලු බලාපොරොත්තු රොෂාන් සුනුවිසුණු කළේය. අවසානයේදී ඇය පාරට වැටුණි. ඇය මානසික රෝගියෙක් විය. පටාචාරා වැනි කාන්තාවක් වූවාය. මානසික රෝහලෙන් ඇයව සමාජ වො දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන පුනරැත්ථාපන නිවාසයකට බාර කරනු ලැබීය. අද ඇය එතුළට වී දවස ගෙවන්නීය.
මට දැන් බඳින්න පුළුවන්ද? අනේ මට කසාද බඳින්න ආසයි
ඇයගේ කැමැත්ත එයයි. ඒ හීනයට කවදා තටු ලැබේද? දවසක ඇය මේ සමාජයේ සතුටින් පියාසර කරවිද? ගැහැනුන්ගේ පාරිශුද්ධිය සොයන පිරිමින් ඇයගේ පාරිශුද්ධිය බලන කල ඒ හීනය සැබෑ වෙයිද?
ජයන්ති මහියංගණයේ දුෂ්කර ගම්මානයක ඉපදුණු පාසල් අධ්‍යාපනය නොලත් තවත් කාන්තාවකි. ජීවිතේ හැමදාමත් අගහිඟකම් එක්ක ගෙවුණු ජයන්තිට අනාගතයක් පේන තෙක් මානයක තිබුණේ නැත. අවුරුදු දහඅටක් වනතුරු ඇය පුංචි පැල්පතේ ජීවිතය ගෙවා දැම්මාය.
මෙහෙම හරියන්නේ නෑ. අම්මා මම නංගි එක්ක කොළඹ යනවා
උඹට පුළුවනැයි ඔය රට රාජ්ජවල යන්න. කොළඹ කොච්චර දුරද?
කමක් නැහැ. මම යනවා. නංගිත් ඉන්නවනේ
උදේ පාන්දර ඇය නංගි සමඟ මහියංගනය බස් රථයට ඇඳුම් කඩමළු දෙක තුනක්ද ගෙන කොළඹ එන්නට පිටත් වූවාය. ඇය කොළඹ දන්න කෙනෙක් නැත. ඉන්න හිටින්නට තැනක් නැත. නමුත් නොදන්නා නගරයේ අතරමං නොවී ජීවත් වෙන්නට ජයන්ති හිත හදාගත්තාය. නමුත් ඇය අසලින්ම ඇගේ ජීවිතයම අතරමං කරනා කාන්තාව හිඳගෙන සිටිනා බව ඇය කිසිදාක නොසිතන්නට ඇත.
නංගී කොළඹට අලුත්ද?
ඔව්. අදයි යන්නේ. රස්සාවක් හොයාගෙන. මට ටිකක් බයයි
මොකටද නංගි බයවෙන්නේ? මේ අපි ඉන්නේ.. ගැහැනියෙක්ට ගැහැනියෙක් උදව් කරන්න ඕනේ. යමු මගේ බෝඩිමට ඔය දෙන්නා
මංගලා ජයන්තිට පිහිට වීමට පැමිණි අමුත්තියයි. මහියංගනය බස් රථයේදී ඔවුන් මුණගැසුණි. ආගිය තොරතුරැ කතා කරමින් මංගලා දුන් බිස්කට් පැකට්ටුවට රහ වැටුණු ජයන්ති සියලු දුක් කම්කටොළු මංගලා ඉදිරියේ වැමෑරීය. මංගලා ඇයවත් නැගනියවත් සීදූව ප්‍රදේශයේ පිහිටලා තිබූ මංගලාගේ බෝඩිමට රැගෙන ගියාය.
පහුවදාට හිරු උදාවිය. ජයන්තිගේ ජීවිතයේ සියලු හීන එතැනින් අවසන් විය.
වැඩිය දෙයක් නැහැ.. පොඩ්ඩක් මේ මිනිහගේ ඇඟ මසාජ් කරන්න
හැඩිදැඩි පුද්ගලයකුගේ ශරීරය ජයන්තිගේ කරගැට ගැහුණු අත්වලින් මුලින් සම්බාහනය විය. විනාඩි කිහිපයකින් ඔහුගේ සිරැරට ඇය යට විය. ඇඳ කීරි.. කීරි ගෑවේය. ජයන්තිය හුස්ම ගන්නට පවා අමතක විය. ඇයට හුස්ම හිරවන්නාක් මෙන් දැනුණි. මුළු ඇඟම දහඩියෙන් තෙත් විය. ඒත් සමඟම කාමරයට කඩා වැදුණු පොලිස් නිලධාරියෙක්ට ජයන්තිව මාට්ටු විය. විශ්වාස කරන්න.. ඇගේ පාරිශුද්ධියේ සළකුණු කොටු ගැහුණු ඇඳ රෙද්දේ සටහන් වී තිබුණි. ගැහැනියක වූ මුල්ම දවසේම ඇයට වෙසඟනගේ සහතිකය ලැබුණි.
ජීවිතයේ ඔවුහු නොකළ වරදවලට දඬුවම් ලැබූහ. නමුත් ඒ සෑම ජීවිතයකම පිටුපස ඇත්තේ පිරිමින්ගේ ආශාවන් පමණි. වෙසඟනන් සමඟ යහන්ගත වූ බොහෝ පිරිමි තම බිරින්දෑවරැන්ට දයාබර සැමියෝය. දරුවන්ට ආදරණීය පියවරුය. නමුත් ඔවුන් හා යහන්ගත වූ ගැහැනු මේ සමාජයට ගණිකාවෝය. වෙසඟනන්ය. ජීවිතේ වැරදුණු තැන් ඇත. ඒ වැරදීම් නැවත නොවන්නට ද පුළුවනි. තම ආසාවල් ඉටුකරගන්නට ගැහැනුන්ට මුදල් දිගු කරලා පිරිමින් ඉන්නාතුරු ගැහැනියට බේරිමක් නැත.
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ..
විශේෂ ස්තූතිය
පලාත් සමාජ සේවා අධ්යක්ෂ
තමරිකා හර්ෂනී
අධිකාරි මෙත්සෙවන නිවර්තන නිවාසය
ප්‍රදීප රණේපුර
දිශානි ජයමාලි කරුණාරත්න