2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ දකින සමහර ප්‍රකාශ පිළිබඳව පුදුමයක් තියෙන්නේ. ගොඩක් දමිත්ව ළඟින්ව ඇසුරු කළ පුද්ගලයන් මිත්‍රයන් ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා දමියා මගේ හොඳම යාළුවා, දමියා මගේ හොඳම බොක්ක, දමියා තමයි උදව් කළේ, දමියා හොඳ එකෙක්, අහිංසකයා, අවංකයා කියලා. ඒ හැමදේකම තියෙන්නේ දමිත් අසංක හොඳ මිනිහෙක් කියන එක. මම දැක්කේ නෑ කවුරුත් “අපෝ ඕකා චාටර් එකෙක්” කියලා කියනවා. එතකොට පැහැදිලිව දමිත් අසංක හොඳ මිනිහෙක්.

දැන් මේ අයම ඊට පස්සේ කියනවා දමියා මානසික අවුලක හිටියේ, ප්‍රශ්න තිබ්බා, අපිව මග ඇරියා, එයාට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති අපිට කියලා. මේ කියන්නේ හොඳම බොක්කේ යාළුවෝ. එතකොට තර්කයක් නෑ දමිත් අසංක පහුගිය කාලයෙම මානසික වියවුලක ඉඳලා තියෙන්නෙ. ඒක රසිකයෝ දන්නේ දැන්. හැබැයි එයාගේ යාළුවෝ දන්නවා.

ඊට පස්සේ දමිත් අසංක එක්තරා වැඩසටහනකට ආපු මොහොතක කියනවා එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑලු. ගෙදරවත් යාළුවෝවත් කිසි කෙනෙක්. දමිත් කියනවා. “මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම මිත්‍රයා ගෞතම කියලා (බුදුන්). මම මොන වරද කළත් පිළිගන්න හොඳම මිත්‍රයා එයා.” සම්පූර්ණයෙන් ඒ වැඩසටහන ඇතුළේ තියෙන්නේ දමිත් අසංකගේ කඩා වැටීමක්. ඒක බලන ඕනම කෙනෙක්ට තේරෙනවා. එහෙව් දමිත් අසංක මානසික ලෙඩෙක් හැටියට අච්චුවෙලා බන්ධනාගාර ගතවෙනවා. මේ සැප්තැම්බර් මාසයේ අග වෙච්ච දෙයක්.

ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල අග දසුන් සියදිවි හානික කරගන්නවා. සමාජය ඇතුළේ විවිධ අර්ථකතන තිබ්බත් ඔහු ඔහු විසින්ම ජීවිතේ නැතිකර ගන්නවා. හැබැයි එකම හේතුව ඒ මානසික කඩා වැටීම. හැබැයි දසුන් මළහමත් ගොඩක් යාළුවෝ වෘත්තීය මට්ටමිනුත්, බාහිරෙනුත් ඉන්නවා. ඒක පෙන්නනවා.

දැන් මේ සිද්ධි දෙක ඇතුළේ තියෙන්නේ එකම කාරණයයි. ඒ තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ ගැටලු, තමන්ගේ කඩා වැටීම පිළිබඳව විශ්වාස කරලා කියන්න එකෙක් නෑ කියන එක. උන් යාළුවෝ වුණාට, අදාළ චරිතයට ඒ සැබෑ යාළුවෝ නෙමෙයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නනවා.

ඇත්‍තටම මෙතන තියෙන්නේ ජීවිතේ ශෙයාර් කර ගන්න එකෙක් නැතිකම. රණ්ඩු වෙවී හරී, අඬ අඬා හරි කියන්න පාට්නර් කෙනෙක් ලාංකික සමාජය ඇතුළේ තවම ගොඩනැගිලා නෑ. හේතුව ෂුවර් බඩුවක් මේ ජීවිතය ඇතුළේ ගොඩනැගෙන්නේ නෑ. ඒ නිසා තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න තැනට ඇවිත්. හේතුව මේ සමාජය ඕපන් නෑ.

සමහර ප්‍රශ්න විවෘත්ත මනසකින් බලන්න කෙනෙක් මේ සමාජය ඇතුළෙන් බිහිවෙන්නේ නෑ. කෙටි වෙලාවකට විවෘත වුණත් කාලයක් එක්ක ඒ පුද්ගලයා ගෝත්‍රික වෙනවාමයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගත පුද්ගලයා කාලයකට පස්සේ නිවැරදි මාවතකට එනකොට අර සියලු ප්‍රශ්න දන්න එකා නැවත ඌව අර වලට ඇදලා දානවමයි. එවැනි අප්‍රසන්න අත්දැකීම් තියෙන සමාජයක් මේක. කොටින්ම කසාද බිරිඳටවත් කියන්නේ නෑ. ස්වාමියාට කියන්නෙවත් නෑ. ඇයි නැවත ගහනවා. මැරෙන්නම. ඒ නිසා ගොඩක් ප්‍රශ්න සිත් ඇතුළේ කැකෑරෙනවා.

උඩින් හිනාවෙන මිලියන ගාණක මිනිස්සුන්ගේ එක හිතක් ඇතුළේ දාහකට එහා ප්‍රශ්න. ඒ ප්‍රශ්න අරගෙන එහේ මෙහේ යනවා. මහන්සි වැඩිවුණාම, තියන්න තැනක් නැති වුණාම, එක්කෝ ට්‍රැක් එකෙන් පිට යනවා නැත්තන් ඒ ප්‍රශ්නත් අරගෙන වැළලෙනවා. ඒ නිසා මේ හුණ්ඩුවක් විතර සිතුවිලිවල සෙල්ලම් කරන සමාජයක් ඇතුළේ මානසික ලෙඩ හැමෝටම තියෙනවා. හැමෝමට මැරෙන්නත් හිතෙනවා එක පාරක් හරි. ඒත් අල්ලන් ඉන්නවා. බැරිම වුණොත් යනවා. මේක සංකීර්ණයි.

“අපි ඕපන් මයින්ඩ් ඉන්නේ” කියන උන් තමයි වැඩියෙන්ම සම්ප්‍රදායික. අන්න එහෙම උන් එක්ක කවදාවත් ජීවිතේ බෙදාගන්න එපා. උන් පට්ට, සම්ප්‍රදායික හැත්ත. ඒ නිසා මේ කරුමෙන් මිදෙන්න බෑ. අපි ඉස්සරහටත් අපේ ජීවිත ශෙයාර් නොකර එක එකාට, කොමන්ට් දාන්න විතරක් ඉඩදෙමු. එක්කෝ හොඳ කියයි, එක්කෝ නරක කියයි. හැබැයි හොඳ කියන උන් මිත්‍රයොවත්, නරක කියන උන් හතුරොවත් නෙමෙයි මිත්‍රයා. මිත්‍රයෝ. සමහරවිට මිත්‍රයෝ ගෞතම, ජේසුස්, අල්ලාහ්, ගස්වැල්, බල්ලෝ, පූසෝ, ගල් වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද ඇති තරම් කියන්න පුළුවන්. ඇති තරම් අහගෙන ඉඳියි.

►මම 
බ්‍රෝ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00