2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

මුදල් ලේකම් නැතිව වැඩ හබක්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 164

I සංජීවිකා සමරතුංග

මුදල් අමාත්‍යංශයට (මහා භාණ්ඩාගාරයට) මේ දක්වා ලේකම්වරයකු පත් නොකිරීම නිසා රජයේ බොහෝ ආර්ථික තීරණ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරූ කාලයේ මුදල් අමාත්‍යංශ ලේකම් පදවිය දැරුවේ එස්.ආර්. ආටිගල මහතාය. ඔහු දිගු කලක් මුදල් අමාත්‍යංශ නියෝජ්‍ය ලේකම් ධුරය දැරීය. නව රජය පත්වීමත් සමඟ ආටිගල මහතා එම තනතුරින් ඉවත්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස වැඩ බාරගත්තේය. එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නැවතත් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට පත් කෙරෙනු ඇතැයි සඳහන් වුවත් ජනාධිපතිවරයා විසින් මෙතෙක් එම පත්වීම සිදුකර නැත.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00