2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මේක තුවක්කු නැති කුමන්ත්‍රණයක් - කථානායක කරු ජයසූරිය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 483

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහකොට හිටපු නායකයකු බලයට පත් කරනු ලැබීම තුවක්කු නැති කුමන්ත්‍රණයක්යැයි කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් පහකොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබීමේ බල පෙරළියේ කරු ජයසූරිය මහතාද ප්‍රධාන චරිතයකි.

“මේ සිදුවීම් සියල්ල විස්තර කළ හැක්කේ යුද ටැංකි සහ තුවක්කු රහිතව සිදුකළ කුමන්ත්‍රණයක් වශයෙන් පමණයි”

යනුවෙන් පසුගිය 05 වැනිදා තානාපතිවරුන් සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වෙත කරැ ජයසූරිය මහතා නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන් විය. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අදහස වන්නේ අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීම ව්‍යවස්ථානුකූල නොවන ක්‍රියාවක් බව යැයිද සඳහන් කළ කථානායකවරයා නව රජයට සහාය ලබාගැනීම සඳහා ඇතැමුන්ට අල්ලස් සහ අමාත්‍ය පදවි ලබාදී ඇති බවද කියයි.