2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

මුදල් අමාත්‍යාංශ ලොක්කෝ නීතිපති හමුවට

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

I සංජීවිකා සමරතුංග

2019 ජනවාරි මාසය වනවිට අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් සම්මත වී නොතිබුණොත් රජයේ වියදම් පියවා ගන්නේ කවර නීතියක් යටතේදැයි නීතිපතිවරයාගෙන් විමසීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් දේශයට ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ ජනවාරි මස මැදදී කල් පිරෙන බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල මුදල් පියවීමට ඒවා නිකුත් කරන මොහොතේ පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබෙන බැවින් ඊට බාධාවක් නැති බවය.

එහෙත් ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් හා වෙනත් පුනරාවර්තන වියදම් පියවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන කවරේදැයි විමසීම මුදල් අමාත්‍යංශයේ අරමුණ බව සඳහන්ය. 1982 සම්මත කර ඇති විශේෂ ණය විධි විධාන පනත මගින් සැලසෙන ප්‍රතිපාදන ඊට ප්‍රමාණවත්ද යන්න ගැන විශේෂයෙන් නීතිපති උපදෙස් අපේක්ෂා කරන්නේ යැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.