2022 නොවැම්බර් 13 වන ඉරිදා

රළු හදවතක් වෙනුවට ආදරණීය හදවතක් ඔබටත්....

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 76

කවදාවත් කිසිම න්‍යායක් සිද්ධාන්තයක් ඔස්සේ නිර්වචනය කරන්න නැත්නම් විවරණය කරන්න අසීරු සේම එසේ නොවිය යුතු මනෝභාවයන් වගේම ප්‍රපංචයන් ලෝකයේ තියෙනවා. ආදරය සහ ජීවිතය කියන්නෙත් එවැනි මනෝභාවයක් සහ ප්‍රපංචයක් කියලයි මම විශ්වාස කරන්නෙ. මක් නිසාද යත් එම මනෝභාවය සහ ප්‍රපංචය අපි අර්ථකථනය කර ගන්නෙ අපේ හැඟීම්, අපේ අත්දැකීම් සහ අපේ හදවත්වල භාවමය ස්වරෑපය අනුව... එහෙයින්ම එය සැමවිටම සාපේක්ෂයි.... එසේම එම මනෝභාවය සහ ප්‍රපංචය විශ්වීයයි. 

එහෙත් මම විශ්වාස කරනවා ආදරය තුළ සත්‍යවාදී වූ ආදරයත්, වින්දනයත්, ජීවිතය තුළ සැනසිලිදායක සුවපත් වීමත්, සතුටත්, සොඳුරු විඳීමත් නොසොයන කෙනෙක් මේ ලෝකයේ නැහැ කියලා. එහෙත් ආදරය සහ ජීවිතය තුළ අපිට හුඟාක් දේවල් මඟහැරෙන සහ මඟහරවන සාධකයක් ගැන ඔබත් එක්ක මම අද කතා කරන්න හිතුවේ එය අද්‍යතන සමාජයේ බහුතරයකගේ ජීවිත විෂයෙහි පොදු යථාර්ථයක් වෙන නිසා.

ඒ තමයි හුඟාක් දෙනෙක් හැම දේකදීම පාවිච්චි කරන මම කාර්‍යබහුලයි... මම හරි ‘busy’ කියන එක. අපේ වෘත්තීය ජීවිතයේ වගකීම්, අපේ සමාජ ජීවිතයේ වගකීම් සහ කාර්යයන් සේම අපේ පෞද්ගලික ජීවිතයේ යුතුකම් වගකීම් එක්ක අපි එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. එහෙත් ප්‍රමාද නොවී, ජීවිතයේ දැනී හෝ නොදැනී බොහෝ දේ අප සන්තකයෙන් ගිලිහී යන්නට පෙර ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟව පිළිතුරක් සෙවිය යුතු ප්‍රශ්න තියෙනවා. 

ඇත්තටම මම ජීවත් වෙන්නෙ සතුටින්ද? ඇත්තටම මම ජීවිතය විඳින කෙනෙක්ද? මම මට ආදරය කරන අයත් එක්ක, මගේ ජීවිතය තුළ නැවතිලා ඉන්න අයත් එක්ක, ජීවිතය ආදරණීය ලෙස බෙදාගන්න කෙනෙක්ද? ඒ අය වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන්කරන කෙනෙක්ද? ඒ අයට ඇහුම්කන් දෙන කෙනෙක්ද?

ධනය, බලය, සමාජ තත්ත්වය, ප්‍රතිරෑපය, වගකීම්, වරදාන, වරප්‍රසාද මේ සියල්ල මැද මට මගේ ජීවිතයේ අහිමි වී ගොස් ඇති ඉසියුම් සෞන්දර්යාත්මක ඉසව් සහ ප්‍රපංචයන් මොනවාද?

මොහොතක් ඔබ නවතින්න... නැවතිලා හිතන්න... ඔබේ හෘද සාක්ෂියට ආමන්ත්‍රණය කරමින් හිතන්න තව කෙනෙක් ඒ අයගේ සතුට වෙනුවෙන් ඔබගෙන් ඉල්ලන්නෙ හරි පුංචි දෙයක් වෙන්න පුළුවන්... මම වෙනුවෙන් එක ඇමතුමක්... හමුවෙන්න වෙලාවක්, ඔබ සමඟ කෑමක් කන්න වෙලාවක්, කතා කරන්න වෙලාවක්, මම වෙනුවෙන් පුංචි කවියක් ලියන්න කියන ඉල්ලීමක් වෙන්න පුළුවන්.

මම මේ කතා කරන්නෙ හුඟාක් සරල ප්‍රවේශයක ඉඳන්. එහෙම හෘදයාංගම බෙදාහදා ගැනීමක් ඉල්ලන මොහොතක මම busy... මෙන්න මට තියෙන වැඩ.... වගේ උත්තරයක් වෙනුවට ඔබට ඒ දේ ඉල්ලන කෙනා නොරිදවමින් අනිවාර්යයෙන් මට පුළුවන් වෙලාවක අපි එහෙම කරමු... ඔයා මගේ කොච්චර හොඳ යාළුවෙක්ද? ඔයා මට කොච්චර ආදරේ කරන කෙනෙක්ද? ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න මම ඔයා නොසලකා හරිනවා නෙවෙයි වගේ උත්තරයක් දෙන්න පුළුවන් නම් හරි රළු විදිහට මම busy ok කියන උත්තරයට වඩා එය හරි මානුෂිකයි.... ආදරණීයයි. 

අනෙක් කාරණය කෙනෙක් ඔබෙන් ඉල්ලන සංවේදී ඉල්ලීමකදී ඒ කෙනා වදයක් ලෙස සලකන්න එපා.... එසේ තමන්ට කරදරයක් ලෙස හැඟෙන, ඒ නිසාම බැහැර කළ යුතු අය අපිට ජීවිතයේ හමුවෙන තැන් තියෙනවා... එවැනි තැන්වලදී අපි බුද්ධියට සමපාත තීරණ ගත යුතුයි... එහෙත් මම මේ කතා කරන්නෙ ඒ ගැන නෙවෙයි, අපේ ජීවිත ඇතුළේ එක් එක් භූමිකාවන් තුළ අපිත් එක්ක ඉන්න අය ගැන.

 ඔබ ජීවිතයේ හුඟාක් තැන්වලදී කොතරම් බහුල ලෙස busy යන වචනය පාවිච්චි කළත් ඔබ ජංගම දුරකථනයට, මුහුණුපොතට, අන්තර්ජාලය තුළ සැරිසැරීමට වෙන් කරගෙන ඇති කාලයෙන් ටිකක් ඔබට ඔබේ ආදරණීය බැඳීම් කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් මම busy කියන රළු උත්තරය වෙනුවට හුඟාක් තැන්වලදී තව කෙනෙක් නොරිදෙන උත්තරයක් දෙන්න ඔබට පුළුවන් වෙයි.

 මනෝ විද්‍යාත්මකව කෙනෙක් සතුටින් තියන්න මෙවැනි සුන්දර ප්‍රතිචාර දැක්වීම් වැදගත් වෙන්නෙ කොහොමද.... ඥාතියෙකුගේ සිට මිතුරෙකු දක්වා සහ ආගන්තුකයෙකු පවා සතුටු කිරීමට අපට ගත හැකි සරල පියවර කිහිපයක් පහත පරිදි පෙන්වා දෙන්නට පුළුවන්. 

අවශ්‍ය කෙනෙකුට අපි කී වතාවක් උදව් කර තිබෙනවාද? නිදසුනක් වශයෙන්, වැසි දිනක අපගේ කුඩය යට නාඳුනන පුද්ගලයෙකු අල්ලා ගැනීම අපට දැනුණේ කෙසේද? සතුටුයි නේද? හොඳයි, අනෙක් පුද්ගලයාටද එය එසේම වේ, ඔහු සතුටින් හා කෘතඥතාවයෙන් පිරී ඇත. සත්‍යය නම් ඒ සඳහා අපට විශාල උත්සාහයක් දැරීමට සිදු නොවූ බවයි. 

සුබ පතන්න - ආචාර කිරීම බොහෝ විට වගකීමක් ලෙස සලකනු ලබන අතර යම් දිනක අප නරක මනෝභාවයකින් සිටියහොත් එය අකමැත්තෙන් කළ හැකිය. ඒ වෙලාවේ හලෝ කියන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ. අපි ආයුබෝවන් කියන විට, අපි එය කළ යුත්තේ අපගේ හොඳම සිනහව සමඟින්, අනෙක් පුද්ගලයා හඳුනා ගැනීමට සහ ඔහුට අවංක ආචාර කිරීමට තමා අපි තවත් කෙනෙකුට සුබ පතන්නට අවශ්‍ය වෙන්නෙ. ආගන්තුකයෙකුට ආචාර කිරීමද සැනසීමක් විය හැක. විශාල නගරවල මෙම අභිනය නැති වී ඇත. නමුත් කුඩා ගම්මානවල, ඔබ නොදන්නා නමුත් ඔබට හමුවන පුද්ගලයන්ට ගෞරවයෙන් ආචාර කිරීමේ පුරුද්ද තවමත් පවතී.

උදව් කරන්න - උපකාර කිරීම යන්නට විශාල මුදලක් පරිත්‍යාග කිරීම, රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වීම හෝ වඩාත්ම අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම ඇතුළත් නොවේ. පාර හරහා යන වයෝවෘද්ධ පුද්ගලයෙකුට උපකාර කිරීම, ගසක් සිටුවීම, කුණු කසළ බිම නොදැමීම, පණ ගැන්වීමට නොහැකි නාඳුනන කෙනෙකුගේ මෝටර් රථය තල්ලු කිරීම වැනි තවත් උපකාර වර්ග තිබේ. මේ සියල්ල උපකාරී වේ. සෑම දිනකම අපගේ උපකාරය පිරිනැමීමට අපට දහසක් අවස්ථා තිබේ. ගැටලුව වන්නේ අපට එය නොපෙනීම හෝ අපට එය දැකීමට අවශ්‍ය නොවීමයි. ඔබට උදව් කිරීමට විශාල දේවල් කිරීමට අවශ්‍ය බව අපි සිතමු, නමුත් එය එසේ නොවේ. කුඩා ඉරියව්වකින් අන් අය මෙන්ම අපට ද සතුටු විය හැක.

ස්තුති කරන්න - යමෙකු අප වෙනුවෙන් කැප කරන කුඩා දෙයකදී වුවද ඔබ ස්තුති කරන්නට ඉගෙනගත යුතුයි. පුරුදු විය යුතුයි. එය ඔබව කාරුණික කරයි, ඔබට වඩා හොඳ හැඟීමක් ඇති කරයි, සහ ඔබට සතුට ලබා දෙනු ඇත.

සවන් දෙන්න - කෙනෙකුට සවන් දීම සඳහා යම් කාලයක් කැප කරන්නට පුළුවන් වීම අනෙකා සතුටු කිරීම සඳහා හොඳම ක්‍රමයක්. අප සමඟ කතා කරන පුද්ගලයා තේරුම් ගැනීමට, අවශ්‍ය විටෙක උපදෙස් දීමට, ඔවුන්ගේ ගැටලු තේරුම් ගැනීමට සවන්දීම අතිශය වැදගත්. නමුත් ඔබ විනිශ්චය නොකර අවංකව සවන් දිය යුතුය. ඔබට කෙනෙකුගේ පැත්තේ සිටීමෙන්, ඔවුන්ට සැබැවින්ම සවන් දීමෙන්, උපකාර කිරීම සහ සහාය දීමෙන් යමෙකු සතුටු කළ හැකිය.

සම්බන්ධව සිටින්න - වර්තමානයේ අන් අය සමඟ සන්නිවේදනය කිරීම ඉතා පහසුය. වෙනත් කෙනෙකු සතුටු කිරීමට නූතන මාධ්‍ය භාවිත කළ හැකිය. යමෙකුට සනීපදැයි ඇසීමට, ඔහුට ආචාර කිරීමට සහ ඔහුගේ ජීවිතයේ පුවත් පිළිබඳව අපව දැනුවත් කිරීමට සරල දුරකථන ඇමතුමක් ලබා දෙන්නේ නම් නිසැකවම ඔහුගේ සතුට වැඩි කරයි.

දීම - එය විශේෂ අවස්ථාවක් විය යුතු නැත. සරලව, ඔබ ආදරය කරන කෙනෙකුට ඔබව මතක් කරන දෙයක් දුන් විට ඔවුන් එයට කැමති වනු ඇත. එය ඔවුන්ට දෙන්න! ඔහු හෝ ඇය ඔබට කෘතඥ වනු ඇත, ඔහු හෝ ඇය ඔබට වැදගත් වන අතර ඉතා සතුටු වනු ඇත. හොඳ තෑග්ගක් සෑමවිටම අවංක හා පරාර්ථකාමීය.

බෙදාගැනීමට - වෙනත් කෙනෙකු සමඟ බෙදාගත හැකි දෙයක් ඇත්නම්, එය කරන්න! යමක් අවශ්‍ය කෙනෙකු සමඟ බෙදාගැනීම තරම් ප්‍රසාදජනක හැඟීමක් තවත් නැත.