2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

සහල්-පොල් පොල්තෙල් මාර ගණන්ලු!

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109


 

I හසිත් අංජන

විවෘත වෙළෙඳපොළේ හාල්, පොල්, පොල්තෙල් මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩනයට පත්ව සිටින බව දේශය පුවත්පත විසින් කළ වෙළෙඳපොළ සමීක්ෂණයකදී අනාවරණය විය.
කොටුව, පිටකොටුව, නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය සහ තදාසන්න සිල්ලර වෙළෙඳසල් වලින් මිල ගණන් විමසීකමකදී මෙකී ද්‍රව්‍යවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දැනගන්නට ලැබිණි. 

අපගේ නිරීක්ෂණයන්ට අනුව පහුගිය කාලයේ රුපියල් 60ත් 65ත් අතර වූ නාඩුහාල් කිලෝවක් දැන් රැපියල් 87-90ත් අතර මිලකට අලෙවි කෙරේ. මීට පෙර රුපියල් 80කට අලෙවි වූ සාමාන්‍ය සම්බා කිලෝවක් මේ දිනවල අලෙවි වන්නේ රුපියල් 95කට පමණය.

සුදු කැකුළු කිලෝවක් මෙයට පෙර රුපියල් 85ක් වූ අතර දැන් එහි මිල දැක්වෙන්නේ රුපියල් 95ක් ලෙසිනි.  අප විසින් කරන ලද විමසීම්වලදී මේ වනවිට පොල් ගෙඩියක මිල රැපියල් 70-75ත් අතර බව අනාවරණය විය. එය මීට පෙර පැවතියේ රුපියල් 50 පමණ මට්ටමේය. මෙම පොල් හිඟයට හේතුව දැඩි නියඟය බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේ රුපියල් 180ත් 185ත් අතර පැවති පොල්තෙල් බෝතලයක් මේ වනවිට රුපියල් 250කට අධික මිලකට අලෙවි වන බව සඳහන්ය.