ගයාන් ගාල්ලගේ I
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට තමන් එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දේශයට පැවසූහ.
පැවති රාජපක්ෂ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් නොවුනත් එය යහපාලන ආණ්ඩුවට වඩා හොඳයැයිද උන්වහන්සේ සඳහන් කළහ.
විදේශ රටවලට ජාතික සම්පත් විකුණමින්, විදේශීය ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට විදේශයන්ගේ අතකොලුවක් බවට පත් කිරීම සඳහා යහපාලන රජය ගත් උත්සාහය ජනාධිපතිවරයා මැදිහත්ව පරාජය කිරීම සම්බන්ධයෙන් තමා එකඟ වන බවද ඒ හිමියන් කීය.
රාජපක්ෂවරු ජනතාව විසින් තවමත් ඉල්ලනු ලබන්නේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය නිසා බවත් පසුගිය වැරදි සාදාගෙන නැවත නිවැරදි වීමට රාජපක්ෂවරුන්ට අවස්ථාවක් ලැබී ඇති බවද රතන හිමියන් පැවසූහ.