
ඉන්දුනීසියාවේ දේශපාලනය ගැන ආන්දෝලනාත්මක සිද්ධි තිබේ. එරට වැසියන් හෙම්බත් වී ඇති බව අනාවරණය වෙයි. එරට තරුණ පුරවැසියන් අඩුම තරමින් ඡන්දය ප‍්‍රකාශ කරන්නට හෝ උනන්දුවක් නැති බව මෑතක පැවැත් වූ පර්යේෂණයක් අනාවරණය කර ඇත. ජනමාධ්‍යවේදිනියක ඉදිරියට එන්නේ එරට සමාජ, දේශපාලන ව්‍යූහය වෙනස් කරන අරමුණ ඇතිවය. ඉන්දුනීසියාවේ නීති අංශ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා අලුත් පක්ෂ හතරකට අවසර දී ඇත. හිටපු රූපවාහිනී මාධ්‍යවේදිනියක වන ග්‍රේස් නටාලිගේ නායකත්වයෙන් යුතු ඉන්දුනීසියා එක්සත් පක්ෂය අලුතින් බිහිවන එහි කැපී පෙනෙන දේශපාලන පක්ෂයකි.
“අලුත් පරපුරට නායකත්වය දෙන්නට කාලය එළැඹ ඇති” බව ඇය ප‍්‍රකාශ කරන්නීය. එක්සත් පක්ෂය හුදු විප්ලවවාදී එකක් නොවේ. නමුත් සහෝදර සහෝදරිය සේ පාක්ෂිකයන් අමතන්නට නැඹුරු වී ඇත. ඉතිහාසයේ සිට රට පාලනය කළ පක්ෂ හා දේශපාලනඥයන් ගේ දූෂණ හා නොපනත්කම් හෙයින් තරැණ ඡන්දදායකයන් කලකිරීමට පත්ව සිටින අතර බෙදී පසෙකට වී සිටිති. එක්සත් පක්ෂ නායිකාව වශයෙන් ඇය තෝරා ගන්නා අවස්ථාවේ දී මුලින් ගෘහ ජීවිතය ගැන කල්පනා කර තිබේ. “මගේ සැමියා සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට මාස හතරක් කල් ඉල්ලා ගත් අතර ඔහු අනුමැතිය දුන්නා පමණක් නොව අවශ්‍ය සහාය නොපැකිලව දෙන්නට සූදානම් වූ බව” ඇය ඉන්දුනීසියන් පෝස්ට් පුවත් පතට ප‍්‍රකාශ කළාය. ග්‍රේස් නටාලි ඉදිරි මැතිවරණයක තරග කරන අපේක්ෂකයන් තෝරා ගනිමින් සිටින අතර එම සම්මුඛ පරීක්ෂණ පවා සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ. විනිවිද භාවය ඉතාම වැදගත් බව ඇය විශ්වාස කරන්නීය. ගුරුවරු, සමාගම් ප‍්‍රධානීන්, බැංකුකරුවන් හා වෛද්‍යවරු ඇතුළු වෘත්තියවේදීහු පක්ෂය වටා එකතු වෙමින් සිටිති. ඇයගේ ස්වභාවය ගැන මාධ්‍ය ප‍්‍රශ්න කරන විට ඇය කියා සිටියේ එය “ගැටුමක් නොව තමාගේ නිර්මාණශීලීත්වය” බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පවතින විශාලතම ජනගහනයක් සහිත රටවල් ලැයිස්තුවේ තුන් වැනි තැන සිටින ඉන්දුනීසියා වැසියෝ පසුගිය දශක දෙක තුළ පවා යහපත් දේශපාලන ස්ථාවරත්වයක් අත්පත් කරගන්නට අසමත්වූහ. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 261 ඉක්මවයි. රාජ්‍ය දූපත් දහතුන් දහසක් ඉක්මවයි. සංචාරක ව්‍යාපාරයට විශාල අවස්ථා තිබේ. ලෝක උරුමයක් සේ සැලකෙන බොරෝ බුදුර් ප‍්‍රධාන දූපතෙහි පිහිටා තිබේ. වර්ග ප‍්‍රමාණය අනුව ලෝකයේ විශාලතම රටවල් ලැයිස්තුවේ දහ හතරවැනි ස්ථානය ඉන්දුනීසියාවට හිමි වී ඇත. මෑත කාලය තුළ සාගර දූෂණය හේතුවෙන් ඉන්දුනීසියානු රාජ්‍යය බලවත් ගැටලුවකට මුහුණ දුන් අතර එහිලා වැඩිම චෝදනාව එල්ල වූයේ පොලිතීන් භාවිතය ගැනය. මුහුදු පැලෑටි ආශ්‍රයෙන් නිපදවන අලුත් ඇසුරැම් භාවිතා කරන අතරතුර පොලිතීන් තහනම් කිරීමට ඉන්දුනීයානු රජය පියවර ගත්තේය.
ඉන්දුනීසියාවේ සම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රියාකාරකම්වලින් ජනතාව පීඩාවට පත්ව සිටිති. වෙනසක් ඉල්ලන ජනතාව බලයට පත් කරන නායකයෝ කෙටි කලකින් නැවතත් අභියෝගයට ලක්වෙති. මෙම තත්ත්වය වෙනස් කිරීම ග්‍රේස් නටාලිගේ අරමුණ වී තිබේ. ඇයගේ එක්සත් පක්ෂය තරුණ පෙළ ඉලක්ක කරයි. එරට ඡන්ද බැංකුවෙන් සියට තිහක් තරැණ පෙළ වන අතර පක්ෂයේ විශේෂත්වය අනුව සාමාජිකත්වයෙන් සියයට තිස් පහක් පමණ තරුණන් බව දැක්වෙයි. “කාන්තාවන් මගේ පැත්තට එකතු වනු ඇති අතර රට තුළ වෙනස් පාලනයක් ඇති කරන්නට තරුණ හා කාන්තා ජන කොටස ඉතාම වැදගත්” බව නටාලි කියා සිටින්නීය.
ග්‍රේස් නටාලේ ඉන්දුනීසියාවේ ජකර්තාහි ක්‍රිස්තියානි උසස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය ලැබූ අතර ඉන් පසු ඉන්දුනීසියාවේ ව්‍යාපාර හා තොරතුරු තාක්ෂණය ආයතනයේ අධ්‍යාපනය නිම කළාය. එම කාලයේදී පැවරුමක් වශයෙන් මාධ්‍ය කටයුතුවලට සම්බන්ධ වී තිබේ. පසුව නෙදර්ලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවාය. පල්ලියේ ඉරිදා පන්තියේ ඉගැන්වීම කරන අතරවාරයේ රූපවාහිනී නිවේදන කලාවට ප‍්‍රවේශ වන්නීය. දේශපාලන, අපරාධ, ව්‍යාපාර ආදී වශයෙන් නොයෙක් අංශවල කාලීන තොරතුරු වාර්තා කරන ග්‍රේස් දිවා රාත්‍රිය නොබලා සේවයට කැපවූවාය. සජීවී වැඩසටහන් මෙහෙයවීමේදී දැක්වූ දක්ෂතාවය ජාත්‍යන්තර අවධානයට ලක්විය. ආවේගශීලීව හැසිරුණු සම්පත්දායකයන් ඇය පාලනය කරගත්තාය. එහි ප‍්‍රතිඵලය අනුව තරගකාරී චැනල්වල අවස්ථාව ලැබූ ඇය 2012 වසරේදී ප‍්‍රකට පර්ෙය්ෂණ හා උපදේශක සේවාවක ප‍්‍රධාන විධායක නිලධාරිනිය සේ වගකීම භාරගත්තාය. වසර දෙකක් යන්නට මත්තෙන් ගේ‍්‍රස් දේශපාලන ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූවාය. දහ දෙනෙකුටත් අඩු ආරම්භක සාමාජික පිරිස අතර පක්ෂයේ නායකත්වය ඇය වෙත පිරිනැමුණේ ඒකමතිකවය. ලබන වසරේ පැවැත්වෙන ඉන්දුනීසියානු මහ මැතිවරණයට මුහුණ දෙන අධිෂ්ඨානයෙන් පසුවෙයි. බාල දරුවන් දෙදෙනකුගේ මව වන ඇය සිය පක්ෂය වෙනුවෙන් ජනතාව සම්බන්ධ කරගෙන සිටින්නීය. සාමාජිකයන් හමුවීමට ආධාරකරැවන්ගේ නිවාස තෝරා ගන්නා ග්‍රේස් යාන වාහන පරිත්‍යාග සේ ලබා ගනී. ‘‘එවැනි පියවර මගින් පක්ෂය කාගේ හෝ බූදලයක් බවට පත් නොවන’’ බව සඳහන් කරන පක්ෂ නායිකාව ‘‘සෑම පුරුවැසියකුම පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් මොනවා හෝ පරිත්‍යාග කර’’ ඇති බව කියන්නේ ව්‍යක්තව බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. දේශපාලනය ගැන ඇති අත්දැකීම් අඩු බව කියන පක්ෂ නායිකාව තමන් ඉන්දුනීසියානු ජනතාව සමඟ අභියෝග පිළිගැනීමට සූදානම් බව කියා සිටී.
චීන සම්භවයක් ඇති ඉන්දුනීසියානු පසුබිමක් සහිත ග්‍රේස් ජන වර්ග අතර පීඩනය සමහන් කරන අතරවාරයේ කාලගුණ වෙනස්කම් ගැන සිය පක්ෂයේ දර්ශනය කේන්ද්‍ර කර ඇත. ඉන්දුනීසියාව ප‍්‍රකට මුස්ලිම් රටකි. ව්‍යවස්ථාවකින් පාලන තන්ත‍්‍රය ආරක්ෂා කර තිබේ. එනමුත් මුස්ලිම් ජනතාව සිය ජීවිත නිදහසේ ගතකරන්නට ප්‍රිය කරති. ඉන්දුනීසියාවේ දේශපාලන පක්ෂ 14 ක් ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සැලකේ. එක්සත් පක්ෂය සිය ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ කරන්වට ග්‍රේස් නටාලේ සමත්වනු ඇත්දැයි සෑහෙන පිරිසක් බලා සිටිති. ලෝකයේ නොයක් රටවල් වල නායකත්ව ගැන ප‍්‍රශ්න තිබේ. වේගවත් ජනප‍්‍රියත්වය ඉක්මනින් ජනතාව තුළ කළ කිරීම ඇති කරන්නට හේතු වී තිබේ. අලූත් ජන නායකයෝ සොයා අලුත් ප‍්‍රතිපත්තිවලට නැඹුරැව එහි ප‍්‍රතිඵලයකි.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මඟින් සංවාදයට යොමු කළ හැකිය.
►මිලින්ද මොරගොඩ