I දේශපාලන වාර්තාකරු
මැතිසබය හදිසියේ විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව විභාග කරන විනිසුරු මඬුල්ල ලබන 30 සිකුරාදා පත්කෙරෙනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග කියයි.
මෙම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්ව ගණනාවක් අගවිනිසුරුගෙන් මෙයට පෙර ඉල්ලීමක් කර තිබිණි.
ඒ පිළිබඳව අගවිනිසුරු විසින් ගනු ලබන තීරණය අනුව ලබන සිකුරාදා නඩුව විභාගය සඳහා වන විනිසුරු මඬුල්ල පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.
කෙසේ හෝ මෙම නඩුවට අදාළ පෙත්සම් විභාගය දෙසැම්බර් මස 04-05 සහ 06 දිනවල විභාග කිරීමට දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.