2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පොලිස්පතිගේ සී.අයි.ඩී. ප්‍රකාශය ජනපතිට

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

ගයාන් ගාල්ලගේ I

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ලබාදුන් ප්‍රකාශයෙහි වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට රහස් පොලීසිය තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාට වර්තමානයේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස එම ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයා දෙවැනි වරටත් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව එම වාර්තාව සැකසීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ ප්‍රකාශය තුළ ගැටලු රැසකට පිළිතුරු සහ පුද්ගල නම් සඳහන් බවද වාර්තා වේ.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00