2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

මහ ඡන්දෙකට වැඩ අරඹනවා - මහින්ද රාජපක්ෂ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 263

I දේශපාලන වාර්තාකරු

අධිකරණ තීන්දුව කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

දිවයිනේ සියලු පළාත් වෙනුවෙන් පත්කර සිටින නව ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් මාර්ගයෙන් අදාළ සංවිධාන කටයුතු ආරම්භ කෙරේ. පුරප්පාඩු ආසන සඳහා සංවිධායකයන්ද පත් කෙරේ.

මෙම සංවිධාන කටයුතු සිදුකෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හිතවත් පක්ෂ සමඟ එක්වී පුළුල් සන්ධානයක් ගොඩනැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.