I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා හිතවාදීන් විසින් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් සංවිධානයක් බිහිකිරීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට හිතවත් ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් සහභාගි වී සිටින බව දැනගන්නට ඇත.
ශ්‍රී ල.නි.ප.ය හා පොහොට්ටුව අතර එකඟතාව අනුමත නොකරන චන්ද්‍රිකා හිතවාදීන් මෙම සති අන්තයේ හෝ ඉදිරි දින කිහිපය තුළ කොළඹට රැස්වී නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ අදහස නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.