2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ ස්කොට්ලන්ඩ්යාර්ඩ් යයි

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 218

I ආරක්ෂක වාර්තාකරු

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළ පරීක්ෂණ බ්‍රිතාන්‍යයේ (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) පොලීසියට පැවරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත.

ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ගැන පසුගියදා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

මේ ගැන තොරතුරු හෙළිදරව් කළ නාමල් කුමාරගේ හඬපට මෙන්ම මූලික පරීක්ෂණ වාර්තාද (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) පොලීසියට යැවෙනු ඇති අතර අනතුරුව ස්කොට්ලන්ඩ්යාර්ඩ් පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ  සිදුකරනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00