2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

අගමැති රනිල්ට අාචාරිය උපධියක්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරය අංශ කිහිපයකින් වැදගත් සංචාරයක් විය. දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවත් ඉතා සමීප මිතුරන් ලෙස ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ගෝලීය තලයේදීද සිය සබඳතා ශක්තිමත්ව පවත්වා ගත් රටවල් දෙකකි. එවන් මිතුරු සබඳතාවක් තවදුරටත් ශක්තිමත් කරමින් සිදුවුණු අගමැති රනිල්ගේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඇතිවුණු ගිවිසුම්, මතුවූ මිතුරු ආකල්ප අදහස් අතර තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සරසවියක් වන Deakin විශ්ව විද්‍යාලය කටයුතු කිරීම ය. 

ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන අංශයන්ගේ උන්නතිය සඳහා සිදුකරන ලද දායකත්වය අගයමින් මෙසේ අගමැති වික්‍රමසිංහට ආචාර්ය උපාධියක් පිරිනමන බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර තිබේ. 
තවද ආචාර්ය උපාධියක් හිමිවීමට අගමැති රනිල්ගේ සුදුසුකම ලෙස Deakin විශ්ව විද්‍යාලය පෙන්වා දුන්නේ ගැටුම් සහිත සමාජයක් ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පරිවර්තනය කිරීමට ඔහුගෙන් ලැබුණු සුවිශේෂී දායකත්වය බවය. 

රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාවේ අවශ්‍යතාවය ගැඹුරින් අවධාරණය කරන පුද්ගලයෙක්. ඒ වගේම වගවීමේ ක්‍රියාවලියටත් ඔහුගේ දායකත්වය ප්‍රශංසනීයයි. ගැටුම් නිසා බෙදුණු සමාජයකට අනාගතය පිළිබඳ පොදු යහපත් බලාපොරොත්තුවක් ඇතිකිරීමට ඔහු ක්‍රියාකර තිබෙනවා. Deakin සරසවියේ ප්‍රකාශකවරයෙකු පවසා තිබුණි. 
ආචාර්ය උපාධිය හිමිකරගැනීමෙන් අනතුරැව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එහි රැස්ව සිටි සෙසු උපාධි අපේක්ෂකයින් ඇමතීය. “ඔබ සියලු දෙනා අනුගාමිකයෙක් හැටියට කටයුතු කරන්න පටන්ගන්න. හැමවෙලේම නිහතමානීව අනෙක් අයගෙන් පාඩම් ඉගෙන ගන්න. විශේෂයෙන්ම අනෙක් අයගේ අත්වැරදීම් තුළින් කරැණු අවබෝධ කරගන්න. ජීවත්වීමේදී පරාජයත් බාරගත හැකි ලෙස සූදානම් වෙන්න. මොකද ජීවිත ගමන තුළදී ඔබට සාර්ථකත්වය මෙන්ම දරුණු පසුබෑම්ද ඇතිවෙන්න පුළුවන්. ඒ ගැටලුවකට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙනගන්න”. ඔහු ප්‍රකාශ කර සිටියේය. 

මෙසේ ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ගෞරව ආචාර්ය උපාධිය පිළිගත්තද එහි ආචාර්ය නාමය තමාගේ පෞද්ගලික හා රාජකාරි කාර්යයන් වෙනුවෙන් කිසිසේත් භාවිතයට නොගත යුතු බවට අගමැතිවරයා විසින් අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.
අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා තම ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් සඳහන් කර ඇත්තේ ආචාර්ය නාමය භාවිතා කිරීම අධ්‍යයන කටයුතු හරහා එය උපයාගත් කෙනෙකුට පමණක් හිමිවිය යුතු වරප්‍රසාදයක් බවට අගමැතිවරයා තමන් හා ප්‍රකාශ කර සිටි බවය. 

අගමැතිවරයා තම සංචාරය අතරතුරදී වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය වන ලිණ්ඩා ඩේසු මහත්මිය ද හමුවී සාකච්ඡා පැවැත්වීය. තව ද ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ කොට වසර 70ක් පිරීම නිමිත්තෙන් කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ සංවිධානය කර තිබූ විශේෂ සමරු උළෙල සදහා ද අගමැතිවරයා එක්වීය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති පෙරහුරු විස්සයි විස්ස තරගයටද ඔහු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා හා එක්ව සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. 

 රජිත 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04