දේශපාලන වාර්තාකරු I
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මැතිසබය විසුරුවා හැරීමට අදාළ ගැසට්ටුව අහෝසි කිරීමෙන් පැය කිහිපයකට පසු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව විනාඩි 10කට පමණ සීමාවූ බව පැවසේ. එහිදී අග්‍රාමාත්‍ය ධුරය පිරවීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා කරුණු දක්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අද හෙටම අග්‍රාමාත්‍යධුරය ගැන තීන්දුවක් ගනු ඇති බවය. එහෙත් ජනපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම ගැන කිසිවක් සඳහන් කර නැත. කෙසේ හෝ ඉන් අනතුරුව කතානායක කරු ජයසූරිය හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.