2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

බොර තෙල් මිල යළි ඉහළම

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

I ව්‍යාපාරික වාර්තාකරු

සෞදි අරාබි රජය සිය දෛනික තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීන්දු කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලගණන් නැවතත් ඉහළ යන්නට පටන්ගෙන තිබේ.

ඔපෙක් සංවිධානයේ (තෙල් නිපදවන රටවල සංවිධානයේ) තීරණවලට එරෙහිව යමින් සෞදි අරාබිය ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් පසුගිය බදාදා සිට බොරතෙල් මිලගණන් ඉහළ යාමට පටන් ගත්තේය. පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් 50කට පමණ මිල නියමවී තිබූ (බ්‍රෙන්ට්) වර්ගයේ ඉන්ධන බැරලය පසුගිය සිකුරාදා වනවිට අමෙරිකානු ඩොලර් 55 සීමාවට පැමිණ තිබිණි.

සෞදි අරාබි රාජ්‍යය ලොව ප්‍රධානම බොරතෙල් නිෂ්පාදකයා ලෙස සැලකෙයි. එරට තෙල් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම හා අඩුකිරීම ලෝක ඉන්ධන මිල තීන්දු කිරීමේ ප්‍රධානම සාධකයයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00