2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මන්ත්‍රී කරණම් පෝලිමක්

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

දේශපාලන වාර්තාකරු I

නැවතත් දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සිදුවිය හැකි බවට සිකුරාදා දහවල් ආරංචි පැතිර යමින් තිබිණි. පසුගිය එ.ජ.නි.ස ආණ්ඩුවේ සේවය කළ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු එ.ජා.පයට එක්වීමට නියමිත යැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

එසේම ළඟදී එ.ජා.පයට එක්වූ ශ්‍රී.ල.නි.පයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු නැවතත් එ.ජ.නි.සයට එක්වීමට සූදානම් වෙමින් සිටින බවද කියැවිණි.එ.ජ.නි.ස හා එ.ජා.ප දෙපක්ෂයම තම තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම්වල සංඛ්‍යාව වැඩිකර ගැනීමට සූදානමින් සාකච්ඡා ආරම්භ කර තිබේ. අප වෙත ලැබී තිබෙන ආරංචි අනුව එ.ජා.පයට යාමට නියමිත බව කියන එ.ජ.නි.ස මන්ත්‍රීන් නියෝජනය කරන්නේ අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ ජාතික ලැයිස්තුවය. එ.ජා.පයෙන් එ.ජ.නි.සයට පැමිණීමට නියමිත යැයි කියන මන්ත්‍රීන් දෙදෙනාගෙන් එක් අයෙක් ගාලු දිස්ත්‍රික්කයත් අනෙක් තැනැත්තා ජාතික ලැයිස්තුවත්නි යෝජනය කරන බව සඳහන්ය.