2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

විදෙස් මුදල් අාපසු අැදීම අඩුවෙයි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 188

I යසවර්ධන රුද්රිගු

පසුගිය කාලයේ දිගටම සිදුවූ රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ අරමුදල් ඉවත්කර ගැනීමේ ප්‍රවණතාව මේ වනවිට අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මෙයට හේතුව පසුගිය දෙසැම්බර් මස දෙවැනි සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව බව කියැවේ. අනතුරුව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර වීම හේතුවෙන් යළිත් විදේශ ආයෝජන වර්ධනය වී ඇත.

පසුගිය දෙසැම්බර් මස 12 සහ 19 දක්වා වූ සතිය තුළ ආයෝජකයන් ඉවත්කරගෙන තිබූ මුළු විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 670 දක්වා අඩුවී තිබේ. 12 වැනිදා තිබූ ආයෝජනවල වටිනාකම මිලියන 176110ක් වූ අතර 19 වැනිදා වනවිට මිලියන 175,440ක් විය.

මෙම ආපසු ගැනීම් නොවැම්බර් සහ දෙසැම්බර් මාසයේ මුල් සතිය වනවිට තිබුණේ ඉහළ මට්ටමකය. දෙසැම්බර් 5 සහ 12 අතර සතිය තුළ පමණක් රජයේ සුරුකුම්පත්වල තිබූ වටිනාකමෙන් මිලියන 4838ක් වූ ආයෝජන ඉවත් කර ගෙන තිබුණි. නොවැම්බර් 21 සිට 28 දක්වා කාලය තුළ පමණක් මිලියන 5185ක් එසේ ආපසු ලබාගෙන තිබිණි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00