2019 ජනවාරි 05 වන සෙනසුරාදා

තරුණ මන්ත්‍රීන්ටත් තනතුරු ඕනෑ - එ.ජා.ප. මන්ත්‍රී මුජිබර් රහමන්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

I දේශපාලන වාර්තාකරු

ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ දක්ෂතා සැළකිල්ලට ගෙන රජයේ තනතුරු ලබාදිය යුතු බව කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් මහතා දේශයට පැවසීය. එවන් තරුණ මන්ත්‍රීන්ට සාධාරණය ඉටුවනතුරු තමන් හඬ නගන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එ.ජා.පයේ ප්‍රතිපත්ති අනුව ඇමැති තනතුරු ඇතුළු නිලතල ලබාදීමේදී මුල්වරට තේරී පත්වූ මන්ත්‍රීන්ට දෙවැනි තැන ලබාදීම සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන් අසතුටෙන් සිටින බව ද හෙතෙම පැවසීය. ඒ සඳහා දිගටම සටන් කරන බව කී මන්ත්‍රීවරයා මෙම අභ්‍යන්තර සටන පක්ෂය යහමගට ගැනීම සඳහා කරන්නක් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.